MENU

The Witcher (2019-) [S01 : E01] | අවසානයක ඇරඹුම! (18+)

Netflix කියන්නෙ හැම අවුරුද්දකම වගෙ අමුතුම විදිහෙ සුපිරි නිර්මාණ නිකුත් කරන තැනක් කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනෙ. මේකත් ඒ විදිහෙ අපූරු කතාවක් තියෙන, අති දක්ෂ නළු/නිලියන් ඉන්න කතාමාලාවක්. දැන් ඉතින් නම දැකපු පමණින් සමහර දන්නවා ඇති කතාව ගැන. The Witcher කියන්නෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන කතාවක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම ගේම් පිස්සො බලාගෙන හිටිය කතාවක්. එක සැරේ කතාව ගැන කියන්නෙ නැතුව පොඩි හැදින්වීමක් කරලම ඉන්නම් එහෙනම්.

The Witcher | නවකතාව

Netflix යටතේ මේ විදිහේ කතාවක් නිර්මාණය වෙන්න කලින් Andrzej Sapkowski නම් පොලිෂ් කතුවරයා යටතෙ 1990 – 2012 කාලය දක්වාම ලියැවුණු නවකතාවන්/කෙටි කතා තමයි The Witcher කියන්නෙ. The Witcher ඇසුරින් සම්පුර්ණ පොත් අටක් නිකුත් වීමක් සිද්දවෙලා තියෙනවා. ඒ තමයි,

  1. The Last Wish
  2. Sword of Destiny
  3. Blood of Elves
  4. Time of Contempt
  5. Baptism of Fire
  6. The Tower of the Swallow
  7. The Lady of the Lake
  8. Season of Storms

ඔය විදිහට තමයි පොත් ටික නිකුත් වෙන්නෙ. පොත් කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් හොයාගෙන කියවන්න. පොත් ටික පරණ වුනාට දේශීය වගේම විදේශීය අන්තර්ජාලය හරහා පොත් විකුණන අය තවමත් මේ පොත් අලෙවි කරනවා. ෆැන්ටසි කැටගරි එක පදනම් වෙමින් නිකුත් වුන පොත් කිහිපය නිසාම Andrzej Sapkowski අතිශය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. මේ විදිහට නිර්මාණය වෙන පොත් ඇසුරින් පසුකාලීනව චිත්‍රපට, කතාමාලා වගේම ක්‍රීඩා පවා නිර්මාණය වෙලා නිකුත් වෙලා තියෙනවා.

Witcher Reading Order

 

පොලිෂ් කියන වචනය තැන් කිහිපයකම මේ වෙද්දී භාවිතා වුනාට වැඩිය අහලා නැතුව කියලා හිතනවා. Polish, polszczyzna, simply polski, වගෙ නොයෙක් නම් වලින් හදුන්වන මේ පොලිෂ් භාෂාව කියන්නෙ ලෙච්ටික් කියන උප භාෂා සමුහයට අයත් වෙන බටහිර ස්ලාවික් භාෂාවක්. පෝලිස් නොහොත් පොලිෂ් ජනතාවගෙ මව් භාෂාව විදිහටත්, පෝලන්තයෙ මුලික භාෂාවක් විදිහටත් භාවිතා වෙනවා.

 

Witcher Schools | මායාකරුවන්ගේ පාසැල්

තරුණ මායාකරුවන්ගෙ පුහුණුවට යවන පාසල් තියෙනවා. මේවා නම් කෙරෙන්නෙ සත්වයෙකුගේ නමින්. ඒ ඒ අදාළ පාසල්වල ශිෂ්‍යයන් හදුනාගන්න පුලුවන් ලේසිම විදිහ තමයි ඔවුන් පළදින පෙන්ඩන්ට් එක හරහා .ප්‍රධාන ඒවා වශයෙන්,

  • School of the Wolf
  • School of the Viper
  • School of the Griffin
  • School of the Cat

ඔය හතර හදුන්වන්න පුලුවන්. මීට අමතරව,

  • School of the Bear
  • School of the Manticore
  • School of the Crane
  • Order of Witchers

එහෙමත් හදුන්වන්න පුලුවන්. මේ හැම මායාකාර පාසලක්ම පිහිටලා තියෙන එකිනෙකට වෙනස් වූ තැන්වල. ඒ වගේම මේවායේ අරමුණ අනුව ඉගැන්වීම්වල වෙනසක්ද තියෙනවා.

බිහිවීම හා ඔවුන්ගේ අරමුණ

Temeria (ටෙමේරියා) නම් කොටසට මුල්ම මිනිසුන් වාසය කිරීමට ආව කාලෙ, මේ අයට තමන්වම ආරක්ෂා කරගන්න සිද්දවෙන විදිහෙ ප්‍රශ්න වගේම තර්ජන ඇතිවෙලා තියෙනවා. මේ කාර්යය ඉෂ්ට කරන්න බාර වුනෙ රණශුර භික්ෂූන් කිහිප දෙනෙක්ට. එහෙම නැත්තම් “මුල්ම මායාකරුවන්” කියලත් ඔවුන්ව හදුන්වන්න පුලුවන්. ලෝකයෙ ජිවත් වෙන රාක්ෂයින්ගෙන් ආරක්ෂා කරන්න ඔවුන් තමන්ගෙ ශරීරයේ ස්වභාවය වෙනස් කරගත්තා ස්වභාවික පරිසරයෙ තියෙන අමුද්‍රව්‍ය එකතු කරලා හදාගන්න සංයෝගයක් හදාගෙන. මේකට විපර්යාස කාරක හතු වර්ග, ඖෂධ වර්ග වගේම උත්තේජක ඇති කරන ශාක එකතු කරගෙන තියෙනවා. මේකෙන් මේ අයට සුපිරි ශක්තින් ලැබුනා ලෝකයෙ ජීවත් වන රාක්ෂයින් දඩයම් කරන්න අවශ්‍ය වන ප්‍රමාණයට.

මේ විදිහට නිර්මාණය වූ මායාකරුවන් මුදල් හොයන පරමාර්ථයෙන්, රාක්ෂයො දඩයමේ යන එක තමයි මේ අයගෙ අරමුණ වෙන්නෙ. නමුත් මේ අයට උද්වේගයන් වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ලැබෙන්නෙ නැති, මිනිස් වර්ගයාට අයත් වූවත්, මිනිසුන් අතරේ මිනිසුන් ලෙස නොසැලකෙන කොට්ටාශයක් විදිහටයි හදුන්වන්නෙ.

ආයුධ

ඔවුන් පුහුණුවේදී ලබාගන්නා ප්‍රවීණත්වයට අනුව ඕනෑම ආයුධයක් මානව හසුරවන්න පුලුවන්. නමුත් පුහුණුවේදී මොවුන්ට ඉලක්ක කෙරෙන ප්‍රධාන ආයුධ දෙකක් තියෙනවා.

  1. The Steel sword

කඩු වර්ග දෙකෙන් එකක් තමයි වානේ කඩුව කියන්නෙ. මේක පාවිච්චි වෙලා තියෙන්නෙ පිටපොත්ත හුගක් හයිය හො සිල්වර් වලට සංවේදී බවක් නැති රාක්ෂයින්ට හානි කරන්න. මේ කඩු එක්කො මායාකරුවන් විසින් හදාගන්නවා. එහෙම නැත්තම් මෙවැනි කඩු නිර්මාණය කරන තැන් වලට කියලා හදා ගන්නවා. හුගක් වෙලාවට “මහාකම්” කියන යටත් රාජ්‍යයට ගිහිල්ලා හදාගන්නවා. උතුරු රාජධානි වලටත්, නිල්ෆ්ගාඩ්ලටත් යකඩ හා වානේ අපනයනය කරන්නෙක් විදිහට මහාකම් රාජ්‍යය සලකනවා.

  1. The Silver sword

සිල්වර් (රිදී) කඩු පාවිච්චි වෙලා තියෙන්නෙ අස්වාභාවික බලයන් තියෙන සතුරන් එක්ක සටන් කරද්දීයි. මේ සිල්වර් කඩු මායාකරුවන් විශේෂිත කඩු විදිහට සලකනවා.

“Witcher” | නාමය

Witcher කියන්නෙ ඉංග්‍රීසි වචනයක් වුනාට Andrzej Sapkowski විසින් මුල් කාලේ භාවිතා කරලා තිබුනෙ පොලිෂ් භාෂාවෙන් “wiedźmin” කියලයි. පස්සෙ කාලෙක මේ වචනෙ “Hexer” කියලා පරිවර්තනය වෙනවා 2000 වසරේදී මේ ඇසුරින් නිකුත් වූ කෙටි කතාවක යොදාගන්නත් 2001 දි බිහි වූ චිත්‍රපටය සදහාත්, 2002 වසරේදී නිකුත් වූ කතාමාලාව සදහා යොදාගන්නත්. මේ දෙකම නිකුත් වෙන්නෙ “The Hexer” කියන තනි නාමයක් යටතෙ. “Hexer” කියන්නෙ ජර්මානු භාෂාවෙන් “මායාකාරයා, ඉන්ද්‍රජාලිකයා” වචන වලටයි. පසු කාලීනව වීඩියෝ ගේම් නිෂ්පාදන සමාගමක් වන CD Projekt Red සමාගම විසින් 2007 වසරේදී ඔවුන්ගේම වීඩියෝ ක්‍රීඩා නිකුත් කරන්න wiedźmin, Hexer යන වචනවල ඉංග්‍රීසි පරිවර්තනය යොදාගත්තා. ඒ The Witcher ලෙසින්.

The Witcher | ප්‍රධාන චරිත

Geralt of Rivia

මනුස්සයෙක්. මිත්‍යාවක්. පුරාවෘතයක්. මායාකරුවෙක්.

ඔය හැම විදිහකින්ම රිවීයාවල ගැරල්ට්ව හදුන්වන්න පුලුවන්. White Wolf, Gwynbleidd, Butcher of Blaviken, Ravix of Fourhorn, Butcher of White Orchard යන නම් සියල්ලෙන්ම හදුන්වන මොහු The Witcher හරහා දැකගන්න ලැබෙන ප්‍රධානම චරිතයයි. ගැරල්ට් කියන්නෙ වීසෙනා කියන මායාකාරියගෙත්, කොරීන් කියන රණශුරයාගෙත් පුතා. ගැරල්ට් ඉපදුනාට පස්සෙ එයාගෙ අම්මා එයාව “කයර් මෝහෙන්වල” පිහිටලා තියෙන School of the Wolf කියන පාසලෙ අතහැරලා දාලා එනවා. එහෙදි උස් මහත් වෙන ගැරල්ට් Witcher කෙනෙක් නොහොත් “මායාකාරයෙක්” වෙන්න පුහුණුව ලබනවා. පුහුණුව සරල නම් නැහැ. අති විශාල, ක්‍රැර විදිහට කායිකව මෙන්ම මානසික තත්වයන් වලටත්, අභිරහස් පිළිවෙත් වලටත් මුහුණ දෙන්න වෙනවා මේ පුහුණුව අතරතුරේදී. එහෙදි තමයි ගැරල්ට්ගෙ නම Geralt of Rivia නොහොත් “රිවීයාවල ගැරල්ට්” නැවතත් නම් කරගන්නෙ.

ශක්තිමත්ම හා බලවත්ම රණශුරයෙක් වෙන්න තියෙන තවත් සමීක්ෂණයක් තමයි Trial of the Grasses නොහොත් herbs කියන්නෙ. මේක නිකන්ම නිකන් සමීක්ෂණයක් නම් නෙවෙයි කලින් කිව්වා වගේම මේකත් හුගක් දුෂ්කර, වේදනාකාරී එකක්. මේ අයව අතිප්‍රබල අය කරවන කාර්යයට යොදාගෙන තියෙන්නෙ මුලින් සදහන් කරපු රණශුර භික්ෂූන් ඒ කාලෙදි භාවිතා කරපු අමුද්‍රව්‍යයම තමයි මේකෙදිත් භාවිතා කරලා තියෙන්නෙ. මේකට තරුණ මායාකරුවන් දහදෙනෙක් මුහුණ දුන්නොත් මේකෙදි ජීවීතේ බේරෙන්නෙ තුන්දෙනෙකුගෙ විතරයි. ඒ අයගෙන් කෙනෙක් තමයි ගැරල්ට් කියන්නෙ. ඒකෙන් එයාට විශාල වේගයත්, ශක්තියත් වගේම එයාගෙ මායාකරුවන්ටත් වඩා වැඩි සවි බලයකුත් ලැබිලා තියෙනවා.

බලයන්

  • සවිමත් ඇටකටු – Trial of the Grasses සමීක්ෂනයට ලක් කිරීමත් එක්ක මායාකරුවන්ගෙ ඇටමිදුළු වෙනස් වීමකට භාජනය වෙනවා. අවසාන ප්‍රතිඵලය වශයෙන් ඒවා සවිමත් ඒවා බවට පත් වනවා.
  • වැඩිදියුණු වූ බලපෑමක් – විෂ හා රෝග වලින් බලපෑමක් ඇති නොවෙන විදිහට ඒවට ප්‍රතික්‍රියා කිරීමක් සිදු වනවා.
  • වැඩිදියුණු වූ වේගය – අතිශය විශාල සුපිරි මිනිස් වේගයක් ඔහු සතුව පවතිනවා.
  • කිසිදු උපකරණයක් නැතුවම එක් උස් ස්ථානයක සිට තවත් තැනක තියෙන ස්ථානයක් වෙත පැනීමට හැකියාව පවතිනවා.
  • වේගවත් සුව වීම – ඇතිවෙන තුවාල වලින් ඉතාමත් ඉක්මණින් ඉබේම සුව වීමේ හැකියාව ඔහු සතුව පවතිනවා.
  • ආයුකාලය – මේ මායාකරුවන් කියන්නෙ ශතවර්ෂ ගණනාවක්ම ජීවත් විය හැකි අය. ඔවුන්ගේ පෙනුම ඉතාමත් හෙමින් තමයි මහලු භාවයට පත් වෙන්නෙ.
  • මායාකාර සංවේදක – අඩු ආලෝකයක් පවතින තැන් වලදී ලෙහෙසියෙන්ම දැකීමේ හැකියාව, වැඩිදියුණු වූ සවන් දීමේ හැකියාව, තමන්ගේ ඉලක්ක ඉන්නා තැන් හදුනා ගැනීමේ සංවේදක ඔහු සතුව පවතියි.
  • කඩු හරඹෙහි දක්ෂයෙකි – කයර් මෝහෙන්වල තුලදී ලැබූ පුහුණුවත් එක්ක කඩු හාවිතා කරමින් මනා ලෙස සටන් කිරීමේ හැකියාව ඔහු සතුව පවතිනවා. මාරක පහරවල් එල්ල කිරීමද ඔහු සතුව පවතිනවා.
  • ආයුධ හැසිරවීම – මායාකරුවන් සාමාන්‍යයෙන් භාවිතා කරනුයෙ කඩුය. නමුත් ඊට අමතරව පොරව, හරස් උල්, කැට පොලු මෙන්ම දුනු/ඊතලද මනා ලෙස හසුරවන්නත් පුලුවන්.
  • කිසිදු ආයුධ නැතුව සටන් කිරීමේ හැකියාව – තමන් සතුව කිසිදු ආයුධයක් නැති විටෙක වුවද තමන්ගේ අත් හා කකුල් දෙක භාවිතා කරන සටන් කිරීමේ හැකියාව පිහිටලා තියෙනවා.
  • සෑම මායාකාරුවෙකු වගේම රාක්ෂයින් දඩයම් කිරීමේ හැකියාව ඔහු සතුව පවතිනවා. ඔවුන් සතුව පවතින දුර්වල ස්ථාන හදුනාගෙන පහර දීමේ හැකියාව මනා ලෙස පිහිටලා තියෙනවා. මේ නිසාම ඔහු ඉතාමත් දක්ෂ උපාය දක්ෂයෙක් විදිහටත් හදුන්වන්න පුලුවන්.
  • තමන්ගේ ගමන අතරතුර ඖෂධ හා හතු වර්ග එකතු කරමින් අරිෂ්ඨ වර්ග හදන්න පුලුවන් හදන්න පුලුවන් හැකියාවද ඔහු සතුව පවතිනවා. ගැරල්ට් මේ විදිහෙ අරිෂ්ඨ පාවිච්චි කරන්නෙ තමන්ගෙ ශක්තිය වැඩි කරගන්න උදව්වක් විදිහටයි.

 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| NF WEBRip | x264 | 720p | 3.15GB | Complete S01

Direct Download

| NF WEBRip | x264 | 480p | 280MB |

| NF WEBRip | x264 | 720p | 400MB | 

| NF WEBRip | x264 | 720p | 3.2GB | Complete S01

x265 HEVC

| NF WEBRip | x265 | 480p | 340MB | 10bit 

| NF WEBRip | x265 | 720p | 2.6GB | Complete S01

| NF WEBRip | x265 | 1080p | 4.6GB | Complete S01

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

web: අඟිලි අතරෙහි සවිය, ආනාය, කොන්ද, ජාලය, දැල, පිළිකඩ, වියමන, සියොදුව

English – Sinhala

2 thoughts on “The Witcher (2019-) [S01 : E01] | අවසානයක ඇරඹුම! (18+)

  • es 08 ma ikamnt denna aiye .jayawewa..

    Reply
  • witches game 1 කැමැති උන් අනිවා මේ tv series එක බලනවා…. හැබැයි game එකේ geral ගේ චරිතය තියන ගතිය tv series එකෙන් ගන්න බෑ… මොනවා උනත් ඉක්මන episode දාපු එක ට thanx….

    Reply

Leave a Reply to Yohan Cancel reply

Your email address will not be published. Required fields are marked *