සුජෝයි ඝෝෂ්. එහෙමත් නැත්තම්
Kahaani, Kahaani 2, Te3n, Badla, Ahalya
කියන සිනමාපට වල අධ්‍යක්ෂක/නිෂ්පාදක කියලා කිව්වොත් නම් දන්නවා ඇති.එයාගේ
පලවෙනි වෙ බ්සීරීස් ප්‍රවේශය තමා Typewriterකියන්නේ. පුරා කොටස් 5ක් පුරා සුපුරුදු කුතුහලය
නුපුරුදු විදිහට එන්නත් කරන්න මෙයා වගබලාගෙන තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
මේ අන්තිම කොටසේ සිද්ධ වෙන්න දේවල් ගොඩක් තියෙනවා.
ඒ හැමදේම සිද්ධවෙයිද, නැත්තම් තවත් කතා සමයකට යයිද
කියන ප්‍රශ්නේ ප්‍රේක්ෂකයන් ගාව ඇති. හරි,
මතක් කරගමු කලින් කොටස.
ෆකීර් කියන්නේ දැන් දරුණු මිනිමරුවෙක්. මිනිහව පොලිසිය අමාරුවෙන් අල්ලගත්ත මෙහෙයුම දකින්න ඇති. මිනිහගේ ඇස් දෙක වහපු නිසා මිසක්කා ඒ මෙහෙයුමත් අසාර්ථක වෙන්න තිබ්බා. ෆකීර් ඉතා බලවත්. කෙනෙක්ගේ ඇස් දිහා බලන් හදවත මිරිකලා දාන්න මිනිහට යන්නේ මිනිත්තුවයි. ඔය අතරේ හතරේ කල්ලියට ප්‍රශ්න කීපයක් ආවා. එකක් බන්ටිව එයාලගේ අම්මලා වෙන ඉස්කෝලෙකට දාන්න හදන එක. අනික සෑම් සහ නික් අතර ඇතිවෙච්ච බහින්බස් වීම. ඔය අතරේ ජෙනීට එයා හොය හොය හිටපු එයාගේ නැනීව හම්බවුණා. ජෙනී සාරාගෙනුත් සෑම් මෝසෙස්ගෙනුත් මේ හැමදේකම නිධාන කතාව ගැන දැනගත්තා. දැන් තියෙන්නේ එක සැකයක්. ජෙනීගේ අම්මගේ මරණය ඇත්තටම සියදිවිහානි කරගැනීමක්ද? ඔය අතර පුරහඳ රෑත් ළඟ ළඟ එනවා. හතරේ කල්ලිය දැන් තුනේ කල්ලිය වෙලා, නික්ගේ සමුගැනීමත් එක්ක. සෑම් ඇතුළු පිරිසට ඊළඟ පියවර ගැන හිතාගන්න බැරුව ඉද්දියි එයාලට ඩොක්ටර් ස්පිරිට්ව මතක් වෙන්නේ. ඒත් ඩොක්ටර් ස්පිරිට් කියන්නෙත් එයාලා හිතන තරම් සුදු චරිතයක්ද?
එහෙනම් එකතු වෙන්න කොටස් 5කින් යුක්ත වුනු Typewriter කතාමාලාවේ අවසන් කතාංගයත් එක්ක. මේ කොටසත් පුරුදු විදිහට ගැම්මෙන් බලලා ඉවර කරන්න පුළුවන්. තෘප්තිමත් අවසානයක් තියේවිද නැද්ද? තව කතා සමයකට ඉඩක් තියෙයිද නැද්ද? බලලම හිතන්න.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.4GB | Complete S01 |
Direct Download
| WEB | x264 | 480p | 160MB | Dual Audio |
| WEB | x264 | 720p | 520MB | Dual Audio |