තුන්වෙනි කොටස සමඟින් තමයි අපි අද මේ එකතු වෙන්නේ. කලින් කොටස බලපු සමහර අයට පොඩි පොඩි ගැටළු ඇවිත් ඇති කියල හිතනවා. මොකද අලුත් චරිත දෙකක් හඳුන්වා දුන්නා වගේම අන්තිමේ දැකපු ඒ අමුතු පවුල කවුද කියල ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම මුලින් පොඩි විස්තරයක් කරන්නම් මේ කොටසට යොමු වෙන්න කලින්. අපි මේ දකින පවුල ඇත්තටම කොමික් පොත් වල සඳහන් වන පිරිසක්. මේ ගැන අපිට මුලින්ම අහන්න ලැබෙන්නේ THE OUTSIDERS #1 1980 මැද භාගයේ නිකුත් වූ කොමික් පොත මගිනුයි. කොමික් පොත් වලට අනූව මේ පවුල සමාජයට පවුලක් වගේ පෙනුනට ඔවුන් ඇත්තෙන්ම මිනිස් පවුලක් නෙමෙයි. එහෙනම් කවුද මෙයාල? කොමික් වලට අනූව නම් මෙයාල ඇත්ත මිනිසුන් වගේ හිටියට Dr. Eric Shanner නමැති න්‍යෂ්ටික බලය සම්බන්ධ විද්‍යාඥයා විසින් නිර්මාණය කල රොබෝවරුන් පිරිසක්. මේ රොබෝවරු මිනිසුන් අතර ගැවසෙන්න ඔවුන් පවුලක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. පවුලක් උනාම් පියා, මාව, දුව, පුතා ආදී වශයෙන් වගේම පවුලේ සුරතල් විදිහට රොබෝ බල්ලෙකුත් කොමික් පොතපතේ සඳහන් වෙන ආකාරයට සිටිනවා.
මේ විද්‍යාඥයා නය්ෂ්ටික බලය ගැන පිස්සුවෙන් වගේ පර්යේෂණ කල කෙනෙක්. ඒ වගේම ඔහුගේ ඇත්තම පවුලත් මේ පර්යේෂණ විකිරණ විෂ වීමකින් ඔහුට අහිමි වෙලා තියෙනවා. ඒ දුකෙන් පෙළුන ඔහු මේ මනුෂ්‍ය සවරූපය සහිත රොබෝ පවුල නිර්මාණය කර තිබෙනවා. ඔහු තමන්ගේ තරුණ ස්වරූපයේ පියෙක් සහිත පවුලක් නිර්මාණය කර ඔවුනට ව්‍යාජ නම් ලබා දී තිබෙනවා. ඔවුන් තනිකර ක්‍රියාත්මක වෙන්නේ න්‍යෂ්ටික බලය උපයෝගී කරගෙනයි. එමනිසා ඔවුන් සතුව තිබෙන බලය ඉතාමත් ඉහලයි. පිපිරුම් ඇති කිරීම, විද්‍යුත් චුම්භක තරඟ ඇති කිරීම වගේ දේවල් ඒ හැකියාවන්ට ඇතුලත්. ඒ තමයි නියුක්ලියර් ෆැමිලි එකේ අතීත ස්වරූපය.
කොමික් වලින් ඔබ්බට එනම් මේ කතා මාලාව තුලදී අපි දැක්ක මේ පවුල අමුතු එක්ක බවත් ඔවුන් වඩා බලවත් පිරිසක් බවත්. එත් ටයිටන් කතා මාලාව තුළදීත් අපි දකින මේ පවුල ඒ ආකාරයෙන්ම දරුණු මාරාන්තික පිරිසක්ද? ඔව්. අපි ඒ බව දැක්කා ඩික්ගේ සහයිකාවට දුන්නු වදවලින්ම. එත් මේ අය කොමික් වල හඳුනවා දුන්නා වගේම රෝබෝවරුන්ද? යන කාරණය තවමත් අපැහැදිලි නිගමනයක්. එත් ඔවුන් කොමික් පොත පතේ හැටියට අහසින් යන්න පුළුවන් වගේ සුපිරි බලවලින් සමන්විත පිරිසක්ද යන්න තවමත් විසඳගන්න නොලැබුන කාරණයක්.කෙසේ නමුත් ගිය කොටස අවසානයේ දැක්කා වගේ මේ පවුල අවතක්සේරු කරන්න පුළුවන් මට්ටමක නැහැ. එහෙනම් පවුලේ විස්තරය ඇති අද කොටසට යොමු වෙමු.
පසුගිය කොටසින්
ඒ කොටස ගැන කියනවට වඩා අපි දැක්කා ගිය කොටසේදී අලුත් චරිත දෙකක් ඒ දෙන්නා තමයි හෝව්ක් සහ ඩෝව්. මේ දෙන්න ඩික් ග්‍රේසන් ගෝතම් වල ඉන්න කාලේ එයාගේ කණ්ඩායමේ හිටපු දෙන්නෙක්. ඉතින් රේචල්ට උන කරදරය නිසා ඩික් කල්පනා කරනවා රේචල් මේ පැරණි මිතුරෝ ඉන්න තැන නතර කරන්න. ඒ වගේම රේචල් එයාගේ බලය මගින් දැනගන්නවා ඩෝව් සහ ඩික් අතරේ සම්බන්ධයක් තිබිලා තියෙන බව. ඒ වගේම ඩික් උදවු වෙනවා හොව්ක් සහ ඩෝව් දෙන්නට ඔවුන් දෙදෙනා මැඩලන්න හදන තුවක්කු ජාවාරමක් මැඩලන්න. අවසානයේ තමයි අපි දැක්කේ මේ හතර දෙනාටම නියුක්ලියර් පවුල ප්‍රහාරයක් දියත් කරලා අවසානයේ ඩෝව් මිය යනවා. ඒ වගේම රේචල් ඔවුන් පැහැරගෙන යනවා. ගිය කොටසේදී අපිට බීස්ට් බෝයි, ස්ටාර් ෆයර් දෙන්නව දැකගන්න ලැබුනේ නැහැ. මේ කොටසේදී බොහෝදුරට අපට ආපහු එයාලව දකින්න ලැබේවි. ඒ වගේම මේ කොටස තුල ඩික් ග්‍රේසන්ගේ අතීතාවර්ජනයක් දකින්න ලැබෙන අතර බෘස් වෙයින් සහ ඔහු ගැන මේ කොටස තුල අසන්න සහ දකින්න ලැබේවි. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා !!!!
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEBRip | x264 | PHOENiX | 270MB |
Direct Download
| WEBRip | x264 | PHOENiX | 270MB |
| WEBRip | x264 | 480p | 190MB |
| WEBRip | x265 | 720p | 200MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Titans 2018 [S01: E03] | හැම දේකම ආරම්භය…”
Ela bro..
Episode 04 oone…
Ada denawadooo