MENU

Titans 2018 [S01: E02] | පැරණි මිතුරන්…

පසුගිය කොටසින්

අද දෙවැනි කොටස නරඹන්න එකතු වෙන ඔයාලා මේ වෙද්දී මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා. ලොකුවට විස්තර කරන්න දෙයක් නැති වුනත් ගිය සතියෙ කොටසෙ වෙච්ච දේ කෙටියෙන් පැහැදිලි කරන්නම්කො. කතාවට ආරම්භයක් ලැබුනේ මිචිගන්වල ජීවත්වෙන ඇතුලාන්තයේ ලොකු අදුරක් තැන්පත් කරන් ඉන්න රේවන් එහෙමත් නැත්තම් රේචල්ගෙනුයි. ඩික් ග්‍රේසන් කියන්නේ කාගෙ කවුද කියලා දන්නෙවත් නැතුව ඩික් වගේම එයාගෙ පවුලේ අයට මුහුණ දෙන්නවුනු ඉරණම ගැන දිගින් දිගටම හීන දැකපු රේචල්ට කතාවේ යම්තාක් දුරකට යද්දී අපිට හදුනගන්න ලැබුණු චරිතේ ඩික් ග්‍රේසන් නොහොත් රොබින් එක්ක රේචල්ට තිබුනේ තාමත් වචනයෙන් විස්තර කරන්න බැරි සම්බන්ධයක්. මොකද ඩික්ගෙ පෙර සිදුවීම් ගැන රේවන් දකින්නේ ඇයි කියලා තාමත් පැහැදිලි නැහැ. මේ ගැන ඉදිරියේදී කතාවෙන් පැහදිලි කරලා දෙයි කියලා හිතනවා. ඊළගට තමයි මේ වෙද්දී බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වෙන චරිතේ ස්ටාර්ෆයර්ව හදුන්වා දීමක් කරන්නේ.

කතාවේ අවසානයට දකින්න ලැබුණු Xbox ගේම්ස් හොරකම් කරපු බීස්ට් බෝයිටත් ඒ හැටි හොද ආරම්භයක් නැතත් පොඩ්ඩක් කුතුහලය දනවන විදිහට මේ චරිතෙත් කතාවේ අන්තිමට දැකගන්න ලැබුණා. ලැබිලා තියෙන ආරංචි වලට අනුව නම් බීස්ට් බෝයිව මුල් කොටස් තුන පහුවෙනකන්ම අපිට එයාව වැඩිය දැකගන්න ලැබෙන්නේ නැහැලු. මොකද දෙවැනි කොටස තුලින් වැඩි අවධානයක් අරගන්නේ හෝව්ක්  හා ඩොව් කියන චරිත දෙක නිසා. බීස්ට් බෝයි විතරක් නෙවෙයි මේ කතාමාලාව අවසානයේදී නයිට්වින්ග් බවට පත්වෙන ඩික් ග්‍රේසන් ගැනත් අපිට තාමත් වැඩි දෙයක් දකින්න ලැබුනේ නැහැ. හුගාක් විස්තර ඉදිරියේදී දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුලුවන්. මොකද බොහෝ දෙනෙක්ගේ විහිළුවට ලක්වුනු ස්ටාර්ෆයර්ගේ පෙනුමේ ඉදන්, කොස්ටියුම් එක දක්වාම කතාමාලාව අවසානයේදී වෙනස් වෙන්න නියමිතයි.

කවුද මේ Hawk and Dove කියන්නේ?

සුපිරි වීරයින්ගේ කැටගරිය යටතේ ඇමරිකානු කොමික් චිත්‍රකතා පොත්වල හොදම සාර්ථකත්වයක් ලබාගත්ත “Silver Age of Comic Books” කියන අනුවර්ත නාමයෙන් හදුන්වන කාලෙක නිර්මාණය වුනු චරිත දෙකක් තමයි මේ හෝව්ක් හා ඩොව් කියන්නේ. Steve Ditko හා Steve Skeates දෙදෙනාගේ අදහස මත තමයි මේ අපුරු චරිත දෙක නිර්මාණය වෙන්නේ. මේ විදිහට චරිත බිහි වීමෙන් අනතුරුව මුල්ම වතාවට 1968 ජූනි මාසේ Showcase #75 කොමික් චිත්‍රකතා වලින් තමයි මේ දෙන්නව දකින්න ලැබුනේ. මේ විදිහට නිර්මාණය වුනු මේ චරිත Teen Titans, Birds of Prey,වගේම Brightest Day වගේ කොමික් චිත්‍රකතා වලින් දකින්න ලැබිලා තියෙනවා. මෑත කාලේදී හෝව්ක් හා ඩොව් කිව්වම ගැහැණු හා පිරිමි චරිතයක් තිබුනත් මුල් කාලේදී මුලින්ම ඒ කිව්වේ ඔරිජිනලි දකින්න ලැබුනේ තාරුණ්‍යයෙ පසුවෙන යුධකාමී සහෝදරයෝ දෙන්නෙක්ව. හෑන්ක් හෝල් නොහොත්Hawk (හෝව්ක්) කියන්නේ එක් චරිතයක්. ඩොන් හෝල් නොහොත් ඩොව් කියන්නේ අනික් චරිතේ. මේ විදිහට ඔරිජිනලි සහෝදරයෝ දෙන්නෙක්ගෙන් පටන් ගත්ත චරිත දෙකෙන් ඩොව් විදිහට තරුණ වියෙ පසුවෙන ගෑනු කෙනෙක් විදිහටත් දකින්න ලැබෙනවා. Silver and Bronze Age, Modern Age වගේ ප්‍රකාශනයන් යටතේ බිහිවුණු කොමික් චිත්‍රකතා පොත් එක්කම ක්‍රමයෙන් මේ චරිත වෙනස් වෙලා තියෙන්නේ. එදා මෙදා කාලේ අතරතුර මේ දෙන්නගේ නොයෙකුත් සංස්කරණ, විවිධ කොමික් චිත්‍රකතා යයතේ බිහිවෙලා තියෙනවා.

මුල්ම වතාවට සජීවී ක්‍රියාදාම විදිහට නිර්මාණය වුනු ටයිටන්ස් කතාමාලාව තුලින් ඔයාලට දැකගන්න ලැබෙන හෝව්ක් සදහා Alan Ritchson ද, ඩොව් සදහා Minka Kelly කියන දෙපල දකින්න ලැබෙනවා. ඩික් ග්‍රේසන් එක්ක කටුක ඉතිහාසයක් තියෙන මේ චරිත දෙකට රොබින් එක්ක සටන් කරනවා දකින්න ලැබේවි වගේම සටන් කරද්දී කිසිම අඩුවක් නැතුව ක්‍රැර විදිහට සටන් කරන විදිය පවා දැකගන්න ලැබේවි. මින් ඉදිරියට තවත් කියලා වැඩක් නැහැ. මේ කොටසින් මේ ඩබලගේ වැඩ ටික බලලම ඉන්නකෝ එහෙනම්.

කියපු ගමන් බැහැ නොකිය ලිපිය ලියල දුන්න චාමර මල්ලිට ස්තුතියි. ඒ වගේම සිසිල සහොටත් එයා භාරගත්ත චිත්‍රපට කීපයක් ඇවිත් නිසා අද කොටසත් ගෙන්න උනේ මට. එහෙනම් එන සතියේ නැවත මුණගැහෙමු. ජය !!!

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | PHOENiX | 210MB |

Direct Download

|  WEBRip | x264 | PHOENiX | 250MB |

| WEBRip | x265 | 720p | 180MB |10Bit

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Titans 2018 [S01: E02] | පැරණි මිතුරන්…

  • after two weeks venom 2018 still not in website. When its publish?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *