ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං ඊයෙ දවසෙ නිකුත් වුණු, TWD 10 කතා මාලාවේ තුන්වැනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. රාජකාරි කටයුතු එක්ක තිබුණු කාර්‍යබහුල වීමත් එක්ක, ඊයෙ දවසෙම මේක අරගෙන එන්න හැකියාවක් තිබුණෙ නෑ. රාජකාරි අතරෙ ලැබුණු විවේක වෙලාවල් වල තමා මේ සබ් එක කළේ. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. ඉදිරි සති කීපයේදිත් මේ වගේම පුංචි ප්‍රමාද වීමක් වෙන බව දැනුම් දෙන්න ඕනෙ. හරි එහෙනම් බලමු පහුගිය කතාංගයේ මොනවදවු ණේ කියල.
පහුගිය කොටසින්..
පහුගිය කතාංගය වෙන්වෙලා තිබුණෙ, තනිකරම ඇල්ෆා වෙනුවෙන්. ඇල්ෆා මේ වගේ ජීවිතයක් ආරම්භ කරන්නෙ කොහොමද? ඇල්ෆාට සහය වෙන්නෙ කවුද? ඇල්ෆා හංගගෙන ඉන්න රහස් මොනවද? වගේ කරුණු වලට ඒ කතාංගය හරහා පිළිතුරු ලැබුණ. මේ හේතු නිසා ඉදිරියේදී ඇල්ෆා එක්ක සටනෙදි මේ කරුණු වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම සැටලයිට් එක කඩාගෙන වැටිල, පැතිරිලා ගියපු ගින්න නිවන්න ජනපදවාසීන්ට සීමාව පනින්න වුණා. ඔන්න ඒකෙ ප්‍රතිඵල අද බලාගන්න පුළුවන්.
අද කතාංගයෙන්..
මම කලින් කිව්ව වගේ, කැරොල් කියන්නෙ හැප්පෙන්න හොඳ ජාතියේ ගෑණියෙක් නම් නෙවෙයි. ඇල්ෆා තාම ඇත්තටම කැරොල් කවුද කියල අඳුරගෙන නෑ. “රික්” නැති වුණාට පස්සෙ මම නම් ඇත්තටම මේ කතාව බලන්න හේතුවත් කැරොල් තමයි. කැරොල් කියන්නෙ, අහස පොළවවත් නොදැන ගේමක් ගහල එළියට එන්න පුළුවන් අමුතුම හයියක් තියෙන චරිතයක්. ඒ හයිය, ඩැරල් ලඟවත්, මිශෝන් ලඟවත් නෑ. කොහොමහරි ඔන්න අදත් ඒ වගේ ගේමක් යනව කැරොල්ගෙ. ඒ වගේම ඇල්ෆා ජනපදවාසීන්ට සෑහෙන දරුණු තර්ජනයක් එල්ල කරනව. මේ හේතු නිසා ඉදිරියේදී නොවැලැක්විය හැකි දරුණු අරගලයක ලක්ෂණ පහළ වෙනව. එහෙනම් ඊලඟ කතාංගය එක්ක නැවත හමුවෙමු. ජය වේවා!
ඉතිං ඔන්න පුංචි ප්‍රමාදයකුත් එක්ක, අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ දහවැනි කතා සමයේ, හතරවැනි කතාංගය. ඉතිං කාර්‍යබහුල වීමත් එක්ක ඉදිරි සති කීපය පුරාමත් මේ වගේ ප්‍රමාදවීම් වෙන්න පුළුවන් කියල කියන්න ඕනෙ ඉතිං. ලොකු ලිපියක් ලියන්න බෑ මේ වෙලාවෙ, සෑහෙම මහන්සි ගතියක් දැනෙන නිසා. ඉතිං කෙටියෙන් කියන්නම් මොකද්ද අද වෙන්නෙ කියල. ලිපිය කෙටි වෙන එක ගැන සමාවෙන්න ඕනෙ.
ඉතිං පහුගිය කතාංගය මතකනම් දැක්කනෙ ඇලෙක්සැන්ඩ්‍රියාවට මළවුන්ගෙන් දීර්ඝ ප්‍රහාරයක් එල්ල වුණා. ඒක පැහැදිලිවම ඉතිං ඇල්ෆාගෙ ප්‍රහාරයක්. ඒකට හේතුව මතක ඇතිනෙ. තුන් වතාවක් ඇල්ෆාගෙ සීමාව අතික්‍රමණය කිරීම තමයි වරද වුණේ. මේකට දඬුවම වුණේ ඇල්ෆා මිශෝන්ලගෙ සීමාව හරහා දඩබිම් අල්ලා ගැනීම. ඒ අතරෙ කැරොල් කරපු දේ දැක්කනෙ. ඇල්ෆගෙ සගයො තුන් දෙනෙක් මරල දැම්ම. ඉතිං අද වෙන්නෙ, ඇලෙක්සැන්ඩ්‍රියාවට එල්ල වුණු ප්‍රහාරයේ දෙවැනි පරිච්ඡේදය. හිල්ටොප් වලට එල්ල වෙන ප්‍රහාරය. ඒ මොකද්ද කියල මම කියන්නෙ නෑ. ඒ වගේම මේ ප්‍රහාරයේ තුන්වැනි පරිච්ඡේදය විදියට, ඕෂන්සයිඩ් වලට එල්ල වෙන ප්‍රහාරය ලබන සතියෙ බලාගන්න පුළුවන්. මොකක්දෝ හේතුවක් නිසා, මට හිතෙන ලබන සතියෙ කවුරුහරි කෙනෙක් මැරෙයි කියල. ශෝකාන්තයක් වේවි කියල. ඒ ලූක් වෙන්නත් පුළුවන්. බලමුකො නේද ලබන සතියෙම ඒ ගැන. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා..!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 479MB |
Direct Download
| WEB | x264 | 480p | 479MB |
4 thoughts on “The Walking Dead [S10 : E04] Sinhala Subtitles | නිහඬ ප්‍රහාර..!”
Enakal balan hitiye thanks bro weda raajakaari asse episodes tika denawata
4 Venice ake sub nane macho
4 subs wenuwata 3 subs thiyenne
Meke Sub eka thieyene E03 bn