කොහොමද හැම කෙනෙක්ටම. මම උපසිරසි කරන්න ආසම කතා මාලාවේ, මම කැමතිම රසික පිරිසක් එකතුවෙලා ඉන්න කතා මාලාවේ, අලුත්ම කතාංගය අරගෙන ආව. ඒ මාස දහයකට විතර කලින් S05-A හි අවසාන කතාංගදී පොරොන්දු උනා වගේම S05-Bකොටස අරගෙනමයි. ඉතිං පහුගිය කතා සමයේ අන්තිමේදී වෙච්ච දේවල් අධිවේගීව මතක් කරගෙන යන්නම් කෙටියෙන් පොඩ්ඩක්.මොකද වෙච්ච දේවල් අමතක කට්ටිය මේ තරම් දුරට කතාව බලන්නේ නැහැ. ඉතිං තේරුමක් නැතුව ලිපිය දීර්ඝ කිරීම අපරාධයක්නෙ. ?
වයිකින්ලගේ රටේ සහෝදරයින් අතර ලගතා අතර එහෙම බල පෙරලි, පලිගැනීම් වගේ දේවල් වෙනකොට වෙසෙක්ස් වල තමයි මම වැඩිපුරම ආසාවෙන් හිටිය දේ වෙන්නේ. ඒ තමයි රැග්න විසින් එංගලන්තයට පහර දෙන වෙලාවේ අල්ලාගෙන පැහැරගෙන ගිය ඇතෙල්ස්ටන්ගෙයි එතල්වුල්ෆ්ගේ බිරිඳ ජුඩිත් ගෙයි ළමයා ඇල්ෆ්‍රඩ්ට රජකම ලැබෙනවා. ඒ නියම උරුමක්කාරයා එතල්රෙඩ් ඉන්නකොට. කට්ටියට මතක ඇති මං හිතන්නේ මේ සැබෑ වෙන්නේ ඇත්තටම එක්බර්ත් රජතුමාගේ සැලැස්මක්. මතකනේ පොඩි කාලෙදිම එක්බර්ත් ඇල්ෆ්‍රඩ්ට හැම දේම උගන්වනවා. ඇල්ෆ්‍රඩ් රණශුරයෙක් නොවුනට අනාගත එංගලන්තයට අවශ්‍ය නායකයා ඔහු බවට පත්වෙලා ඉවරයි. අයිවර් ඇතුළු වයිකින්වරුන්ගේ අවසානය උදා කරවන එංගලන්ත පාලකය බවා පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ්. ඒ විතරක් නෙමේ ආගමික සංස්ථාවේ යකඩ සපත්තුවෙන් පෑගිලා හිටිය එංගලන්තය නව ප්‍රතිසංස්කරණයන්ට ලක් කරනවා. ඒ වෙනකොට ලතින් බසින් පමණක් ලියවුන ආගමික ග්රන්ථ සහ ඉගැන්වීම් ඉංග්‍රීසි බසට හරවන්න මුලික වෙන්නෙත් මහා ඇල්ෆ්‍රඩ්. ඉතිහාසයට අනුව ඇල්ෆ්‍රඩ් කියන්නේ වයිකින්වරුන්ව සමුල ඝාතනය කලා කියල සැලකෙන රජකෙනෙක්.
ඉතිං මේ වයිකින්වරු ගැන සැහෙන විස්තර ඇතුලත්ව, බ්ලැක් ඔන්ලයින් සඟරාවට මම ලියපු ලිපියක් තියෙනව. දැනගන්න ඕන උදවිය මෙන්න මෙතනින් අපේ බයිස්කෝප් මංසලට ගොඩ වැදිලා එහි පල කර ඇති උපුටනය කියවන්න. ඒ වගේම සහෝදරයෙක් ඉල්ලලා තිබ්බ කමෙන්ට් එකකින් මේ ස්ථාන ගැන සඳහන් සිතියමක් වගේ ලකුණු කරලා විස්තරයක් දෙන්න කියලා. ඒක සෑහෙන්න අමාරු වැඩක් ඒක අමාරු මොකෝ කියලත් ඒ ලිපියෙන්ම පැහැදිලි වෙයි ඔයාලට. දැනගන්න කැමති ඇත්තෝ කියවත්වා.. එහෙනම් අපි ගියා ලබන සුමානේ නැවත මුණගැහෙමු… ?
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| WEBRip | x264 | CONVOY | 280MB |
Direct Download
| WEBRip | x264 | 480p | 160MB |
| WEBRip | x264 | CONVOY | 282MB |
| WEBRip | x265 | 720P | 210MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “Vikings [S05: E11] | සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න!”
upasirasa download wenne nene,eka click kalama s5 ep 1 ekta yanwa