MENU

The Rain [S01 : E03] | භයානක නගරය….

ඔන්න එහෙනම් තුන්වැනි කොටස එකක් තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු.

කලින් කොටස –

හොඳයි එහෙනම් මෙතෙක් කතාව අමතක නැතුව ඇති කියල හිතනවා, පහුගිය කොටස ප්‍රධන වශයෙන් ගෙවිලා ගියේ සිමෝනා ඇතුළු පිරිස කෑම හොයාගෙන් අනික් බංකර් එක වෙත ගිය ගමනත් එකක්. මේ ගමන ඇතුලේ ඔවුන් මාර්ටින් ඇතුළු අලුත් යහළුවන් පිරිසත් හඳුනා ගත්ත, මාර්ටින් හොඳ හිතක් තිබුණ කෙනෙක් වුනත් තමුන්ගේ කණ්ඩායම වෙනුවෙන් මනුස්ස ජිවිතයක් තඹයකටවත් මායිම් නොකරන බව දකින්න ලැබෙන්න ඇති නෙව. ඒ වගේමයි අක්ක මලෝ දෙන්නට බංකරයෙන් පිට ලෝකය කොහොම වෙනස් වෙලාද කියන එක හොඳින්ම දැකගන්න ලැබුනා ඒ සුළු කාලය තුල ඔවුන් අත්දැක්ක ඝාතන නිසාවෙන්. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට තවත් පිරිසක් දිවි බේරාගෙන ඉන්න බව පසක් වුනා අර දිවි බේරාගත්තවුන් දඩයම් කරන දෙන්න දැකීමෙන්….

කොහොමෙන් කොහොම හරි අලුත් බංකර් එක වෙත ගිය අපේ කතා නායකයන් දෙන්නා නොහිතු ලෙස ඒ වෙත ඇතුල් වෙන්නත් අවසර ලැබුණ හැටි දකින්න ඇති. ඒ බංකර් එක බොහොම හොඳ තත්වයේ තිබ්බ වගේම කෑමත් ඇති පදමට ඒ තුල ගබඩා වෙලා තිබ්බ මුළු කණ්ඩායමම සතුටු වෙන්න. නමුත් මේ ඔක්කොම එකක් සිමෝනා තමුන්ගේ පියා මේ ස්ථානයේ හිටිය බවට සාක්ෂියක් හොයාගත් හැටිත් මතක ඇති කියල හිතනවා. ඒ සාක්ෂිය වුනේ ඔහුගේ දුරකතනය… ඒ තුල තිබූ වීඩියෝ දර්ශනයක් නිසාවෙන් ආයෙත් ඇපලෝන් සමාගමේ මේ මහා විනාශයට යම් සම්බන්ධයක් තියන බව ඔප්පු වුනා, ඒ වගේම සිමෝනාට පියා කිව්ව දෙය ආයෙත් ඔප්පු වුනා… කතාව අවසාන වුනේ අක්ක මලෝ පියා හොයාගෙන ස්වීඩනයට යන්න තීරණය කිරීමෙන්….

ඔහොම තමයි දෙවැනි කොටස අවසාන වුනේ, මේ වෙනකොට අපි කරුණු කාරණා කිහිපයක් දැනගන්නට සමත් වෙනවා…

ඇදහැලෙන වර්ෂාව බොහොම විසකුරුයි, තෙමුනොත් ඉරණම මරණය වන බව.
සිමෝනාගේ පියා වැඩ කරන ඇපලෝන් ආයතනය ලෝක විනාශයට යම් තරමකට දායක වෙලා තියනවා. ඒ පිළිබඳ තවමත් අපිට හරි අදහසක් නැහැ.
ඔවුන්ගේ බංකර් එක වගේ තවත් බංකර් රට පුරා පැතිර තිබෙන බව.
සිමෝනාගේ පියාට විතරයි මේ විනාශයෙන් ලෝකය බේරාගන්නට පුළුවන්.
රස්මුස් තමයි මේ සියල්ලෙන් මිනිසුන් බේරා ගැනීමේ යතුර.
ලෝකයම විනාශ වී වල්වැදි ඇති බව.
ලෝකයේ පණ බේරාගත් තවත් මිනිසුන් සිටිනා බව.
මාර්ටින්ගේ අතීතය.
ආහාර සහ සියලුම අංගයන්ගෙන් සම්පුර්ණ තවමත් හරි හැටි භාවිතා නොවූ බංකර් ආසන්නයේ ඇති බව.
සිනෝමාගේ පියා කෙසේ හෝ තවත් බංකර් එකක් වෙත පැමිණ ඇති බව.
පියා ස්වීඩනයට යන්නට ඇති බව
ඉතින් මේ කරුණු හිත දරාගෙන දෙවැනි කොටස තුල සිද්ධ වෙන දෙය ගැන පොඩ්ඩක් කතා කරමු….

අද කොටස –

මේ කොටස ආරම්භ වෙනකොටම අක්ක මලෝ සුදානම් වෙනවා ඔවුන්ගේ පියා සොයා යන්නට. නමුත් පීටර් සුදානම් නැහැ ඔවුන් එකක් එක්කාසු වෙන්නට… ඉතින් තනිවම පිටත් වෙන මේ දෙන්නා ගැන දැනගත් බියට්‍රිස් ඇතුළු පිරිසත් ඔවුන් හා එක්කාසු වෙනවා ගරා වැටුණ නගරයේ දී…. නමුත් මේ නගරයේ අත්දැකීම නම් ඔවුන්ට සුන්දර එකක් වුනේ නැහැ… අනිකුත් දිවිගලවා ගත මිනිසුන් හැසිරෙන හැටි දැක්කම අද ඔබට එය පසක් වේවි… ඒ වගේමයි කොහොම නමුත් පීටර් අවසානයේ මොවුන් සොයා එනවා…. ඒ වගේම ඔවුන් තමුන් සතු යමක් ප්‍රයෝජනවත් ලෙස යොදාගති හැකි මගක් සොයා ගන්නටත් සමත් වෙනවා… අද කොටස ඇතුලේ ඔබට බියට්‍රිස් ගැන අමුතු දේ දැකගත හැකි වේවි… මොකක් හෝ හේතුවක් නිසා ඇය බොහොම අමුතු චිරිතයක් වෙන බවක් තමයි දකින්නට තියෙන්නෙ….

ඉතින් මේ නගරයේ ජීවිතය කොහොම වේවි ද? ඔවුනට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වේවි ද? අක්ක, මලෝ මේකට කොහොම මුහුණ දෙනු ඇද්ද ? බ්‍රියටිස්ගේ භූමිකාව මොකද්ද ? ඔවුන්ගේ අතීතය කොහොම එකක් ද? පීටර් ක්‍රියාත්මක කර ගැනීමට සමත් වුන උපාංගය මොකද්ද ? මේ සියල්ල අද කොටසින් ඔබට දැකගත හැකි වේවි…

අද කොටස බලන ඔබට අර මම කිව්ව YA කතාව හොඳින් පැහැදිලි වේවි, කොයිතරම් ලෝකය විනාස වුනත් තරුණ පිරිස විනෝදයෙන් ඒ ලෝකය තුල සැරිසරන හැටි දැක්කම… ඉතින් එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | XviD | 2.7GB | Complete S01 |

6276c5ff15299452976df2032e206af744587427

Direct Download

| WEBRip | x264 | 480p | 139MB |

   

| WEBRip | x265 | 720p | 226MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *