MENU

The Walking Dead [S08 : 15] | අවසානයක ඇරඹුම!

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ පාලොස්වැනි එපිසෝඩ් එක එක.. මේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. ? ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න කැමැත්තක් තිබ්බත් වැඩි විස්වාසයක් නැහැ ඊළඟ කතා සමය අරගෙන එන්න ඉඩ ලැබෙයිද කියල. මේ අවුරුද්දේ අන්තිම කාලේ උපසිරසිකරණයෙන් ඈත් වෙන්න තමා හිතාගෙන ඉන්නේ නම්. බලමු ඉතිං කොහොම උනත්. මේ වෙනකම් මාත් එක්ක රැඳී හිටිය හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. සීසන් 8 එකේ එපිසෝඩ් 14 ඒ කියන්නේ ගිය සුමානේ කතාංගය වෙනකම් මම කරපු උපසිරසි සියල්ලම සඳහා එක දිගට අදහස් දක්වපු කිහිප දෙනෙක් ඉන්නව ඒ අයට විශේෂයෙන්ම බොහොම ස්තුතියි. ඒ වගේම කියන්න ඕන මේ කතා සමය පටන්ගන්නකොට කිව්වේ මට කරන්න වෙන්නේ නැහැ කියල දිගටම නමුත් ඔන්න සමීර කරුණාරත්න චාමර සම්පත් සහ සුධීර මාලන් තුන්දෙනාගේ උදව් ඇතුව අද අවසාන කතාංගය අරගෙන එනවා. ලබන කතා සමය නම් ඉතිං ඕන්න සුවර්ම නැහැ. අලුත් කෙනෙක් හොයාගන්න වෙයි වගේ මේ යන තත්වේ අනුව නම්. එහෙනම් මතක් කරගමු සීසන් 8 එක පුරාවට මොකෝ උනේ කියල ටිකක්.

කථාව පටන්ගන්නේ. රික් නිගන්ට එරෙහිව නැවත සංවිධානාත්මකව නැගී සිටීමත් එක්ක. ඒ සඳහා මැගී ප්‍රමුඛ හිල්ටොප්. එසිකිල් රජුගේ කින්ඩම් සහ රික්ගේ ඇලෙක්සැන්ඩ්‍රියාව එකතු වෙනවා. ඒ වගේම ආයුධ දීලා කුනුගොඩක ඉන්න ජනතාවකුත් එක්කාසුකරගන්නවා රික්. කොහොමහරි හැම දේම සැලසුමට අනුව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එක පාරටම වැඩේ ටිකක් එහෙ මෙහෙ වෙලා කට්ටියගෙම සැලසුම අපහු එයාලටම හැරෙන්න ගන්නවා. ඉතිං ඒ අතරේ කණ්ඩායමේ ලඟම අය දෙතුන් දෙනෙක් අහිමි වෙනවා. රික් සහ නිගන් කණ්ඩායම් දෙකෙන් දෙපැත්තටම සම සම වශයෙන් හානි වෙච්ච කතා සමයක් තමා ගෙවුනේ. තවම හරියටම කියන්න බැහැ දරුණුම හානිය කාට වෙයිද ? සීසන් 9 වලින් කතාව සමාප්ත වෙයිද ? ඉතිං එහෙමනම් පමාවට සමාව ඉල්ලමින් මම සමුගන්නවා. සැමටම ජය හා සතුට.. ?

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 470MB |

8543AC1F905954E0EC0F8E487646601C9F9F41CF

Direct Download

| HDTV | x264 | SVA | 470MB |

          

| HDTV | x265 | 720p | 390MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “The Walking Dead [S08 : 15] | අවසානයක ඇරඹුම!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *