MENU

Three Billboards Outside Ebbing, Missouri (2017)| ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර….? (18+)Bluray Updated

“මම මිල්ඩ්‍රඩ් හේයස්”
මේ වෙනකොට මට තියෙන ප්‍රශ්නය වෙන්නේ මගේ දුවව ලිංගික අතවරයට පත්කරල මරල දාල තියෙන එක. හැම දේටමත්ම වඩා ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ කාලකන්නි අපරාධකාරයා තවම නිදැල්ලේ ඉන්න එක. ප්‍රාදේශීය පොලිසියේ උන්ට කිසිම උවමනාවක් නැහැ අපරාධය කරපු උන්ව අල්ලගන්න. උන් කරන්නේ ක්‍රිස්පි ක්‍රීම් කකා කාර් පාක් වල ස්කේටින් පදින පොඩි උන්ව අල්ලන එකයි වර්ණභේදවාදය නිසා කළු උන්ව අල්ලන් වද දෙන එක විතරයි. උන්ට කිසිම ගානක් නැහැ මගේ දුවට වෙච්ච අපරාධය ගැන. මමයි දුවයි අතර තිබ්බ සම්බන්ධතාවය ගැන මතුපිටින් බලල උඹල හිතනවනම් මම ජරා අම්ම කෙනෙක් මම මොකටද මේ තරම් දුව ගැන දුක් වෙන්නේ කියල කෙලවගන්නේ නැතුව තොලොංචි වෙලා පලයව්. උන්ට උවමනාවක් නැත්නම් මම උන්ට මතක් කරල දෙනවා උන්ට කරන රස්සාවට අදාළව කරන්න තියෙන දේවල් මොනවද කියල. මම ඒක පෙන්වන්නේ උන්ට විතරක් නෙමෙයි. මම මුළු ලෝකයටම ඒක පෙන්වනවා. මගේ දුවට යුක්තිය ඉටුකරගන්න මම ඕනම දෙයක් කරන්න පසුබට වෙන්නේ නැහැ. උන් දන්නේ නැහැ අම්ම කෙනෙක්ගේ දුක, උන් දන්නේ නැහැ ලිංගික අතවර කරල මරල දාපු දුවෙක්ව තමන්ගේ අත් දෙකෙන් මිහිදන් කරන්න සිද්දවෙච්ච අම්ම කෙනෙක්ගේ දුක. මම උන් ගැන මගේම විදියකට බලාගන්නම්. සමාජයම මාව පිළිකුල් කරාවි, කොන් කරලා දාවි. ඒත් මගේ දුවට යුක්තිය ඉටුවෙනකම් 

“මම බිල් විල්ව්බි”
මම තමයි එබින් නගරයේ ෂෙරිෆ්. මට ජිවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව බොහොම ටික කාලයයි. මට දරුණු පිළිකාවක් තියෙනවා. මම ඉන්නේ පිළිකාවේ අවසාන අවධියේ. මේ වෙනකොට මගේ ඇඟේ තියෙන ලොකුම අවයවත් ඇත්තටම මේ පිළිකාව. ඉතිං මම මේ වෙනකොට ඉන්නේ මරණයට මුහුණ දෙන්න සුදානමින්. මේ අතරවාරයේ තමයි මිල්ඩ්‍රඩ් හේයස්ගේ දුව ඇන්ජෙලා හේයස්ව අතවරයට ලක්කරලා මරල දාල තිබ්බේ. මම හැම හෝඩුවාවක් පස්සෙන්ම ගියා, අපරාධකාරයාගේ DNA අපි ළඟ තියෙන අපරාධකරයෙකුගේම DNA වාර්තාවන් එක්ක සංසන්දනය කරලා බැලුවත් කිසිදු ගැලපීමක් තිබ්බේ නැහැ. කිසිම ඇසින් දුටු සාක්ෂි කාරයෙකුත්, වෙනත් කිසිම භෞතික සාක්ෂියක්වත්, සුළු හෝ හෝඩුවාවක්වත් ලැබුනේ නැති මේ අපරාධය සිදුකරපු අපරාධකරුවා අල්ලගන්න එක ඇත්තටම මම ඉන්න තත්වයත් එක්ක ලොකු අභියෝගයක් මානසික පීඩනයක්, දැන් ඒ තත්වය තවත් දරුණු වෙලා. ඇන්ජෙලාගේ අම්ම විශාල ප්‍රමාණයේ බිල්බෝර්ඩ් තුනක් ගහල. ඒ බිල්බෝර්ඩ් තුනෙන් කියැවෙන්නේ මම ඒ අපරාධය පසුපස හඹා යන්නේ නැහැ කියල අදහසක්. ඒත් මටත් ඕන ඒ අපරාධකාරයව අල්ලගන්න. මං ඉන්න තත්වය එක්ක මිල්ඩ්‍රඩ් කරපු මේ වැඩේ නිසා නගරයේම ජනතාව ඉන්නේ මගේ පැත්තේ. මම මට පුළුවන් හැම දේම කළා ඒත් ඒ DNA අපරාධකරයින්ට ගලපෙන්නෙත් නැත්නම් කිසිම වෙන කිසිම සාක්ෂියකුත් නැත්නම් තව ටික දවසකින් මැරෙන්න ඉන්න මම මොනවා කරන්නද?

“මම ඇන්ජෙලා හේයස්”
එබින් නගරයම කතා වෙන්නේ දැන් මං ගැන තමයි, නගරේ මිනිස්සු විරසක වෙලා ඉන්නේ මං නිසා. ඇත්තටම මම දැන් ජිවතුන් අතර නැහැ. මාව ලිංගික අතවරයට ලක්කරලා මරල දාපු සාහසිකයෝ තවම නිදැල්ලේ. මගේ අම්ම දැන් තනියම සටන් වදින්නේ මට යුක්තිය ඉටුකරගන්න. මම ජිවත් වෙලා ඉන්න කාලේදී අම්ම එක්ක තිබ්බ සම්බන්ධතාවය ඒ හැටි හොඳ නැති උනත් මං හිතන්නේ අම්මට එහෙම හැසිරෙන්න උවමනාවටත් වඩා හේතු තිබුනා. මං හිතන්නේ මම හිතුවක්කාර උනා ඉතිං ජීවිතෙන් වන්දි ගෙවල තවත් මිනිස්සු ගොඩක් අමාරුවේ දාන තැනකට මගේ මරණය පවා පත්වුණේ ඒ නිසා වෙන්න ඇති. අම්ම තාත්තාගෙන් දික්කසාද වෙලා මගේ මල්ලිවයි මාවයි බලාගත්ත කොහොමහරි. හැබැයි ඒ කාලේ මට අම්මගේ සෙනෙහස දැනුනේ නැහැ. මං හිතන්නේ අම්ම දැන් හැසිරෙන විදියට මම ජිවත් වෙලා ඉන්න කාලේ හැසිරුනා නම් මම බොහෝදුරට තවම ජිවත් වෙලා ඉන්නත් තිබ්බ. ඒත් කාටද කියන්න පුළුවන් අපේ ඉරණම කොයි කොයි අතට පෙරලෙයිද කියල. ඔයාලට බලාගන්න පුළුවන් මගේ අවාසනාවන්ත මරණය තව මිනිස්සු කිදෙනෙක්ට අවාසනාව අරගෙන එනවද කියල…..

“මම මාටින් මැක්ඩොනෆ්”
මම තමයි ඇන්ජෙලා හේයස්ගේ කතාව ලිව්වේ. ඒ වගේම අධ්‍යක්ෂනයත් මගේ. මම මේ තිරපිටපත ලියනකොට මිල්ඩ්‍රඩ් හේයස් විදියට මම චිත්තරූපය මවාගෙන හිටියේ Frances McDormand ව. තිරපිටපත ලියා අවසන් කලාට පස්සේ එයාට මේ යෝජනාව ඉදිරිපත් කලාම එයා ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී එයා කැමති උනා. මං හිතනවා මට වැරදුනේ නැහැ මම එහෙම කියන්නේ මොකද, මට මේ කතාවට IMDB 8.3ක් ලැබිල හොඳම සිනමාපට අතර 122වැනි ස්ථානය දිනාගන්න හැකි උනා විතරක් නෙමේ 2018 ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන උළෙලේදී සම්මාන හයකට නිර්දේශ වෙලා සමාන හටහ්රක් ලබාගන්න පුළුවන් උනා.  ඒ Best Drama, Best Screenplay එක විදියට මටත්, Best Actress විදියට ෆ්‍රැන්සිස්ටත් (මිල්ඩ්‍රඩ් හේයස්)  Best Supporting Actor විදියට වූඩි හැරල්සන්ටත් (බිල් විල්ව්බි) ඉහත කී අංශ හතරෙන්. ඒ විතරක් නෙමෙයි කට්ටිය දන්න කියන Peter Dinklage වගේ අය එක්ක තව පිරිසක් ඉතාම අපුරුවට මගේ විධානය අනුව මේ කතාව ජීවමාන කළා. මගේ මීළඟ බලාපොරොත්තුව මෙවර ඔස්කා සම්මාන උළෙලේදීත් මේ විදියටම ජය කෙහෙළි නංවන්න තමයි. මං  හිතනවා මේ කතාව බලන්න ඔයාලට මිට වඩා කරුණු කාරනා අවශ්‍ය නැහැයි කියල. 

“මම ශාන් විමුක්ති” 
අවසාන වශයෙන් මම යමක් කියන්න කැමතියි මේක 18+ එහෙමත් නැත්නම් හොලිවුඩ් විදියට R රේටඩ් උනේ මේකේ කතා කරන බාශාව සහ යම් සීමිත දර්ශන කිහිපයක් නිසයි. මම හැකි පමණ සභ්‍ය ආකාරයෙන්  අදාල හැඟීම් පෙන්වන ආකාරයට  සිංහල උපසිරැසිය නිර්මාණය කළා. මම සමහර තැන් වලට * ලකුණු යොදාගත්තා. මට එහෙම කරන්නේ උනේ මම අදාළ තැනට වෙනත් ආදේශක වචනයක් යෙදුවොත් අදාළ දෙබසේ හැඟීම සම්පුර්ණයෙන්ම නැතිවෙලා යන නිසයි. ඒ නිසා පොදුවේ බලන්න එපා මේක ඔයාලව අපහසුතාවයට පත්වෙන්න පුළුවන් ඒ දේවල් නිසා. ඒ වගේම උපසිරැසිය සහ හොඳ පිටපතක් ඇවිල්ල යම් කාලයක් ගතවුනා මේක පරිවර්තනය කරන්න. ඒ වගේම මේ දීල තියෙන පිටපත කිසිදු අයුරකින් කැමරා කොපි නෙමෙයි මේ පිටපත සම්මාන උළෙලවල් පවතින කාලයන්හිදී හොර රහසේ එලියට නිකුත් වෙන ඒවා. ඉතිං එහෙමනම් මම මේ අවුරුද්දේ දැනට බලපු හොඳම කතාවක් මේක. සමුගන්න අවසරයි අද හවස වයිකින් තුලින් නැවත හමුවෙමු.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 847MB | YIFY |

40AE46126CB027C6C94E37CAD1CDF1B632EC3DE9

 Direct Download

| Bluray | x264 | 720p | 847MB | YIFY |

 

| Bluray | x264 | 720p | 1.8GB | YIFY |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Three Billboards Outside Ebbing, Missouri (2017)| ප්‍රශ්නය තමාගේ නොවන තාක්කල් පිළිතුර….? (18+)Bluray Updated

Leave a Reply

Your email address will not be published. Required fields are marked *