MENU

Vikings [S05: E09]| සරළ කතාවක්!

පුරහඳ දෙකක් ගෙවුණ දවසේ වයිකින් සංහතියම දෙපිලකට බෙදිලා එකිනෙකාව මරාගත්තා, මේ වෙනකම් මහා මොළකාරයෙක් කියල හිතාගෙන ලෝකයම භීතියෙන් හොලවන්න ආව අයිවර් බියෝන් ලගතා හාෆ්ඩන් සහ උබේ සමග සාමි ජන කොට්ටාසයේ එකතුව හමුවේ පැරදිලා පලායන තැනට පත්වුණා. හැබැයි කලින් කිව්වා වගේ රැග්නා ලොත්බ්‍රොක්ගේ උරුමය මේ දෙයින් කෑලි කෑලි කැඩිලා විසිරිලා ගියා. මහා ජන සංහාරයක් තමන්ගේ අය අතින්ම සිද්දවුනා. අයිවර්ට තිබ්බ පළිගැනීමේ උවමනාව නිසයි ඒ දේ සිද්දවුනේ, ඉතිං මේ තමයි වයිකින්වරුන්ගේ අවසානයේ ආරම්භය. ඔයාල කතාව හොඳට බැලුවනම් තේරෙන්න ඇති එංගලන්තයේ ඉතාම නිහඬ අයුරින් වයිකින්වරුන්ට එරෙහිව ප්‍රබල නායකත්වයක් බිහිවෙන ආකාරය. ඉතිහාසයේ කියවෙන විදියටත් අදාළ කෙනා අතින් තමයි වයිකින්වරුන්ගේ අවසානය සිද්දවෙන්නේ. ඉතිං අපි දැන්ම ඒ ගැන කියන්න ඉස්සර නොවී ඉමු. හැමෝම කැටගට්වල ඇණකොටාගන්න අතරවාරයේ ෆ්ලොකි තමන්ගේ අනුගාමිකයින් එක්ක තමන්ට දෙවියන් විසින් පෙන්වන ලද දුපතේ ඉතාම දුෂ්කර ජිවිතයක්, කාලයක් ගතකරනවා. යම් යම් නැගී සිටීම තිබ්බත් තවම ඒ දේවල් ගැටුමක් කරා ගියේ නම් නැහැ. ඉතිං අද බලමු එහෙ මොකෝ වෙන්නේ කියලත්. ඒ වගේම මේ වෙනකොට බිෂොප් හෙහ්මන්ඩ් ඉන්නේ ලගත පාර්ශවයේ. මං කැමතිම සිද්දියක් ඒක. බිෂොප් ලගතා බියෝන් උබේ කියන්නේ, අයිවර් සහ හැරල්ඩ් රජාට ප්‍රබල අබියෝගයක්. තමන්ගේ ජිවිතේ රැකගන්නත්, දෙවියන් විසින් මිලේච්චයින්ව ඝාතනය කරන්නත් තමන්ට දුන්න අවස්ථාවක් කියල හිතාගෙන දෙපැත්තෙන් ඕනම පැත්තකට තමන්ගේ රණශුරත්වය ඉදිරිපත් කරන්න බිෂොප් හෙහ්මන්ඩ් කැමති උනොත්. අයිවර් නිකම්ම නිකම් සිහින් කෙඳිරියකුත්, හැරල්ඩ් රජාගේ නොවේ රටටම රජවීම සිහිනයක්ම පමණකුත් වීම මොන දෙයියන්ටවත් වලක්වන්න බැරිවෙයි. එහෙනම් ලබන සුමානේ මිඩ් සීසන් බ්‍රේක් එකෙන් සීසන් 5 පළමු සමය ඉවර වෙනවා. ආයේ දෙවන සමය එන කාලය ගැන තවම සඳහනක් නම් නැහැ. දන්න විදියටත්එ මේ සීසන්හෙ එකේ එපිසෝඩ් 20ක් තියෙනව e ලබන සුමානේ නැවත හමුවෙමු.

    හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 236MB |

A614BCEA4E381E3BA036C5BFFF1B05338B07435C

Direct Download   

| HDTV | x264 | 480p | 141MB |

     

| HDTV | x265 | 720p | 186MB |     

         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *