MENU

Star Wars – තාරකා යුද්ධ [Movie Collection]

1.Star Wars: Episode I – The Phantom Menace (1999) | භූත තර්ජන…

ෆිල්ම ඒක ස්ටාර් වෝස් එපිසෝඩ් 1. ස්ටාර් වෝස් ගැන ඉතින් ආයේ කියන්න ඕනේ නෑනේ නේද.. Star Wars: Episode V එක නම් මේ වෙනකොටත් සයිට් එකේ දීලා තියනවනේ. මේක ඔස්කාර් සම්මාන තුනක් සඳහා නිරදේශ උන නියම ෆිල්ම් එකක්.

ජෙඩායි නයිට්වරු දෙදෙනෙක් අක්‍රමණයෙන් පලා යද්දි, ඔවුන්ට කොල්ලෙක් හමුවෙනවා. ඒ කොල්ලා බලය සමතුලිත කරන්න පුලුවන් තෝරාගත් කෙනා. නමුත් සිත් උතුමානන් ගේ පැමිණීමත් සමග නපුරු බලය පැතිරීම ඇරඹෙනවා.

එහෙම නම් මොකද වෙන්නෙ කියලා ෆිල්ම් එක බලන්නකෝ.

4.Star Wars: Episode IV – A New Hope (1977) | ලොව හොල්ලපු කතාවක ආරම්භය

Star Wars චිත්‍රපටි ගැන අහල නැත්තෙ කවුද? කොයි තරම් නම් ආදායම් වාර්තා අතින් මුල් චිත්‍රපටි සාර්ථක වුණාද කියනවනම් ඒවල තිබ්බ වචන සාමාන්‍ය ව්‍යවහාරයට පවා එකතු වෙලා තියෙනවා. ඉතින් මේ අද දෙන්නෙ ඒ සියල්ලට මුල් පියවර තියපු චිත්‍රපටියයි. මේ චිත්‍රපට මාලාව ගැන, ඒවලින් වෙච්ච බලපෑම ගැන, සමාජ රැල්ලක් වුණේ කොහොමද කියන එක ගැන මට වඩා හොඳට කරුණු දන්න රසිකයෙක් ලිපියක් ලියල එවන්න හැකිනම් ඒක හැමෝටම බෙදාගන්න දෙන්න පුළුවන්. ඉතින් මම යන්තම් මේ චිත්‍රපට මාලාවේ කොටස් අනුපිළිවෙල ගැන පොඩි විස්තරයක් කරන්නම්.

මුලින්ම ආවේ මම මේ අද දෙන චිත්‍රපටයයි. මුලින්ම ඒකට කිව්වෙ Star Wars කියලයි. පස්සෙ තමා දැන් තියෙන නම දුන්නෙ. මුලින්ම තුන් ඈඳුතු චිත්‍රපටි තුනක් ආවා. ඒ සියල්ලම ආදායම් අතින් ඉතා විශාල සාර්ථකත්වයක් ලැබුවා. ඒ වගේම IMDB හොඳම චිත්‍රපට 250 ලයිස්තුවේ අදටත් මුල්ම 75 අතර සිටින්න ඒ තුනම සමත් වෙලා තියෙනවා. අපි ඒ ගැන මුලින්ම බලමු.

Star Wars: Episode IV – A New Hope (1977)Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.

Star Wars: Episode V – The Empire Strikes Back (1980)Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations

Star Wars: Episode VI – Return of the Jedi (1983)Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.

දැන් මේ චිත්‍රපටි වල සාර්ථකත්වය ඔහොම වුණත් ආපහු මේ කතාව සිනමාවට නැගෙන්නෙ අවසන් චිත්‍රපටය තිරගත වෙලා අවුරුදු 16 කට පස්සෙයි. ඒකත් කලින් වගේම තුන් ඈඳුතු කතා මාලාවක්. හැබැයි ඒ චිත්‍රපට මාලාවෙන් කතා වෙන්නෙ මේ මුල්ම චිත්‍රපටි තුනට කලින් කාලයේ වෙච්ච කතායි. ඉතින් ඒ හින්දම ඒ චිත්‍රපටි තුන නම් වෙන්නෙ I, II, III වශයෙනුයි, අපි බලමු ඒ ගැනත්.

Star Wars: Episode I – The Phantom Menace (1999)Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.

Star Wars: Episode II – Attack of the Clones (2002)Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.

Star Wars: Episode III – Revenge of the Sith (2005)Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.

කලින් ත්‍රිත්වය තරම්ම සම්මාන නොලැබුනත් මුළු චිත්‍රපට හයම ඔස්කාර් සම්මාන නිර්දේශ ලබන්න සමත් වුණා. ඒ වගේම පළවෙනිම ත්‍රිත්වයෙන් පසු කතා ත්‍රිත්වය 2015 අවුරුද්දේ ඉඳන් තිරගත වෙන්නත් නියමිතයි. එතකොට අපි ඒ ගැන බලමුකෝ. මේ අතර තුර රූපවාහිනී කතා, මාලා විඩියෝ ගේම්, ග්‍රන්ථ වගේම 2008 දී Star Wars: The Clone Wars (2008) නමින් ඇනිමේෂන් චිත්‍රපටියක් තිරගත වෙලා තියෙනවා. එහි කතා කාලය වෙන්නෙ II හා III අතර කාල සමයක කතායි.

මම අද ගෙනාව මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වෙන්න ගත්තෙ 1977 මැයි 25 වෙනිදයි. ආදායම් විදියට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 461 හා ලොවපුරා තිරගත වීමේ ආදායම් එක්ක සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 775 ක් ලබන්න සමත් වුණා. ඒ අනුව Jaws (1975) චිත්‍රපටිය තියල තිබ්බ ඉහලම ආදායම් ලැබීමේ වාර්තාව මේ චිත්‍රපටිය සතුව තිබුනා 1983 තිරගත වෙච්ච E.T. the Extra-Terrestrial (1982) චිත්‍රපටිය එනකම්ම. දැන් මේ ලබපු ආදායම 2013 උද්ධමනයට ගලපනකොට ඇමරිකාවේ එතෙක් බිහිවූ දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය බවට පත්වෙන්න සමත්වෙලා තියෙනවා. ලෝකයෙන්ම ගත්තොත් තෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියත් මේකයි. ඒ වගේම ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපට ගොන්නටත් මේ චිත්‍රපටිය අයිතියි. ඉතින් අද බලලා මේකේ දෘශ්‍ය ප්‍රයෝග ගැන හිතනවට වඩා 1977 වගේ කාලෙක තිබ්බ තාක්ෂණයත් එක්ක මේ චිත්‍රපටිය කොච්චර සුපිරි ඇත්ද කියලා පොඩ්ඩක් හිතල බලන්නකෝ.

කලින් කිව්වා වගේම Star Wars ගැන කියන්න නම් දේවල් ගොඩක් තිබ්බට මට වඩා හොඳට මේ ගැන දන්න කෙනෙක් අපිටත් දැනුවත් වෙන්න ලිපියක් එහෙම ලියල එවන්න කියලා ඉල්ලන ගමන් තවත් චිත්‍රපටියකින් හමුවෙනකම් සමුගන්නවා. සදා ජය෴෴

5.Star Wars: Episode V – The Empire Strikes Back (1980) | අභ්‍යවකාශ වීර කාව්‍ය.

IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දෙවෙනි දායකත්වය හැටියට මේ චිත්‍රපටිය තෝරගත්තා. පළවෙනි දායකත්වය හැමෝම මෙතනින් බලන්න ඇති කියලා හිතනවා. ඇත්තෙන්ම අපි මේ ක්‍රියාවලිය පටන් ගන්නකොට මේ චිත්‍රපටිය තිබුනේ 12 හෝ 13 ස්ථානයේ වෙන්න ඕනා. ඒත් එකපාරම මේ චිත්‍රපටිය 10 වෙනි ස්ථානයට ආවා. ඉතින් මම තීරණය කලේ මේ චිත්‍රපටියටත් සිංහල උපසිරැසි දාන්න. ඔස්කාර් සම්මානයක් ඇතුළුව සම්මාන 14ක් දිනා තවත් සම්මාන 13 කට නිර්දේශ වීම් ලැබූ මේ චිත්‍රපටිය අද වෙනකොට IMDB හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 10 වෙනි ස්ථානයේ රැදී තියෙනවා.

Star wars කියන්නෙ බොහොමත්ම ජනප්‍රිය වෙච්ච අභ්‍යවකාශ වීර කාව්‍යක් විදියට තමා බොහෝ දෙනා හඳුන්වන්නෙ. Star wars හතර වෙනි චිත්‍රපටයේ දී දුෂ්ට තාරකා මණ්ඩල අධිරාජ්‍යාගේ පාලනයට එරෙහිව කැරළි ගහන කැරළි කණ්ඩායම් නායිකා ලෙයා (Carrie Fisher) සමඟ එක්වෙන සොලෝ (හැරිසන් ෆෝඩ්) හා ලූක් ස්කයිවොකර් (Mark Hamill) විසින් අධිරාජ්‍යයට අයත් මළ තරුව නම් අභ්‍යවකාශ නැවතුම් පල විනාශ කර දමනවා. ඉන් පසුව අධිරාජ්‍යයාගේ උදහසින් බේරෙන්න බොහෝම දුරස්ථ අයිස් ග්‍රහලොවක තම කඳවුර පවත්වාගෙන යමින් සිටින තැනින් තමා කතාව පටන් ගන්නෙ.

6.Star Wars: Episode VI – Return of the Jedi (1983) | පිය සෙනෙහස.

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් රසිකයෝ හැමෝටම ? ඕං මම මගේ හය වෙනි සබත් දෙනව ඉතින්.මේකත් ඉතින් පරණ එකක්ම තමා ? හැබැයි එහෙම කියලා අයින් කරනවා බොරු, ඈ ? Star Wars කිව්වම කව්ද දන්නැත්තේ ? මේ තියෙන්නේ ඒ කථා මාලාවේ හය වැන්න. The Return Of The JEDI තමා ඒකේ නම. මේකට අයි.ම්.ඩී.බී. අගය 8.4ක් ලැබිලා තියනවා. ඒක තමා පරණ උනත් අයින් කරන්න බැරි ? මේකට රංගනයෙන් දායක වෙන්නේ Mark Hamill, Harrison Ford හා Carrie Fisher කියන නළු නිළියන් තමා.මේක ඉතින් වයස් භේද ඕනි නැති සලරුවක් ?

කතාව ගැන කිව්වොත් නම්, මෙහෙමයි. අධිරාජ්‍යා (ඔයාලා දන්න විදියට අඳුරේ බලවතා) “Deth Star”වල හදමින් ඉන්නවා සුපිරි ආයුධ බලාගාරයක්. මේ කථාවේ තියෙන්නේ හැන් සෝලෝ, ලූක් ස්කයිවෝකර් හා ලේයා කුමරිය එක් වෙලා ඒක විනාශ කරන හැටි. මුලින්ම ලූක් ස්කයිවෝකර් හා ලේයා කුමරිය යන්නේ “Jubba the Hutt” කියන මැරයාගේ ගුහාවට. මොකටද දන්නවද? ඒකේ සිර කරලා තිබෙන සෝලෝව බේරා ගන්න. ඔහුව බේර ගත්තහම අනෙක් පිරිස දැනගන්නවා ලූක් JEDI වරයෙක් කියලා.ඔයාලට JEDI වරයෙක් ගැන පැහැදිලි කරන්න ඕනි නම් කියන්නම්. JEDI වරයෙක් කියන්නේ හොඳ මානසික හා කායික බලයක් ඇති බලවත් කෙනෙක්. කොහොමහරි ලූක්ගේ JEDI ගුරුවරයා වන යෝඩා මිය යනවා. අන්තිමට මුළු විශ්වයේම ඉන්න එකම JEDI වරයා තමා ලූක්. ඒ නිසා අධිරාජ්‍යා ඩාර්ත් වේඩර්ගේ උදව් ඇතිව ලූක්ව අඳුරේ පැත්තට ගන්න හදනවා.ඩාර්ත් වේඩර් කියන්නේ ලූක්ගේ තාත්තා බව ඔයාලා දන්නවා ඇති.

කොහොමහරි මේකේදී හෙලි වෙනවා ලූක් හා ලේයා නිවුන් සහෝදරයන් බව. මම කිව්වනේ අධිරාජ්‍යා ලූක්ව තමාට නම්මගන්න හදනවා කියලා. ඒකට හේතුව තමා ඔවුන්ගේ පරපුරේ තිබෙන අධිකතර බලය.ඒත් ලූක් කැමති වෙන් නේ නෑ අධිරාජ්‍යාගේ පැත්තට එන්න. ඒනිසා අධිරාජ්‍යා ලූක්ව මරන්න හදනවා. ඒකෙන් ලූක්ව බේරා ගන්නේ ඔහුගේ පියා වන ඩාර්ත් වේඩර්. ඒත් ඩාර්ත් වේඩර්ට තමාගේ ජීවිතය අහිමි වෙනවා ? කොහොමහරි අන්තිමටම වෙන්නේ මොකද්ද, පියා තම පුතා වෙනුවෙන් දිවි පුදන්නේ කොහොමද කියලා දැනගන්නනම් ඔයාලා මේක බලන්නම ඕනි ?

ඒවගේම ගිහින් එන්න කලින් තවත් දෙයක් කියන්න තියනවා.අපි මේ වැඩේ කරන්නේ ඔයාලාගේ අදහස් බලාපොරොත්තුවෙන් බව ඔයාලා දන්නවානේ. ඒක නිසා හැමෝම එක්කෙනා ගානේ එක Comment ටිකක් දාන්න බලන්න. එතකොට තමා අපේ උත්සාහයේ වටිනාකමක් තියනවා කියලා දැනෙන්නේ ? එහෙනම් මම කැපුනා. මීළඟ උපසිරැසියෙන් හමුවෙමු ?

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

star wars collection (1997-2015)

Torrent Download

| Bluray | x264 | 1080p | 12GB | YIFY | Collection |

 

2.Star Wars: Episode V – The Empire Strikes Back (1980) | අභ්‍යවකාශ වීර කාව්‍ය.

Direct Download

| Bluray  | x264 | 720p | 1.1GB | YIFY |

3.Star Wars: Episode VI – Return of the Jedi (1983) | පිය සෙනෙහස.

Direct Download

| Bluray  | x264 | 720p | 1.1GB | YIFY |

4.Star Wars: Episode I – The Phantom Menace (1999) | භූත තර්ජන…

Direct Download

| Bluray  | x264 | 720p | 990MB | YIFY |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *