ඔන්න ඉතින් මේ පාර නම් මම ගෙනාවේ ටිකක් අමුතු විදිහේ කතාවක්. මේ ෆිල්ම් එක අයිති වෙන්නේ #Thriller ගණයට උනත්, මේ ෆිල්ම් එක මේ Thriller කියන රාමුවෙන් එහා දෙයක් අපිට පෙන්නන්න උත්සාහ කරනවා. මේ ෆිල්ම් එක මම තෝරාගන්න ප්‍රධානම හේතුවක් වෙන්නේ ඒක. අපි මෙච්චර කල් බලලා තියෙන Thriller ෆිල්ම්ස් වල පෙන්නන්න්නේ කෙනෙක්ව මරණ, එහෙමත් නැත්නම් කෙනෙක්ව තුවාල කරන දර්ශනයක්. උදාහරණයක් විදිහට අපි හැමෝම බලලා තියෙන Wrong Turn Film එක අයත් වෙන්නේ මේ Thriller කියන ගණයට. මම හිතන්නේ Thriller කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක්ට නම් දැන් අවබෝධයක් එනවා ඇති. කොහොම හරි මම අද ගෙනාපු ෆිල්ම් එක තනිකරම දිවෙන්නේ ගණිතමය සංකල්පයක් මත. අන්න ඒකයි මම මේ කියන ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය. මම මේ ෆිල්ම් එක ඔයාලට සමීප කරවන්න ඕන නිසා මම පාවිච්චි කරපු නම තමයි “පෙර දුටු අනතුර” කියන්නේ. එත් මේ ෆිල්ම් එකේ ඇත්ත නම, ඒ කියන්නනේ Spanish නම තමයි EL Aviso කියන්නේ. ඒකෙ සරල තේරුම තමයි “අනතුරු ඇඟවීම ” කියන එක. හරි හරි. දැන් නම් වැඩිපුරත් එක්ක කතා කළා නේ.. අපි දැන් කතාව පැත්තට හැරෙමු…
මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතයේ නම තමයි ජෝන් කියන්නේ. ඉතින් මේ කතාවේ මුලිකව පාදක වෙලා තියෙන්නේ අවුරුදු 10කට පෙර සිදු වෙච්ච මිනි මැරුමක් ගැන සෝදිසි කිරීම. මේ මිනි මරුම ගැන ජෝන් සෝදිසි කරන්න පෙළඹෙන්නේ එයාගේ යාලුවට ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් වෙඩි තියපු නිසා. මේ අපරාධ රැල්ල ගැන හොයාගෙන යන ජෝන් ට, මහා පුදුමාකාර දෙයක් හම්බවෙනවා. ඒ තමා මේ ත්රස්තවාදියන්ගේ පහරදීමේ සංඛ්‍යා අනුක්‍රමණය. මේ ත්රස්තවාදීන් තමන් ගැන සැක නොහිතෙන විදිහට යම් කිසි ගණිතමය රටාවක් පාදක කරගෙන තමයි පහර දෙන්නේ. සරලව කිව්වොත් කාලෙන් කාලෙට තමයි මේ ත්‍රස්තවාදියන් සක්‍රිය වෙන්නේ. ජෝන් මේ ගණිතමය සංකල්පය ඉක්මනට අවබෝධ කරගන්නවා. හැබැයි එයා මේ ගැන එයාගේ යාලුවෝ හැමෝටම කිව්වත් එයාලා මේ ගැන වැඩිය තැකීමක් දක්වන්නේ නෑ. ඊට පස්සේ මොකද වුනේ කියලා නම් ඔන්න මම නම් දන්නේ නෑ. ඔයාටම තමා හොයාගන්න වෙන්නේ ෆිල්ම් එක බලලා. හැබැයි මේකත් හොඳට මතක තියා ගන්න. මේ ෆිල්ම් එක මටත් එක පාරක් බලපු ගමන් තේරුනේ නෑ. දෙපාරක්ම බලන්න වුනා. ඉතින් මම ඔයාලට කියන්නෙත්, සමහරවිට ඔයාට මේ ෆිල්ම් එකේ වෙන දේ තේරුනේ නැත්නම් ආයෙත් ෆිල්ම් එක බලලා තේරුම් ගන්න කියන එකයි. මොකද මේක තරමක් සංකීර්ණ ෆිල්ම් එකක්.
අන්න එකත් මේ ෆිල්ම් එක මම තෝරාගන්න තවත් එක හේතුවක්…
එහෙනම් දැන් අපි බලමු මේ ෆිල්ම් එක සාර්ථක කරගන්න දායක වුන නළු නිලියන් කවුද කියලා.. ඉතින් ඔයාලා දන්නවා ඇති මේක NETFILX Film එකක් නිසා Spain වල හොඳම නළු නිලියෝ දම්මලා තමා ෆිල්ම් එක රුගත කරලා තියෙන්නේ. ඉතින් එකත් මේ ෆිල්ම් එක මම තෝරාගන්න තවත් එක හේතුවක්..
Aura Garrido
Lucía
Hugo Arbues
Nico
Belén Cuesta
Andrea
Antonio Dechent
Héctor
ඉතින් මේ ෆිල්ම් එකේ IMDb Ratings ගැන කතා කලොත් IMDb අගය 6.3ක් වගේ ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. NETFILX සයිට් එකේ පවා ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුන ෆිල්ම් එකක් විදිහට තවමත් මේක සටහන් වෙනවා. ඉතින් අන්න එකත් මම මේ ෆිල්ම් එක තෝරාගන්න එක හේතුවක්. ඉතින් යාලුවනේ මම ඔයාලට ආයෙත් කියන්නේ, අනිවාරෙන් දෙපාරක් ෆිල්ම් එක බලලා කතාව තේරුම් ගන්න උත්සහ කරන්න කියලා. එක පාරක් බලලා ෆිල්ම් එක විනිශ්ය කරන්න එපා. හරි එහෙනම් යාලුවනේ, එහෙනම් අදට සමුගන්නවා. තවත් මේ වගේම ලස්සන Spanish Film එකකින් හමුවෙමු………………
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 530MB |
| WEB | x264 | 720p | 790MB | YTS |
| WEB | x264 | 1080p | 1.5GB | YTS |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)