MENU

Titans 2018 [S01: E08] | මිතුරෙක් ලෙසින් ලඟ හිටියෙ හතුරෙක්ද?

කොහොමද කට්ටියට ඉත්ං, මාවත් ඉතිං අර විමා කිව්වා වගේ DC කතා එක්ක දකිනවට වඩා Marvelකතා එක්කනෙ කට්ටිය හම්බවෙන්නෙ. ඉතිං එහෙම ඉදලා DC ලගෙ මෙච්චර කාලෙකට ආව හොදම සීරීස් එකට ඔලුව දාගත්තා. මාවල් රසිකයෙක් වුනත් Titans කතා මාලාව සුපිරියි කියලා කියන්න දෙපාරක් හිතන්නෙ නැහැ. මොකද මේක අර කුජීත පච වෙලා නන්නස්තාර වෙලා තියෙන ඇරෝවර්ස් එක වගේ නොවන නිසා. ඉතිං නොබලපු අය තව ඉන්නවනම් අරං බලහල්ලා. අද කතාවෙ නම Donna Troy, ඒත් මම දාලා තියෙන්නෙ ඒ නම නෙවෙයි හොදේ, කතාවෙ සාරංශයත් එක්ක ගැලපෙනවා කියලා හිතුන නමක් ඔන්න. ඕවා කලින් කියන්න එපැයි. නැත්තං සිඟිති පාතාලෙ උන් නැට්ට පාගගන්නවා.

තව දෙයක් කියන්න ඕන, අද කතාවට කලින් ලිපිය ටිකක් කියෙව්වනම් කතාව හොදට තේරු ගන්න පුළුවන්වෙයි. කලින් කොටස ගැන අවශ්‍ය වෙන එකක් නැහැ. මේ ලිපිය කියවලා කතාවත් බලන්නලා එහෙනම්.

පසුගිය කොටස් වලදි අපිට විශේෂ චරිත කිහිපයක්ම හදුන්වලා දුන්නා මතක ඇති. ඉතිං අන්න ඒ විදිහට අද කොටසින් හදුන්වලා දෙන චරිතය තමයි ඩොනා ට්‍රෝයි කියන්නෙ. කවුද මේ ඩොනා ට්‍රෝයි. අපි මෙහෙම පටන් ගමු, කවුරුත් දන්නවනෙ ගොඩක් හීරෝස්ලට තමන්ටම කියලා සහයකයෙක් ඉන්නවා කියලා, උදාහරණයකට බැට් මෑන්ව ගත්තොත් බැටාගෙ සයිඩ් කික් එහෙම නැත්නම් සහයකයා තමයි රොබින් කියන්නෙ. රොබින් ගැන කලින් දැනගත්තනෙ. ඉතිං ඒ වගේම තමයි DC යුනිවර්ස් එකේ ඉන්න ඇහැට ප්‍රියමනාප කවුරුත් ආදරය කරන වොන්ඩර් වුමන්ටත් මෙහෙම සහයකයෙන් ඉන්න ඕන කියලා හිතලා තමයි මේ ඩොනා ට්‍රෝයිව නිර්මාණය වෙන්නෙ. ඉතිං ඩොනා’ව හදුන්වන අනික් නම තමයි වොන්ඩර් ගර්ල් කියන්නෙ.

ගොඩක් සුපර් හීරෝලට වගේම ඩොන්නටත් ටිකක් පැටලිලි සහගත ඔරිජින් එකක් තියෙනවා. මේ ලිපියෙ ඕවා එකින් එක විස්තර ඇතුව කියන්න නම් උත්සහ කරන්නෙ නෑ. ඇත්තටම කොමික් වලදි ඩොන්නට ඔරිජින් කිහිපයක්ම තියෙනවා. මේ ඔරිජින් ස්ටෝරි, Crisis on Infinite Earths eventඑකට කලින් සහා පසුව විදිහට තමයි බෙදෙන්නෙ.

Pre- Crisis
මෙතනදි ඩොන්නගෙ දෙමව්පියන් සහා ඩොනා ගින්නකට අහුවෙනවා, එතනදි ඩොන්නගෙ අම්මා තාත්තා දෙන්නම මේ ගින්නෙන් මැරෙනවා. ඩොන්නව බේරගන්නෙ ඩයනා විසින් එහෙම නැත්නම් වොන්ඩර් වුමන්. මෙහෙම බේරගත්ත ඩොන්නව ඩයනා Paradise Island වලට ගෙනියනවා. එහෙදිPurple Ray පාවිච්චි කරලා ඩොන්නටත් ඩයනට සමාන බලයන් ලබාදෙනවා. ඒ වගේම Amazonසටන් ක්‍රම වගේම කායික පුහුණුවත් ඩොනා එහිදි ලබා ගන්නවා. ( Amazon කියන්නෙ තේමිස්කිරාවෙ ඉන්න ගැහැණුන්ගෙන් සැදුම්ලත් රණශූරයින්ගෙ කණ්ඩායමක්) ඔය විදිහට පුහුණු වුන ඩොනා පස්සෙ කාලෙ Teen Titans කණ්ඩායමට එකතුවෙනවා. (මෙතනම තව ඔරිජින් එකක් යනවා, ඒකෙදි ඩෝනගෙ මව පිළිකාවක් නිසා මිය ගිහින් ඩොනා

අනාථ වෙන)

Crisis on Infinite Earths event එකෙන් පස්සෙ ටික කාලෙකින් John Byrne විසින් ඩොන්නගෙ ඔරිජින් එක වෙනස් කරනවා. මිනිහා ඔරිජින් එක ලියනවා, ඩයනගෙ ඩොප්ලගැන්ගර් එහෙමත් නැත්නම් ද්විත්ව කායක් විදිහට ඩොන්නව නිර්මාණය කරනවා. ද්විත්ව කායක් කිව්වට වොන්ඩර් වුමන්ගෙ පොඩි වර්ෂන් එකක් හොදේ. පස්සෙ ඩොන්නව Dark Angel විසින් පැහැරගෙන් ගිහින් සාපයක් කරනවා ඇගේ ජීවිතේ යම් කිසි ඛේදවාචකයකින් අවසන් වෙන විදිහට. මේ ඔරිජින් එක තමයි ඩොන්නව මැරනකල් තිබුනෙ. ඊට පස්සෙත් ඩොන්නගෙ කතා බොහොමයක් ගැන කියවෙනවා ඉතිං. ඕවා කියන්න ගියාම කොහෙන් කොහොම නතර වෙයිද මංදා. ඒ නිසා මේ ටික දැනගත්තාම ඇති කතාව බලන්න.
අද කතාව බැලුවාම ඔයාලටම දැනගන්න ලැබෙයි ඩොනාගෙ මොන ඔරිජින් එකට අනුවද කතාව ගලාගෙන යන්නෙ කියලා. ඒක මෙතන කියන්නෙ නැහැ. කතාව බලලම දැනගන්න.

ගොඩක් සුපර් හීරෝස්ලගෙ ඇදුම් කාලෙන් කාලෙට විවිධ වෙනස් වීම් වලට ලක්වෙලා තියෙනවනෙ. ඒ වගේම වොන්ඩර් ගර්ල්ගෙ ඇදුමත් විවිධ ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. ඔය පහල රූපෙන් ඒක පැහැදිලිව බලාගන්න පුළුවන්.

එතකොට ඩොනා ට්‍රෝයි වොන්ඩර් ගර්ල් විදියට විතරමද හිටියෙ?? නෑ ඩොනා විවිධ අය විදිහට ඉදලා තියෙනවා. ඒ තමයි Troia වගේම ඩාර්ක්ස්ටාර්ස් කෙනෙක් විදිහට මෙයා වැඩ කරලා තියෙනවා. ඕවා ගැන වැඩිය අවුස්සන්න ගියොත් මේක හෑල්ලක් වෙනවා.

එතකොට ඩොනාගෙ අවසානය කොයි වගේද??
ඒක වෙන්නෙ මෙහෙමයි, Titans සහා Young Justice කොමික් වල ක්‍රොස් ඕවර් එකක් වෙච්චTitans/Young Justice: Graduation Day වලදි, Indigo(ඉන්ඩිගෝ) කියන ඇන්ඩ්‍රොයිඩ් සුපර් මෑන් විදිහට හදපු දුෂ්ට රොබෝ කෙනෙක් S.T.A.R ලැබ් එකෙන් යවනවා Titans සහ Young Justice කියන ටීම් දෙකට පහර දෙන්න. ඔතනදි ඩොනා මේ රොබෝව මරන්න කිට්ටුවටම ආවත් රොබෝ හීට් විෂන් පාවිච්චි කරලා ඩොනාව මරනවා. කතාවෙ අන්තිමට Titans, Young Justice,සහා Justice League කියන කණ්ඩායම් තුනේම සාමාජිකයො ඩොනාගෙ අවමංගල උත්සවයට සහභාගි වෙනවා. ඔය සීරීස් එක පුරා වෙච්ච ඛේදනීය සිදුවීම් හේතුවෙන් Titans සහ Young Justiceකණ්ඩායම් දෙකම විසිරුවා හැර තිබෙනවා.

එහෙනම් ඔන්න ඉතිං හොයා ගත්ත දේවල් කපලා කොටලා ටිකක් එහා මෙහා කරලා පොඩි විස්තරයක් අරන් ආවා පුළුවන් විදිහට උපසිරැසියත් එක්ක. විස්තරේ නම් හොදද මංදා ඉතිං. එහෙනම් මම ගිහින් එන්නම්.

 

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x265 | PHONEiX | 200MB |

Direct Download

|  WEBRip | x264 | PHONEiX | 200MB |

| WEBRip | x265 | 720p | 175MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *