ආයුබෝවන් මිත්‍රවරුණි!
ඉතිං ඔන්න බයිස්කෝප් සමාජ සත්කාර්යය එහෙම ඉවර කරල, ආයෙත් පරණ පුරුදු සබ්කාර්යයට අවතීර්ණ වුණා. ඉතිං බොහෝ දෙනෙක් දන්නව ඇති, මේ පාර බයිස්කෝප් සමාජ සත්කාරය අපි කළේ පොළොන්නරුව මායිම් ගම්මාන කීපයක් ආශ්‍රිතව. නම් වලින් කිව්වොත්, මල්විල ප්‍රාථමික විද්‍යාලය, සඳුන්පිටිය ප්‍රාථමික විද්‍යාලය සහ කන්දෙකඩුව ප්‍රාථමික විද්‍යාලය. ඉතිං ජීවිතේ ලබපු හොඳම අත්දැකීමක් කියල මේ ගැන කියන්න පුළුවන්. ගියපු හැම කෙනෙකුටම එක් එක් ආකාරයේ, ඇස් වලට කඳුලක් ඉතිරි වෙන මතකයක් ගොනු වුණු බව ගමන අවසාන වෙලා ඇවිල්ල කතාබහ කරනකොට තේරුණා. ඉතිං මම මේ කාරණාව මෙතන මතක් කරන්න ඇත්තටම හිතුවෙ, පම්පෝරියක් ගහන්න ඕන නිසා නෙවෙයි, මේ සොඳුරු කර්තව්‍යයේ එක පුරුකක් බයිස්කෝප් රසිකයන් වන “ඔබ” කියල අපි දන්න නිසා. ඉතිං බයිස්කෝප් රසික ඔබ, ඇඩ්මින්වරුන් සහ උපසිරැසිකරුවන් තමයි මේ මාහැඟි පුණ්‍යකර්මයේ සැබෑ උරුමකරුවන් වෙන්නෙ. මීට අමතරව අපි එක්ක උපසිරැසිකරණයේ නිරත නොවුණත් තවත් බොහෝ පිරිසක් මේ උතුම් කාර්‍යයට උර දුන් බව මතක් කරන්න ඕනෙ. බලාපොරොත්තු වෙනව නුදුරු අනාගතේ ඔවුන්ගේත් උපසිරැසි බයිස්කෝප් වෙබ් අඩවියට එක් වෙලා, හයවැනි සමාජ සත්කාරයට දායකත්වය ලබා දේවි කියල. ඉතිං හැම කෙනෙකුටම ගොඩක් පින් මේ වගේ තැනක බයිස්කෝප් රඳවන්න, රටට ආදරේ මිනිස්සු පිරිසක් එකට ගොනු කරල තියන්න, බයිස්කෝප් නාමය ලංකාවේ උඩින්ම තැබීම ගැන. එහෙනම් බලමු වයිකින්වරුන්ට මොකද වෙන්නෙ කියල.
ඉතිං ඔන්න පහුගිය කතාංගය මතක නම් ලගතා තමන්ගේ අසිපත වළදාල ආයෙ සටන් කරන්නෙ නෑ කියල පොරොන්දු වුණාට, අයුක්තිය ඉදිරියේදී ඇය නැවත තීරණය කරනව අසිපත අතට ගන්න. ඒ දාමරිකයන්ට එරෙහිව යුධ වදින්න. මේ අතරෙ ඔලෙග් කුමාරයා, අයිවර් එක්ක එකතුවෙලා, ඩීර් කියන තමන්ගෙම සහෝදරයා බල්ලෙක් වගේ කූඩු කළා මතක ඇති. ඉතිං ඔලෙග් කියන්නෙ නොසලකා හැරිය යුතු චරිතයක් නෙවෙයි කියන එක ගැන දැන් පැහැදිලි ඇති. ඒ අතරෙ බියෝන් ගියා හැරල්ඩ් රජු බේරගන්න. හැබැයි ඒ සැලැස්ම කණපිට හැරිල යන්තම් පණ බේරගන්න බියෝන්ට හැකියාව ලැබුණ.
ඊට පස්සෙ මොකද වෙන්නෙ. බියෝන් ගිය වැඩේ යුද්ධයක් කරල බේරගන්න බැරි වුණාට, සාකච්ඡා මඟින් යම් ආකාරයේ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙනව. හැබැයි මේ සාකච්ඡාව ඇතුළෙ ගැටයක් තියෙනව ද කියලත් පොඩි සැකයක් නැත්තෙම නෑ මටනම්. මේ අතරෙ තමයි ලගතාගෙ ගම්මානයට දාමරිකයන් පහර දෙන්නෙ. හැබැයි ඒ ප්‍රහාරය ඔවුන්ට බලාපොරොත්තු වුණු විදියටම කරගන්න බැරි වුණත්, ලගතාගෙ වියරුව ඔවුන් මත වැටෙන සිදුවීමක් මේ සටන අවසානෙ සිද්ධ වෙනව. මේ අතරෙ අයිවර් සහ ඊගෝර් කුමාරය අතරෙ යම් ආකාරයක අදහස් හුවමාරුවක් වෙනව, මේ දේ ඔලෙග් කුමාරයාගෙ රාජ්‍යබලයට තර්ජනයක් එක් කරන්නත් හැකි වෙන්න ඉඩ තියෙනව. එහෙනම් බලමු ඊලඟ සතියෙ මොකද වෙන්නෙ කියල. ස්කොල් !
Torrents Download
| WEB | x264 | 1080p | 1.5GB |
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| WEB | x264 | 480p | 170MB |
| WEB | x264 | 720p | 800MB |
HEVC – x265
| WEB | x265 | 720p | 220MB |
| WEB | x264 | 1080p | 540MB |
2 thoughts on “Vikings [S06: E04] | එකම රජෙක්..!”
Netflix ලා ගේ The witcher tv series eka th 1st episode 1 ada release උනා… පුළුවන් නම් ඒකත් මේ වගේ ඉක්මනට දෙන්න… ඔයාලා මේ කරන් යන වැඩේ නම් ගොඩක් හොඳ වැඩක්… ජයෙන් ජය..
Vikings tv series එකේ පරන seasons සම්පුර්ණයෙන් දෙන්න පුලුවන්ද? The witcher දුන්නා වගේ full season පරණ