MENU

Vikings [S05: E01- E02] | එගොඩහ යන්නෝ – මෙගොඩහ යන්නෝ…

පළමු කතා සමය  (2013)

2013 වසරේ මාර්තු මාසේ 03 වනදා ආරම්භ වුන වයිකින්වරුන්ගේ ඉසුරු සොයා බටහිරට යාමේ ගමනේ මුල් අදියර අවසාන වුනේ ඒ වසරේ අප්‍රේල් 28 වනදායි. සාමාන්‍ය ආක්‍රමණික සොල්දාදුවෙක් වශයෙන් තමන්ගේ අධිපතියා වෙනුවෙන් ආක්‍රමණ පිට ආක්‍රමණ සඳහා එක්කාසු වුන රග්නා තමන්ගේම ගමනක් යන්න හදන්නේ ඔහුගේ සහෝදරයා රෝලෝ එක්ක, ඔහු සාර්ථක වෙනවා නමුත් අධිපතියා ඒ පැත්තට තමන්ගේ ආධිපත්‍ය පතුරනවා.. කොහොම හෝ අවසානයේ අර්ල් වරයා වෙන්න රග්නා සමත් වුනා කියන එක බැලුව උදවියට මතක ඇති. අවසාන වෙනකොට ඔහු එංගලන්තයට බොහොම තර්ජනයක් වුන ආක්‍රමණිකයෙක්, ඒ වගේම වයිකින් රජුගේ අනුග්‍රහය හා ආශීර්වාදය පවා ඔහු දිනාගන්නවා, ඔහුට එක පුතෙක් හා දුවෙක් උන්න, දුව ලෙඩ වෙලා මරුන වගේම තවත් දරුවෙක් ලැබෙන්නේ ඉදලා අවසාන කොටසේ නැති වුන බවත් මතක ඇති.කතාව අවසාන වෙනකොට රග්නාගේ හිත ලගතා ලගින් පොඩ්ඩක් එහාට ගිහින් තිබ්බ වගත් මතක ඇති, ඒ වගේම ඔහුගේ සහෝදරයා හා එරෙහි වෙන්නේ රෝලෝ සමත් වෙනවා, රග්නාට විරුද්ධව යුධ වදින්න ඔහු සතුරන් එක්ක එක්කාසු වුණායින් කතාව අවසන් වුනේ…

දෙවන කතා සමය (2014)

දෙවැන්න ආරම්භ වෙන්නේ 2014 පෙබරවාරි 28වෙනිදා, රැග්න විතරක් නෙමේ මේ කතාවේ ඉන්නේ, මුල් කතා සමය ගැන කියද්දී ඉතුරු චරිත ටික හදුන්වාදෙන්න අමතක උනානේ, රැග්නගේ සහෝදරයා තමයි රෝලෝ, ලගතා තමයි රැග්නගේ පළමු බිරිඳ, දෙවැනි කතා සමය ඉදිරියට ගලාගෙන යනකොට රැග්න ලගතව අත්හැරල දෙවැනි බිරිඳක් සමග විවාහ වෙනව,මේ වෙනකොට රැග්න තමාගේ අයත් එක්ක විතරක් නෙමේ එංගලන්තයේ රජවරු එක්කත් සටන් කරනව, ඒ අතරවාරයේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නත් සිදුවෙනව, එංගලන්තේ වගේම තමාගේ රටෙත් වෙන දේවල් සියල්ල විසඳගෙන රැග්න ඉදිරියට ගමන් කරන විදිය දෙවැනි කතා සමයේදී දකින්න පුළුවන් උනා..

තෙවැනි කතා සමය (2015) 

දෙවැන්න නිම වෙන්නේ තෙවන්නට පාර කපමින්, ඒ රැග්නා ලගතා ප්‍රමුඛ වයිකින් වරුන්ගේ ආක්‍රමණය නව ඉසව්වක් කරා මෙහෙයවමින්, ඒ තමා ප්‍රංශය, තෙවන්නේදී වයිකින්වරුන් පැරිසියට පහර දෙනව, ඒ විතරක් නෙමේ බරපතල විදියට සටනින් පැරදිලා පහුබහිනව? කොහොමින්හරි මේ වෙනකම් රැග්නැගේ විස්වාසනීය හිතවත්ව හුන් ඇතෙල්ස්ටන්ට මැරුම් කන්න සිද්දවෙනවා, ඒ රැග්නැගේ තවත් හිතවතෙක් වෙච්චි ෆ්ලොකි අතින්, ඒ කාරණයට හේතු උනේ රැග්න කතෝලිකයෙක් ලෙස බෞතිස්ම ලැබීම. ඒ බෞතිස්ම ලැබීම සිද්දකලේ උපක්‍රමයක් වශයෙන් උනත් මේ වෙනකොට රැග්න තම විස්වසනීය මිතුරා ඇතෙල්ස්ටන් ගෙල පලධි කුරුසය සහිත මාලය පලදගන්න අයුරු අපට දක්නට ලැබුණ, පැරිසියත් අපුර්ව අන්දමේ උපක්‍රමයකින් අල්ලගත්තු රැග්නා තමන්ගේ ගම රට බලා පිටත් වෙන්නේ තමන්ගේ සහෝදරයා රෝලෝව පැරිසියේ රඳවලා, රැග්නට තමන්ගේ ගම රට බලා එන්න උනේ අයි කියල මතක ඇතිනේ? ඒ වගේම වයිකින් ගමට ආපු අමුත්තවත් මතක ඇති කියල හිතනවා. ඒ විතරක් නෙමේ එංගලන්තයේ වයිකින් ජනාවාසයට සිද්දවුනේ මොනාද කියලත් මතක ඇති කියල හිතනව.

සිව්වැනි කතා සමය (2016) 

මේ කතා සමය තමා වයිකින් කතා මාලාවේ දුක්බරම කතා සමය. මේ වෙනකම් හැමෝගෙම ප්රියතමයා වෙච්ච රැග්නා ලොත්බ්‍රොක් කතාවෙන් සමුගන්නවා, නොහිතපු විදියකට. බියෝන් රැග්නගේ අඩිපාරේ වෙනම ගමනක් යනවා අලුත් ලෝකයක් හොයාගෙන. ඒත් එක්කම රැග්නගේ දෙවැනි බිරිඳගේ ළමයි හතරදෙනා මේ වෙද්දී තුන්දෙනෙක් බවත පත්වෙලා ඉන්නවා. මතකනේ අයිවර් වැඩේ දුන්න එක්කෙනෙක්ට. ඒත් එක්කම මේ වෙනකොට කැටගට් වල රැජින ලගතා. රගන ලගතව අත්හැරීමෙන් පස්සේ ලගත තනියම සැහෙන දුරක් ආව හැබැයි මේ වෙනකොට ලගතට ලේසියෙන් රැජින විදියට ඉන්න ඉඩක් ලැබෙන්නේ නෑ, කුමන්ත්‍රණ දියත් වෙනවා. ඒ වගේම ඒලා සහ එක්බර්ත් රජවරුන්ගේ දෛවය නිමා වෙලා අලුත් චරිතයක් කතාවට එනවා. ඒ බිෂොප් වරයෙක්, බලගතු බිෂොප් වරයෙක් බව අවසාන එපිසෝඩ් එකේදී බොහොම පැහැදිලියි.

ඉතිං ඔය විදියට තමයි මේ වෙනකම් කතාව ගලාගෙන ආවේ. පස්වෙනි කතා සමයත් ගියවර වගේම කොටස් දෙකකින් විකාශනය වෙන්නේ, ඒ වගේම හයවෙනි කතා සමයකුත් එන බව නිවේදනය කරලා ඉවරයි. එහෙනම් අද ඉදන් අයෙමත් වයිකින්වරු එක්ක ලෝකය හොල්ලන්න සෙට් වෙමු අද ඉඳලා ?

” ඩයනලා, කාඩෂියන්ලා පිරුණ ලෝකෙක ලගතා වගේ කෙල්ලෙක් වෙයං ♥  “

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 600MB |

DC6FF36B1C25AE86CBEFCA329D957D96FC854DA8

| HDTV | x264 | 720p | 1.9GB |

DC6FF36B1C25AE86CBEFCA329D957D96FC854DA8

Direct Download

| HDTV | x264 | 480p | 419MB |      

    

| HDTV | x264 | LOL | 600MB |     

        

| HDTV | x265 | 720p | 525MB |       

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

9 thoughts on “Vikings [S05: E01- E02] | එගොඩහ යන්නෝ – මෙගොඩහ යන්නෝ…

  • sub eka biscop eke nehene…

    Reply
  • yako meke hash eka copy karanna be

    Reply
  • Harsha Dilan

    Ai me protect dala thiyenne hash eka copy karanna bane

    Reply
  • Kasun Sanjaya

    seson 5 mula ewa download karanna bahane

    Reply
  • Anupama Dilshan

    vikings s1 to s4 download karanna nedda?

    Reply
  • Dushan Chamodya

    season 5 mula tika download karanna bane brother

    Reply
  • Dilantha Lokugeeganage

    biascope eken videos download karanna link eka wada na,medeberiyawala wage serama videos ekaparata copy karala download karanna thibunann hodai,eka lesiy, sub eka kalin yanawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *