MENU

Ulkuthu (2017) | මැරයකු වී පලිගනිමි

බයිස්කෝප් වාසී සියලු දෙනාට අරුත්බර දිනයක්ම වේවා..! එසේනම් සුපුරුදු පරිදි මා අද දිනත් අප අඩවියට ගොඩවන්නේ 2017 වසර අවසානයේ තිරගතවු අලුත්ම අලුත් ක්‍රියාදාම (Action) සහ හාස්‍ය වර්ගීකරණයට අයත් දමිළ සලරුවක් සමඟින්..! මැරකම හා සාහසිකත්වය කියන්නේ කිසි සේත්ම යහපත් ක්‍රියාවන් නොවේ..! මෙම චිත්‍රපටය තුලින් පෙන්වා දීබෙන කරුණක් වනුයේ එක්තරා පළිගැනීමක් වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කර වෙනස්ම මඟකට පාතබා තම අභිප්‍රාය ඉෂ්ඨ කරගන්නා සාමාන්‍යය දුප්පත් තරුණයෙකුගේ කතාවක් ඇත්තටම මේ තරුණයා සිදුකරන ක්‍රියාව නිවැරදිද යන්න ඔබ විසින්ම තීරණය කලයුතු වෙනවා කිමද අද සමාජයේ කිසිඳු අර්ථයක් නොමැතිව කිසිදු හේතුවක් සාධකයක් නොදැන විවිධ කරදරයන්ට මූහුණපෑමට ඔබටත් සිදුවෙලා ඇති ඇතැම් විට ඔබගේ සමීපතමයන්ට හෝ සිදුවෙලා ඇති ඒ අතරිනුත් ඇතැමුන්ට මරණය පවා උරුම වෙලා ඇති මෙම චිත්‍රපටය පුරා දිවයන්නේ එවැනි කතාවක් එසේනම් මෙම චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අවස්ථාව සකස් කර දුන් කවදදත් මට උදව්කරනා සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය පිරිනමමින් චිත්‍රපටයේ කතාව සහ අනෙකුත් විස්තරයන් දෙස අවදානය යොමු කිරිමටයි මේ සූදානම..!

පසුගිය වසරේ දෙසැම්බර් මස 29 දින තිරගත කිරිම ආරම්භ කල මෙම චිත්‍රපටය Kaarthick Raju නම් වු Thirudan Police 2014 යන චිත්‍රපටයේද රචනය හා අධ්‍යක්ෂනය කල අධ්‍යක්ෂකවරයා අතින්ම ලියැවි අධ්‍යක්ෂනය වු චිත්‍රපටයක්..! මෙම චිත්‍රපටය සඳහා imdb දර්ශකයේ ලකුණු 7.4/10 ක් ලබා තිබෙනවා. මෙහි රංගනය දමිළ චිත්‍රපට රසිකයින්ට හොඳ රසිකත්වයක් ලබාදී දමිළ සිනමාවේ යම් පෙරලියක් කල චිත්‍රපට කීපයක් වු Visaranai 2015 . Tamizhuku En Ondrai Azhuthavum 2015 හා Thirudan Police 2014 යන චිත්‍රපටයන්හි ප්‍රදාන චරිතයන් නිරුපනය කල Dinesh විසින් ප්‍රදාන චරිතය මෙහිදීද හොබවනු ලබනවා.

මෙහි කතාව දෙසට අවදානය යොමුකලහොත් රාජා නම් තරුණයෙක් සිටිනවා රාජා පවසන ආකාරයට ඔහු තම නිවසේ ඇතිවු රණ්ඩුවක් හේතුවෙන් නිවස අතඇර දමා නිශ්චිත ස්ථානයක් නොමැතිව ගමන් කරන පුද්ගලයෙක් මේ අතරම තමා මැරයෙක් යැයි පවසමින් පුරසාරම් කියනා සුරා සංකර් නමින් පුද්ගලයෙක් සිටිනවා ඉතින් දිනක මේ රාජා සුරා සංකර්ව මුණ ගැසෙනවා දෙදෙනා අතර අතිවන යම් සිද්ධියක් නිසා රාජාට සුරා සංකර් ගේ නිවසේ නැවතීමට ඉඩක්ද ලැබෙනවා සුරා සංකර් රාජාට බෙහෙවින්ම ඇලුම් කරන්නේ ඔහු ව්‍යාපාර උපාධියක් හදාරා ඇති අයෙකු බව පැවසු නිසාවෙන්..! සුරා සංකර් ගේ නැඟණිය කඩල්අරසි රාජා ඇය හා ප්‍රේමයෙන් බැඳෙනවා මෙ අතරම එම පලාතේ ප්‍රසිද්ද මැරවරයකුගේ පුත්‍රයකු වන සරවනන් හා රාජා අතර ගැටුමක් ඇතිවනවා ගැටුමෙන් පසුව සුරා සංකර් ගේ හා රාජා ගේ ජිවිත වල විශාල වශයෙන් වෙනස්ම සිදුවීම් රාශියක් වන අතර සුරා සංකර් ට තමන් පෙර නොසිතු විරු ලෙසින් කරදරයන්ට පවා මුහුණ පෑමට සිදුවෙනවා. එසේ නම් මා මීටත් වඩා මේ පිළිබද විස්තර කිරිමට බලාපොරොත්තු වන්නේ නෑ මා මුලින් කී කරුණ ගැනද සිතා බලා මෙම චිත්‍රපටය රසවිඳ ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන මෙන් ඔබ සැමගෙන් ඉල්ලි සිටිමින් තවත් උපසිරැසියක් සමඟින් නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙන් අදට මා සමුගන්නවා. ඔබ සැමට කඳසුරිඳුගේ පිහිටයි…!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | 1CD | 700MB 

9002AED00CD0988670C87547D40A2F8FD7EE1356

| HDRIP | x264 | 720p | 1.4GB 

51F1FC4861F2D5C09A26B92F3F28EBB94F86579C

 Direct Download

| HDRIP | x264 | SD | 400MB |

| HDRIP | x264 | 1CD | 700MB |

| HDRIP | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ulkuthu (2017) | මැරයකු වී පලිගනිමි

  • Asitha alwis

    Direct links download karanna bene

    Reply
  • 400mb එකට සබ් එක සෙට් වෙන්නේ නෑනේ .
    සබ් එක සෙට් වෙන්න හදල දෙනවාද

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *