MENU

The Walking Dead [S08 : 16] | එයාව බේරන්න!

මල කෙලියයි ජුලි හතයි කියාල්ලකෝ, තව එපියක් තිබිල නොවැ.  ගිය සුමානේ කිව්වේ අන්තිම එපිය කියලනේ ඒත් ඉවරයි කිව්වට ඉවරටම ඉවර වෙලා නෑ තව එපියක් තිබිලා. ඔන්න එහෙනම් අදවත් මට නිදහස් වෙන්න දිහල්ලා… ?

නිගන් ආයෙත් වතාවක් ඔන්න එහෙනම් ගේම ගැහුවා. ඩ්වයිට් ඩබල් ක්‍රොස් කරපු එක නිගන් ත්‍රිබල් ක්‍රොස් කළා වගේ නිකම්. ආයේ මොනාද සොට් එක හම්බුනා බාගෙට බාගයකටම. අන්තිමේ ඩ්වයිට්ව නොමරා පණපිටින් තියාගන්නවා. රික්ව නිගන්ගේ උගුලට ඩ්වයිට් මාර්ගයෙන් අහුකරගන්නයි හදන්නේ දැන්. ඉතිං නිගන්ගේ කඳවුර ඇතුලේ බල අරගලයක් වෙච්ච නිසා දැන් දුර්වලතාවයක් තියෙනව. ඒ වගේම මුහුද ළඟ ගැහැණු පමණක් ඉන්න කඳවුරේ සහයෝගයත් රික්ගේ පැත්තට ලැබෙන හැඩක් තිබ්බ ගිය සුමානේ එපිසෝඩ් එකේ. ඉතිං මේ ලිපිය ලියන මේ මොහොතේ. ඒ කියන්නේ 2018.04.15 වැනි ඉරිදා රාත්‍රියෙ  මම තවම එපිසෝඩ් එක බලල නැහැ. ඉතිං මේ නොබලා අනුමානයක් කරන්න පුළුවන් මෙහෙම.නිකම් ආතල් එකට වගේ. ?

– නිගන්ගේ උගුලට රික් අහුවෙනවා.
– ඊට පස්සේ නිගන්ගෙන් පහර කාල සැඟවිලා ඉන්න කාන්තා කණ්ඩායම ඇවිල්ල අන්තිම මොහොතේ රික්ව බේරාගන්නවා.
– මැගී අතින් නිගන් මියයන්න තියෙන ඉඩකඩ 60%
– කාන්තා කණ්ඩායම අතින් 20%
– රික් අතින් 10%
– ඩ්වයිට් අතින් 5%
– වෙනත් 5%

නිගන් මැරෙයි කියල තමයි බොහෝදුරට කියැවෙන්නේ ඒ නිසයි මගේ අනුමාන කිරීම ටිකක් කිව්වේ. කිසිසේත්ම ස්පොයිල් කිරීමක් නම් නෙමේ මොකද මමවත් තවම බලල නැති හින්දා. එහෙනම් ඉතිං දැන්වත් මට සැනසීමේ ඉන්න හැකියි. ගිහින් එන්නම් ආ. ඊළඟ සීසන් එක හොඳ බුලට් එකකට බාරදෙන්නම්. එහෙනම් සමුගන්න අවසරයි කොල්ලනේ. මෙතෙක්කල් වොකින් ඩේඩ් එක්ක රැඳී හිටිය හැම කෙනෙක්ටම නැවතත් බොහොම ස්තුතියි. අද ගෙදර නිසා ඉක්මනට සබ් එක ගේන්න පුළුවන් උනා එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා….!

 

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x265 | 720p | 369MB |

EBC0A459F86ADCC47BC91B51275C515C98E8F758

Direct Download

| HDTV | x264 | 480p | 260MB |

          

| HDTV | x265 | 720p | 370MB |       

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Walking Dead [S08 : 16] | එයාව බේරන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *