MENU

The Son of Kong (1933) | කින් කොන්ග් ගේ පොඩි එකා

මේ ලෝක ඉතිහාසයේ කින්ග් කොංග් ගැන සදහන් වෙන දෙවන වතාව , එකම අව්රුද්දෙ මෙම ෆිල්ම් දෙකම නිෂ්පාදනය කරලා තියෙන්නේ . වර්තමානය වන විට කින්ග් කොන්ග් ගැන සදහන් ෆිල්ම් විශාල ප්‍රමාණයක් මෙන්ම , දැවැන්ත ගොරිල්ලෙකු ගැන සදහන් වෙන ෆිල්ම් විශාල ප්‍රමාණයක් නිර්මාණය වී අවසන් . එහෙනම් මේ ෆිල්ම් එක ගැන විස්තර ටිකක් බලමු . මේ මගේ 24 වන සිංහල උපසිරැසිය ! ඒ වගේම මේ ෆිල්ම් එක නරබනවා නම් King Kong (1933) මේ චිත්‍රපටය නරබන්න වෙනවා මෙය නැරබීමට පෙර.

සමහර අයට කුතුහලයක් එහෙම ඇතිනේ මෙච්චර පරණ ෆිල්ම් එකක ආදායම් වියදම් ගැන. ෆිල්ම් එක අද්‍යක්ෂනය කරලා තියෙන්නේ “Ernest B. Schoedsack”. නිෂ්පානය කරන්න වියදම් වෙලා තියෙන්නේ ඩොලර් $250,000 මුදලක් . ඒ වගේම ෆිල්ම් එක ලොව වටා ප්‍රදර්ශනයෙන් ඩොලර් $1,342,880 (ඩොලර් මිලියන 1.3) මුදලක් උපයගන්න පුළුවන් වෙලා තියෙනවා , ඒ කියන්නේ සාර්ථක ෆිල්ම් එකක්. ඊළගට වැදගත් චරිත කිහිපයක් බලමු.

කාර්ල් ඩේන්හැම් – හැමෝටම මේ චරිතේ මතක ඇතිනේ , ප්‍රධානම චරිතේ . ඒ වගේම මේ චිත්‍රපට දෙක පුරා ඔහුගේ චරිතය වෙන්නේ ගවේෂකයෙකුගේ චරිතය. ඔහුගේ ඇත්ත නම වෙන්නේ “Robert Armstrong”. ඔහු සම්මානනීය විශිෂ්ට නළුවෙක්. ඒ වගේම ඔහු November 20, 1890 මිචිගන් වල ඉපද , April 20, 1973 කැලිෆෝනියා වලදී මිය ගියා.

කපිතාන් එන්ගල්හොන් – කාර්ල් ඩේන්හැම් ගේ සියලුම ගවේෂණයන් සදහා යොදාගත්තේ “එන්ගල්හොන්” ගේ නැව . ඒ වගේම ඔහුත් අති විශාල චිත්‍රපට ප්‍රමාණයක රගපෑ දක්ෂ නළුවෙක්. ඔහුගේ ඇත්ත නම වෙන්නේ “Frank Reicher”. ඔහු December 2, 1875 මියුනිච්, ජර්මන් වල ඉපද January 19, 1965 කැලිෆෝනියාවලදී මිය යනවා.

King Kong (1933) – ලොව වටා ප්‍රදර්ශනය පටන් ගත්තේ , 7 April 1933.
The Son of Kong (1933) – ලොව වටා ප්‍රදර්ශනය පටන් ගත්තේ , 22 December 1933.

එහෙනම් අපි බලමු King Kong (1933) මේ ෆිල්ම් එකේ අන්තිමට මොකද උනේ කියන එක. මේ ෆිල්ම් දෙකම අව්රුදු 84ක් පරණ වෙනවා . කාර්ල් ඩේන්හැම් කින්ග් කොන්ග් ව නිව්යෝක් වලට ගෙනත් ප්‍රදර්ශනය කර කර ඉන්න අතර වාරයේ ඌ දන්වැල් කඩාගෙන පැනලා ගිහින් නගරය විනාශ කරලා මිනිස්සු මරලා ලොකු විනාශයක් කරනවනේ. ඒ හැමදේටම වග කියන්න උනේ කාර්ල් ඩේන්හැම් ට. උසාවියෙන් නඩු වගේම දේපල වල අයිතිකරුවන් ඩේන්හැම් ගෙන් වන්දි ඉල්ලගෙන එනකොට ඩේන්හැම් නගරයෙන් පැනලා ගිහින් හැන්ගෙනවා. එතන ඉදන් තමා කතාව ගලාගෙන යන්නේ . මේකේ නැවත ගවේෂණයකට ඩේන්හැම් යනවා ඒ වගේම නිධානයක් හොයන්න මේ පාර යන්නේ. මේකේ තුන්වෙනි කොටසක් කියලා එකක් නැහැ. මේකෙන් ෆිල්ම් දෙක ඉවර වෙනවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | ETRG | 530MB |

643e5557d34f109ada3a9af3a6d5f2c0936f9400

| BluRay | x264 | 1080p | ETRG | 1GB |

dcdd445d7acf089e3913ad2fb80815ecd19ed3e3

 Direct Download

| BluRay | x264 | 1080p | ETRG | 1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *