MENU

Thong Dee Fun Khao (2017) | බිඳුණු අසිපතේ අනභිබවනීය රණ ශූරයා!

ලැබුවා වූ 2018 වර්ෂය, බයිස්කෝප්වාසී සියලු දෙනා හට, සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ තායිලන්තය කියන්නේ ලොවට විශිෂ්ඨ සටන්කරුවන් බිහිකලා වූ තෝතැන්නක්. බුදුදහමින් මැනවින් පෝෂණය වුණා වූ මෙම භූමිය, ඈත අතීතයේ පටන්ම, තම දේශයටම ආවේණික වූ පාරම්පරික සටන් ක්‍රම තුලින් විශිෂ්ඨ ඝනයේ සටන්කරුවන් රාශියක් බිහිකරනු ලැබුවා. ලංකාවේ අපිටත් තියෙනවා මේ ආකාරයේ ප්‍රෞඩ සටන් ක්‍රමයන්. අංගම්පොර යනුවෙන් හැඳින්වෙන්නෙත් ඒ ආකාරයේ එක පෞරාණික සටන් ශිල්පයක්. ශාස්ත්‍රය හරියාකාරව හදාරන ලද තැනැත්තෙක් හට, තම ප්‍රතිවාදියාව පහර දෙක තුනකින් මරු තුරුලට යැවීමට තරම් මෙම අංගම්පොර සටන් ශිල්පය මාරාන්තිකයි වගේම අතිශය දියුණුයි. ඒ වගේම, ශරීරයේ නිල වලට පහරදීම මගින් සතුරාව අඩපණ කිරීමේ සටන් ක්‍රම පවා අපගේ ආදී මුතුන් මිත්තන් විසින් භාවිතා කර ඇති බවට ඉතිහාසය සාක්ෂි සපයනවා. තායිලන්තය කියන්නෙත් ලංකාව වගේම ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ රාජ්‍යයක්. ඔවුන් සතුවත් පවතිනවා පාරම්පරිකව පැවතගෙන එන්නාවූ මාරාන්තික සටන් ශිල්පයන්. මෙම චිත්පරටය සඳහා පදනම් වන්නේත්, එවැනි පාරම්පරික සටන් ශිල්පයන් තුලින් පරතෙරටම ගමන් කරන ලද, පුරාවෘතගත සටන් ශිල්පියෙකු පිළිබඳවයි.

ජෝයි කියන්නේ කුඩා අවධියේ පටන්ම බොහොම කෙළිදෙලෙන් පසුවූ දරුවෙක්. ඔහුගේ පියා එම ප්‍රදේශයේ ජීවත්වූ බොහොම ප්‍රසිද්ධ සටන්කරුවෙක්. නමුත්, තමන්ගේ පුතා තම අඩිපාරේ පැමිණෙනවාට මෙම පියා කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ පුතා අධ්‍යාපනයෙන් ඉදිරියට යනු දැකීමයි. එම නිසාම මේ කුඩා ජෝයිව කුඩා කාලයේදීම පන්සලේ නායක හාමුදුරුවන් හට බාරදෙනු ලබනවා. ඒ, ඔහුට අධ්‍යාපනය ලබාදී, ඔහුගේ අනාගතය යහපත් කිරීම උදෙසා. නමුත්, මේ ජෝයිගේ දෛවය ලියවිලා තිබුනේ වෙනත් විදියකට. ඔහුගේ ශරීරයේ දිව්වේ සටන්කාරයෙකුගේ රුධිරය. මේ නිසාම, එම ප්‍රදේශය පාලනය කරන්නා වූ ආණ්ඩුකාරවරයාගේ පුතා සමගින් ඇතිවෙන්නා වූ කෝලාහලයකින් පසුව ඔහුට පහර දෙන්නා වූ ජෝයි, ගමෙන් පලා යනවා. ගමෙන් පලා ගිය ජෝයි, එකිනෙකට වෙනස් සටන් ශිල්පයන්ගේ ප්‍රවීණයන් වූ ගුරුවරුන් යටතේ විවිධාකාර සටන් ශිල්පයන් රාශියක් හදාරණු ලබනවා. නමුත්, මේ යන ගමන ඔහුට කිසිසේත්ම ලේසි පහසු ගමනක් නම් වූයේ නැහැ. එක් අතෙකින් ඔහු සොයා දඩ බල්ලන් මෙන් ඔහුගේ පසුපස පන්නාන්නා වූ ආණ්ඩුකාරවරයාගේ සෙබළුන්. තවත් පසෙකින්, අනේක විදි බාධාවන්. මේ සියල්ල මේ තරුණ රණශූරයා කෙසේ නම් ජයගනීවිද? අවසානයේ ඔහුගේ ඉරණම ලියවී ඇත්තේ කුමන ආකාරයකින්ද?

අද 2018 ජනවාරි පළවෙනිදා. තවත් අලුත් අවුරුද්දක උදාව. එහෙනම්, පොරොන්දු වෙච්ච විදියටම මේ සූදානම් වෙන්නේ, මේ 2018 වර්ෂයේ පළවෙනි උපසිරැසිය ඔබවෙත ගෙන එන්න. මේක වෙනස්ම ආරක චිත්‍රපටියක්. ඒ වගේම, තායිලන්ත චිත්‍රපටියක්. Ong-Bak චිත්‍රපට මාළාව බලපු කෙනෙක්ට නම් තායිලන්ත චිත්‍රපටි නුහුරු නුපුරුදු වෙන්න බැහැ. ඒ වගේම, Ong-Bak බලපු අය දන්නවා ඇති, තායිලන්ත ක්‍රියාදාම චිත්‍රපටි මොන තරම් උසස් තත්වයකින් තියෙනවද කියලා. මේකත්, ඊට නොදෙවැනි මට්ටමේ චිත්‍රපටියක්. නිළ වශයෙන් නිකුත් වෙන්නේ 2017 වර්ෂයේ පෙබරවාරි 9 වෙනිදා. හැබැයි, හොඳ පිටපතක් නිකුත් වුනේ මීට දින කීපයකට කලින්. මේ වෙද්දී, Imdb දර්ශකයේ 6.1 ක අගයකට හිමිකම් කියන්න සමත්වෙලා තියෙනවා. ඒ වගේම, ගූගල් පරිශීලකයින්ගේ 87% ක මනාප ප්‍රතිශතයක් ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ, බාට් මිලියන 50 ක වියදමකින්. විශේෂත්වය තමයි, මෙම චිත්‍රපටය බෙදාහරිනු ලබන්නේත්, One-bak චිත්‍රපට මාළාව බෙදාහරින ලද Sahamongkol Film International ආයතන විසින් වීමයි.

ඒ වගේම, විශේෂයෙන් නොකිව්වොත් අඩුපාඩුවක් වෙනවා, මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පියා පිළිබඳව. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Buakaw Banchamek විසින්. ලංකාවේ ගොඩක් දෙනෙක් මොහු ගැන දන්නේ නම් නැතුව ඇති. මොහුව Sombat Banchamek කියලත් හඳුන්වනවා. මොහු, වෘත්තීමය බොක්සින් ක්‍රීඩකයෙක්. දෙවතාවක් K-1 World MAX champion ශූරතාවය දිනපු කෙනෙක්. ඒ වගේම, 2017 අගෝස්තු පළවෙනිදා CombatPress වෙබ් අඩවිය මගින් ප්‍රකාශ කළ පරිදි, ලයිට්වෙයිට් බර පන්තියේ ලෝක බොක්සින් ශ්‍රේණිගත කිරීම් වල පස්වෙනි ස්ථානය හිමිකරගැනීමට පවා මොහුට හැකියාව ලැබුණා. සටන් කළාවේ මොහු කෙතරම් ප්‍රවීණයෙක්ද කියනවා නම්, Muay Thai සටන් කළාවේ මුගෘයා ලෙසයි තායිලන්තය තුල මොහුව හඳුන්වන්නේ. සිය වෘත්තීය ජීවිතය තුල සටන් 265ක් සඳහා සහභාගී වී තිබෙන මොහු, ඉන් සටන් 230ක් ජයග්‍රහණය කරමින්, 12ක් ජයපරාජයෙන් තොරව අවසන් කරගෙන තිබෙනවා. තරඟ 23ක් පමණයි මොහු පරාජයට පත්වී තිබෙන්නේ. සිය ජයග්‍රහණ 230 අතුරින් 69ක්ම සිය ප්‍රතිවාදියා knockout කරමින් ලබාගත් ජයග්‍රහන වීම විශේෂත්වයක් වෙනවා. ඒ වගේම, ජාත්‍යන්තර සිනමාව තුල ටෝනි ජා අද සිටින්නේ මොන තත්ත්වයකද, මෙම තත්වයට පැමිණිය හැකි ක්‍රියාදාම නළුවෙකු ලෙසයි මොහුව හඳුන්වනු ලබන්නේ. මොහු පිළිබඳව තවත් රසවත් තොරතුරු බොහොමයක් අන්තර්ජාලය තුලින් ඔබට බලාගන්න පුළුවන්.

එහෙනම්, කැමති අය අරගෙන බලන්න. කාලෙකින් බලන්න පුළුවන් ආකාරයේ, ක්‍රියාදාම සපිරි විශේෂිත චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන්. පූර්ව ප්‍රචාරක පටය බැලුවොත් මං කියන දේ හොඳටම තේරේවි. එහෙනම්, ගිහිල්ලා එන්නම්. ජය!

 

 

Direct Download

| Bluray | x264 | 480p | 440MB |

| Bluray | x264 | 720p | 990MB |

X265

| Bluray  | 720p | x265 | 650MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

10 thoughts on “Thong Dee Fun Khao (2017) | බිඳුණු අසිපතේ අනභිබවනීය රණ ශූරයා!

  • Hash aka danawado………………
    Thanks for the sub

    Reply
    • Imesh lakshan

      hash na saho..direct download krgnna

      Reply
  • Supun Tharaka

    hash eka naane.
    thanks for sub!!!!!!!

    Reply
    • Imesh lakshan

      HASH na oke.direct tamai gnna wenne

      Reply
  • direct patta slow neda boss….

    Reply
  • Thanks super up
    Jaya wewa saho

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *