MENU

Tremors Movie Collection | බින්කුන්ඩෝ

1. Tremors (1990) | බින්කුන්ඩෝ 

මම මේකට දාපු නම  බින්කුන්ඩෝ  කියල . මොකද කියල බැලුවම තේරේවි . මේ තියෙන්නේ පලමු කොටස ඒ කියන්නේ Tremors (1990) චිත්‍රපටියේ උපසිරැසිය. කතාව ගැන ටිකක් කියනවනම් , මේක සිද්ද වෙන්නේ ඇමරිකාවේ දුෂ්කර ටවුමක. ජිවත් වෙන මිනිස්සු ටිකක් වටා .හරිම ඒකාකාරී ජිවිතයක ගෙවන මිනිස්සුන් ට එකපාරටම විනාසයක් කඩා පාත්වෙනවාකඩා පාත්වෙනවා කිවුවට පොලව යටින් එන්නේ . මේ ගමට එනවා කවදාවත් හොයා ගත්තේ නැති සත්තු ජාතියක් . පට්ට ලොකු ඒවගේම හොදට මොලේ තියන එවුන් වගයක්. ඉතින් ගමේ මිනිස්සු උන්ව පරද්දල ජිවිතේ බෙර ගන්න විදිය තමා චිත්‍රපටිය පුරාම තියෙන්නේ . මටනම් කම්මැලි නැතුව බලන්න පුළුවන්., මම හිතනවා ඔයාලටත් පුළුවන් වේවි කියල. IMDB රේටින් 7 ට වඩා  අරන් තියනවා . ඒ කෙන්ම හිතා ගන්නකො.

2. Tremors 2 : Aftershocks (1996) | බින්කුන්ඩෝ 2 – ප්‍රතිප්‍රහාරය

මේකෙ කතාව ගැන කියනවනම් පළමු කොටසේ මුණගැසුන එරල් මතක ඇතිනේ . එයාගේ යාළුවා (වැල්) දැන් නැ කසාද බැඳලා ගිහින් . එත් මෙයාල ගොඩක් ප්‍රසිද්ද වෙලා තියනවා බින්කුන්ඩෝ එක්ක කරපු සටන හින්ද . ඉතින් තනියම තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නකොට මෙයාට මැක්සිකෝවෙ තෙල් කොම්පැනියකින් අඩගහනවා එයාලගේ පිරි පහදුවට ඇතිවෙලා තියන බින්කුන්ඩෝ ප්‍රශ්නය පිලිබඳ හොයා බලන්න . ලොකු මුදලක් ගෙවනවා කියපු හින්ද වැඩේ බාර ගෙන ගියාම තමා එරල් දැනගන්නේ තත්වේ බලාපොරොත්තු උනාට වඩා සීරියස් කියල. ඉතින් පරණ යාළුවා බර්ට් වත් ( ඔයාට දන්නවා ඇතිනේ කවුද කියල,  කතා දෙකක්ම දැක්කනේ ) එකතු කරගෙන මේ සත්තු එක්ක කරන සටන තමා මේකේ තියෙන්නේ.

කියන්න තියෙන්නේ ඉතින් මේකත් අනිත් ඒවා වගේම කම්මැලි නැතුව බලන්න පුළුවන් . IMDB 5.9 ක් අරන් තියනවා . 

3. Tremors 3 – Back to Perfection (2001)  බින්කුන්ඩෝ 3 – පරිපූර්ණත්වය කරා 

ඔන්න ඉතින් කතාව ගැන කියනවනම් මේ කතාවත් සිදුවෙන්න Tremors පළමු කොටස සිදුවෙච්ච ටවුමෙමයි. ඒ උනත් අවුරුදු එකොළහකට පස්සේ මුළු ටවුමම වෙනස් වෙලා . මේ බින්කුන්ඩෝ හින්ද ගොඩක් ප්‍රසිද්ද වෙලා. අලුත් බිස්නස් ඇතිවෙලා . ඉතින් මෙහෙම ගෙවෙන කාලය එකපාරටම වෙනස් වෙනවා , ආපහු මේ සත්තු මතුවීමත් එක්ක . මෙදාපාර පොලව යටින් විතරක් නෙවි උන්ට පියාඹන්නත් පුළුවන් . ඉතින් ටවුමේ මිනිස්සුයි ඔයාල දන්න අනිත් කොටස්වලින් ඔයාලට හමුවෙච්ච ගමර් මහත්තයයි එකතුවෙලා මේ සත්තුත් එක්ක කරන සටන තමා මේ චිත්‍රපටියේ තියෙන්නේ. IMDB අගය 5.4 ක් අරන් තියන හින්ද හොඳ එකක් කියල ඔයාලට තේරෙනවනේ .

4. Tremors 4: The Legend Begins (2004) | බින්කුන්ඩෝ 4 – භිෂකයන්ගේ ඇරඹුම

කතාව මොකක්ද කියල කියනවනම් මේක සිද්දවෙන්නේ Tremors පළමු චිත්‍රපටයේකතාව සිද්දවෙන්න අවුරුදු සියකට කලින් කතාවක් විදියට . ඉතින් හතරවෙනි එක උනත් කතාවේ හැටියට එක . නෙවාඩා වල තියන පොඩි ටවුමක තමා මේක වෙන්නේ . පස්සේ කාලේ මේ ටවුමේ තමා ඔය ෆ්‍රෙඩ් ලා , වැල් ලා , එරල් ලා ජිවත් වෙන්නේ . කවුද කියල මුල් ඒවා බැලුවනම් දන්නවා ඇතිනේ . ඉතින් මේ ටවුමේ තියන පතලේ පොඩි ප්‍රස්නයක් ඇතිවෙනවා . වැඩකරන අය එක පාරටම මරලා දානවා . ඉතින් පතල වහල දානවා . මේක බලන්න එනවා ගමර් මහත්තයා . ඔයාල දන්න කෙනා නෙවි. එයාගේ මි මුත්තා හියුම් ගමර් . ඉතින් එයා ඇවිත් බලනකොට තමා දැනගන්නේ අමුතු සත්තු ජාතියක් පතලේ සිදුඋන අත්වැරදීමකින් මතුවෙලා කියල. උන් දරුණු ඒ වගේම මොලේ තියන උන් වගයක්, මේ වෙන කවුරුවත් නෙවි ඒ අපේ බින්කුන්ඩෝ ටික . ඉතින් උන් පරද්දල දිනන එක තමා කතාවේ තියෙන්නේ. IMDB 5.4 ක් අරන් තියනවා. බලන්නකෝ.

5. Tremors 5: Bloodlines (2015) | බින්කුන්ඩෝ 5 – මිනීමරු පරපුර

මේ චිත්‍රපට මාලාව පටන් ගත්තේ 1990 . හරියටම කියනවනම් VHS යුගයේ . අපි මේවා බැලුවේ ඩේක් පිස් වල . ඉතින් මේ චිත්‍ර පටිය ගැන හරියටම දන්නේ දැන් ඔය අවුරුදු 30ත විතර වයස වැඩි යාලුවෝ, අනිත් යාලුවෝ මේකේ මුල ඒවා ගන්නෙත් නැතිවේවි පරණයි කියල. ඉතින් චිත්‍රපට මාලාවේ අන්තිම එක ආවේ 2015 නේ . එක දුන්නොත් එක බලල මේ ගැන අදහසක් එයාලටත් ගන්න පුළුවන් වේවි කියල මට හිතුනා .ඒතකොට යාලුවෝ ඔක්කටම මුළු චිත්‍රපට මාලාවම බලන්න පුළුවන් වේවිනෙ. මේක පස් වන කොටස උනත් මුල ඒවා නොබැලුවත් බලන්න අවුලක් නැ. මොකද මේකෙ මුලින්ම පරණ ඒවා හතරේම සාරාංශය කියල දෙනවා . අනික වෙනස්ම කතාවක් හින්ද ප්‍රශ්නයක් නැ .
ඔන්න ඉතින් කතාව ගැන ටිකක් කියනවනම් මේ කතාවේ නායකයා බර්ට් ගමර් කියන පුද්ගලයා . මෙයා තමා මුල් කතා හතරේම මේ සත්තු විනාස කරන්න උත්සහ කරන කෙනා . උතුරු ඇමරිකාවේ මුන් එක්ක සටන් කරමින් ඉන්න මෙයාට දැනගන්න ලැබෙනවා දකුණු අප්‍රිකාවේ මේ සත්තු මතුවෙලා කියල. ඉතින් දකුණු අප්‍රිකාවට ගිහින් ඒ සත්තු එක්ක සටන් වදින එක තමා මේකේ කතාව. මැද්දේ ගොඩක් වෙන සිදුවීම් තියනවා. කොහොම උනත් කම්මැලි නැතුව් බලන්න පුළුවන්.IMDB 5 කට වඩා වැඩියෙන් අරන්  තියන නිසා හොදයි කියල තේරෙනවා ඇතිනේ.
 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.Tremors (1990)

Torrent Download

| Bluray | x264 | 720p | 699MB | YIFY |

5372c63146c6bdd8950e4d47fac6703c10714939

| Bluray | x264 | 1080p | 1.3GB | YIFY |

4fc917ffd092801aff50fe1e568ed7d0504e336c

Direct Download

| Bluray  | x264 | 720p | 699MB | YIFY |

| Bluray | x264 | 1080p | 1.3GB | YIFY |

2.Tremors 2 : Aftershocks (1996)

Torrent Download

| Bluray | x264 | 720p | 758MB | YIFY |

321C131FACD72084DE367BA354C55B28E2265CE1

Direct Download

| Bluray  | x264 | 720p | 784MB | YIFY |

3.Tremors 3- Back to Perfection (2001)

Torrent Download

| Bluray | x264 | 720p | 807MB | YIFY |

KY6QAGBKPS2KBTWZ4AURZRP252457CQL

Direct Download

| Bluray  | x264 | 720p | 807MB | YIFY |

4.Tremors 4: The Legend Begins (2004)

Torrent Download

| Bluray | x264 | 720p | 794MB | YIFY |

773CQZGVNORNOXK63VMEIFTNX3E5NJ3B

Direct Download

| Bluray  | x264 | 720p | 794MB | YIFY |

5.Tremors 5: Bloodlines (2015)

Torrent Download

| DVDRip | 720p | MkvCage | 550MB |

E7D812EA4AF939EA3CCBF6452922D50B215F7680

Direct Download

| DVDRip | 720p | MkvCage | 550MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Tremors Movie Collection | බින්කුන්ඩෝ

  • geeganagamage

    බොහෝම ස්තුතියි මේ කරන උතුම් වූ සේවයට .

    Reply
  • Me files daunload kalata exxrtart karaddi errors enawa… xhexk and fixed that
    please

    Reply
    • Imesh lakshan

      ehma wenna widhk na.anith film dnwa wagea tmi mekth dmme..oyge pc eke poblem ekk wenna ati

      Reply
  • Tremors 3 download karanna baha ne.openload eke file eka delete wela kiyala watenawa.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *