MENU

The Star (2017) With Sinhala Subtitles | බෝ සහ ජීසස්…!

ඉතිං කොහොමද යාළුවනේ, ඔන්න ඉතිං අරගෙන ආවා තවත් ඉහළ මට්ටමේ සජීවීකරණ සිනමා සිත්තමක්… හදිස්සි විභාගයකට ලෑස්ති වෙන්න වුණු නිසා බාර අරන් සතියක් ගියා වැඩේ ඉවර කරගන්න.. හරි මතක ඇතිනෙ මම මීට කලින් The Missing Lynx කියල බයිස්කෝප් එකකුයි, Sheep and Wolves කියල බයිස්කෝප් එකකුයි අරගෙන ආව. (Sheep and Wolves චිත්‍රපටියෙ තිබුණු උපසිරැසි දෝෂය නිවැරදි කරල තියෙන්නෙ දැන්…) ඉතිං මේකත් ඒව වගේම ලස්සන කතාවක් මත පදනම් වුණු තවත් සිනමා පටයක්.. බලන්නම වටිනව.. බැලුවට පාඩු නෑ….

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො… අපි හැමෝම දන්නවනෙ අපේ කතෝලික යාළුවන්ගෙ ශාස්තෘන් වහන්සේ තමයි ජේසුස් වහන්සේ කියන්නෙ.. මේකෙන් කියවෙන්නෙ ජේසු බිළින්දාගේ උපත සිදුවෙන්න කලින් එතුමාගේ මව මරියතුමිය සහ පියා ජෝශප්, ජේසු බිළින්දා බිහි කරන්න බෙත්ලෙහෙමට යන අතරතුර, අනාවැකියක් නිසා හෙරඩ් රජු මේ තුන් දෙනාව මරන්න එවන දඩයක්කාරයෙක්ගෙන් ජේසු බිළින්දාව බේර ගන්න අප්‍රමාණ දුක් විඳින බූරු පැටියෙක් සහ යහළුවන් පිරිසක් දරණ වෙහෙස ගැන කියවෙන කතාවක්… බෝ, ඩේව්, රූත් කියන මේ බූරු පැටිය, කුරුල්ලා, සහ බැටළු පැටිය යන මේ පිරිසට, මේ තත්වය පාලනය කර ගන්න පුදුම වෙහෙසක් දරන්න වෙන්නෙ, මිනිස්සුන්ට සත්තු කියන්න උත්සාහ කරන දේවල් තේරෙන්නෙ නැති නිසා.. මේකෙ අපි දන්න කතාවෙම වෙනස් පැතිකඩක් ගැන කියවෙනව.. අපි අහල තියෙන විදියට සාමාන්‍ය කතාව මරියතුමිය බෙත්ලෙහෙමෙදි ජේසු බිළින්දා බිහි කරනව කියලනෙ… ඒක හරි.. ඒත් අපි දැනගෙන හිටියෙ නෑනෙ බූරු පැටියෙක් ජේසු බිළින්දගෙ ජීවිතය බේර ගන්න සියදිවි පරදුවට තියල කැපකිරීමක් කරපු කතාවක්… මේ අන්න ඒ අපි නොදන්න කතාව….

Animation, Adventure, Comedy කාණ්ඩයන් යටතේ වර්ගීකර්ණය කරල තියෙන මේ සිනමා කෘතියට IMDb අගය 5.8/10 විදියට තමයි සටහන් වෙලා තියෙන්නෙ.. නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 20ක් කියල සටහන් වෙනව.. Box office වාර්ථාවට අනුව ඇමරිකාවෙ සහ කැනඩාවෙදි විතරක් මේක ඩොලර් මිලියන 40.9ක් උපයල තියෙනව.. ඒ වගේම තමයි Heartland Film Festival (2017) සම්මාන උළෙලේදී Truly Moving Picture Award සම්මානයත් දිනාගෙන තියෙනව.. තව Golden Globes – USA (2018), Annie Awards (2018), Guild of Music Supervisors Awards (2018) සම්මාන වලට නිර්දේෂ වෙලත් තියෙනව.. ඔන්න එහෙනම් මේකත් බලන්න කියල ආරාධනා කරනව.. තව සබ් එකකින් හමුවෙනකල්, බයිස්කෝප්වාසීන්ට ජය වේවා….!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම  ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 750MB | 

610FEB442B0A28ECD79BB2D51A54E82A8191D796

Direct Download

| Bluray | x264 | 480p | 358MB |

  

| Bluray | x264 | 720p | 730MB |

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *