ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 14 වැනි කොටස. අද කතාංගයට IMDB 7.8ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.
ඇල්ෆ්රඩ්ගේ විවාහය සිද්දවෙනවා. ඒ වගේම පල්ලියෙන් ඇල්ෆ්රඩ්ට එරෙහිව කරන කුමන්ත්රණයේ බළල් අත විදියට ඒතල්රෙඩ්ව යොදාගන්නවා කියල පෙන්නුම් කලා මතකනේ ගිය සුමානේ. මොකද බිෂොප් හෙහ්මන්ඩ් විසින් මරල දාපු බිෂොප් කත්රඩ්ව මතකනේ. එයාගේ දුව එක්ක තමයි ඒතල්රෙඩ් ආදර සම්බන්ධතාවයක ඉන්නේ. ඒතල්රෙඩ් නම් මිනිහගේ තාත්ත වෙන ඒතල්වුල්ෆ් වගේම තමා ඉතිං, හරි ගොනා. ඒ වගේම බියෝන් හමුවට රැග්නගේ ලේ උරුමය තියෙන කෙනෙක් එනවා මතකනේ? ඒ වගේම පොඩි කාලේ ඒ කොලුවව මාලිගාවෙන් පිටමං කළා මතක ඇතිනේ? ඒ විතරක් නෙමේ හොඳම දේ වෙන්නේ අයිවර් ෆෑන්ස්ලට. අයිවර්ට මම නම් මුල ඉදලම පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ. ඒ යකාට හොදටම පිස්සු. මට පෙන්නේ අර වහල් කෙල්ලත් අයිවර්ගෙන් පලියක්ද කොහෙද ගන්න හදන්නේ. දැන් ඉතිං වයිකින්ලට අයිවර් කියල පිස්සු පාලකයෙක් විතරක් නෙමේ දෙවි කෙනෙකුත් ඉන්නව. ඒ වගේම යෝක්වල අයිවර්ට එරෙහිව වයිකින්ල අතරේම කුමන්ත්රණයකුත් වෙනව මතකනේ. ඒ විතරක් නෙමේ ඌබෙ සහ ටෝවී දෙන්නා ක්රිස්තියානි ආගම වැළඳගැනීමත් සිද්දවෙනවා. ඒ ඇල්ෆ්රඩ් රජුගෙන් සමාව ලබලා නැවත ශයර්බොන්වල බිෂොප් විදියට තනතරු ලබන බිෂොප් හෙහ්මන්ඩ්ගේ මුලිකත්වයෙන්.
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් අයිවර්ගේ නාඩගමේ ඉතුරු ටිකත් හිට්සර්ක්ගේ විරෝධයත්. ඒ වගේම ඇල්ෆ්රඩ්ගේ තීන්දු ගැනීම ගැන වගේම හැරල්ඩ් රජාගේ ඉරණම ගැනත්. අහ ෆ්ලොකිට දෙවියන් විසින් පෙන්නපු දුපතේ සිද්දීත් තියෙනව.. කතාව කියන්න ඕන නැහැනේ ඉතිං.. නැවත ලබන සුමානේ හමුවෙමු ?
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2 thoughts on “Vikings [S05: E14] | අහිමිවී ගිය අවස්ථාව”
Ko ane 13 wani epiya
yep ko 13? kohedooo