MENU

The Zookeeper’s Wife (2017) | යුධ බිමක සටන් වැදුන මනුස්සකම…

 1939 කියන්නේ පෝලන්ත වැසියන්ට එතරම්ද යහපත් කාලයක් නෙමේ. දෙවන ලෝක යුද්ධයේ උච්චතම අවස්ථාවට එළඹිලා තියෙන අවස්ථාවක පෝලන්තය ජර්මානු ග්‍රහණයේ අභිමුඛ ගෙවපු කාලයක් තමයි වසර 1939 කියන්නේ. පෝලන්තය තුල වෙසෙන යුදෙව් වැසියන්ට නම් මේ කාලය එතරම් යහපත් කලක් උනේ නැහැ මොකද හිට්ලර් ප්‍රමුඛ හමුදාවට අවශ්‍ය උනේ මේ උදෙව් ජනතාව ලොවෙන් තුරන් කර දමන්න.  හිට්ලර් එවැනි අධම පාලකයෙක් උනත් පෝලන්තයේ වර්ශෝ නගරයේ වැසියන්ට නම් මේ වගේ වර්ගවාදයක් හිසට කඩා වැටිලා තිබුනේ නැහැ. ඔවුන් සියල්ලෝම මිනිසත් කමට ගරු කරමින් සාමාන්‍ය නගර වැසියන් ලෙසට එකිනෙකාට උදවු කරගනිමින් එහි වාසය කළා.

මේ වර්ශෝ නගරය තුල තිබුන සහ දැනටත් පවතින විශේෂ ස්ථානයක් තමයි වර්ශෝ සත්ව උද්‍යානය. එහි පාරම්පරික හිමි කරුවන් උනේ යුදෙව් නොවන පවුලක් වන සැබින්ස්කි පවුල. මේ කාලය තුලදී එහි හිමිකාරිත්වය දැරුවේ ජාන් සහ ඇන්ටෝනිනා සැබින්ස්කි යුවල විසින්. ඔවුන්ට හිටිය එකම පුත්‍රයා තමයි රිශ්. මෙසේ සමයෙන් ගතවුණා සමාජය ජර්මානු වර්ගවාදය පහර දෙන්නේ මේ අතර තුරේදී. ඉතින් කොහෙවත් තිබුන යුදෙව් විරෝධයක් මේ නගරයට පිටින් ගෙනත් දමලා නගරයේ වැසියන් තාප්ප වලින් වෙන් කෙරුවා. යුදෙව් ජනතාවට තිරිසනුන්ට මෙන් සැලකුවා. තමන් එක්ක සහෝදර සහෝදරියෝ වගේ ජිවත් උන මේ යහළු මිත්‍රයෝ ගෙවන දුක බලාගෙන මොකුත් නොකර ඉන්න සැබින්ස්කි යුවලට කොහෙත්ම පුළුවන් කමක් තිබුනේ නැහැ. ඒ දෙදෙනා තීරණය කළා තමන්ගේ ජීවිතය පරදුවට තියල මේ දුක් විඳින තමුන් වගේම ගැහැණුන්, මිනිසුන් සහ කුඩා දරුවන් වෙනුවෙන් පුළුවන් විදිහට උදව්වක් කරන්න. ඒ මිනිස්කමට අගයක් ලබා දෙන්න ඊශ්‍රායල් යුදෙව් මිනිසුන් පසුබට උනේ නැහැ.යුදෙව් ජනයා වෙත කරන ලද මේ මානුෂික උපකාරයට ප්‍රති උපකාරයක් ලෙසින්  Jan Żabińskiසහ Antonina Żabiński  වෙනුවෙන් Yad Vashem උද්‍යානය තුල පැලරෝපනයක් ලෙසින් 1968 ඔක්තෝබර් 30 වන දින Polish Righteous among the Nations ගෞරව සම්මාන පුදකරනු ලැබුවා. ඉතින් මේ තියෙන්නේ ඒ දේපල සිදු කරනු ලැබූ ඒ මානුෂික මෙහෙවර පාදක කොටගත් චිත්‍රපටයයි. එහෙනම් IMDB දර්ශකයේ ලකුණු 7ක් හිමිකරගත් මේ සලරුව බලන්න කියල හැමෝටම ආරාධනා කරමින් මම සමුගන්නවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| BluRay | x264 | 720p | YTS | 929MB |    

668b1a8866ea7ac935ff16918fdb5c493761f1f2

| BluRay | x264 | 1080p | YTS | 1.9GB |    

25cffbd4eae529335b2703f9aebc44a2fd05b6da

| BluRay | x265 | 720p | 865MB |    

c85e69bc83c12743ebe36bef02174262f01659b4

Direct Download

| BluRay | x264 | 480p | 400MB |                         

| BluRay | x264 | 720p | YTS | 929MB |                     

| BluRay | x264 | 1080p | YTS | 1.9GB |                    

| BluRay | x265 | 720p | 603MB |                          

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “The Zookeeper’s Wife (2017) | යුධ බිමක සටන් වැදුන මනුස්සකම…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *