MENU

Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves | වෘක බැටළුවා..!

ඔන්න අරගෙන ආව තවත් ඉහළම ගණයේ සජීවීකරණ චිත්‍රපටියක්.. මීට කලිනුත් The Missing Lynx කියල ලස්සන සජීවීකරණ චිත්‍රපටියකට මං සබ් දුන්නා. ඒක වගේම මේකත් මාරම ලස්සන ෆිල්ම් එකක්. ඇනිමේෂන් ෆිල්ම් බලන්න ආස බයිස්කෝප් පිස්සො ටික නම් අනිවාරෙන් මේක බලන්නම ඕනෙ. මේක කරන්න මට මාර ගේමක් දෙන්න වුණා. මොකද ඉංග්‍රීසි සබ් එකක් ලොවෙත් නෑ මේකට. තිබුණෙ ජර්මන්, සහ ඉන්දුනීසියන් සබ් දෙකක් විතරයි. ඉතිං ඒ නිසා මං මේක ජර්මන් වලින් ඉංග්‍රීසියට පරිවර්තනය කරල ඊට පස්සෙ තමයි සිංහලට හැරෙව්වෙ. කියන්න ආඩම්බරයි දැං නම් ලෝකෙටම මේකෙ සබ් තියෙන්නෙ සිංහලෙනුයි, ජර්මන්, ඉන්දුනීසියන් භාෂා වලිනුයි විතරයි. අනික මට ෆිල්ම් එකේ හැම වචනයක්ම හරි පරිස්සමට අහන්න සිද්ධ වුණා මේ වැඩේ සාර්ථකව කරන්න ඕන නිසා. වගකීමෙන් කියන්න පුළුවන් මේකෙ කතාවට හෝ අන්තර්ගතයට හානි නොවන විදියට මේ සබ් එක කරන්න මට පුළුවන් වුණා. බාර අරන් දවස් එක හමාරකින් මට වැඩේ කරල ඉවර කරන්නත් පුළුවන් වුණා.

හරි අපි එහෙනම් කතාව පැත්තට ටිකක් හැරිල බලමු. “ග්‍රේ” කියන්නෙ තරුණ සෙල්ලක්කාර වෘකයෙක්. එයා අයිති රංචුවේ නායකයා “මාග්‍රා” හදිස්සියේම තීරණය කරනව විශ්‍රාම යන්න. ඉතිං රංචුව හොඳ ශක්තිමත්, විශ්වාසවන්ත දෑතකට බාර කරන්න ඕන නිසා මාග්‍රට ඕන වෙනව තරඟයකින් නායකයව තෝර ගන්න. තරඟෙට ඉදිරිපත් වෙන්නෙ දරුණු “රැගියර්” කියන වෘකයයි, ග්‍රේ කියන මේ සෙල්ලක්කාර වෘකයයි. ග්‍රේ අසීමිතව සෙල්ලක්කාර නිසා ඔහුගේ පෙම්වතිය “බියන්කා” මෙයාගෙන් වෙන් වෙලා යන්න තීරණය කරනව. ඊට පස්සෙ ග්‍රේ පිස්සුවෙන් වගේ බියන්කගෙ ආදරේ නැවත් ලබා ගන්න ක්‍රමයක් හොයනකොට තමයි ඔහුට “මැමී” කියන අහිකුණ්ඨික හාවිය හමු වෙන්නෙ. මැමී, ග්‍රේට මැජික් අරිෂ්ඨයක් දෙනව. ඒකෙන් ග්‍රේ ගෙ මුළු ජීවිතේම නොහිතූ මහා වෙනසකට ලක් වෙනව. ඒ වෙනස නිසාම වෘක රංචුවට බරපතල ගැටළුවක් ඇති වෙනව.අරිෂ්ඨය නිසා ඔය වගේ ප්‍රශ්න මහ ගොඩක් තමයි ඇති වෙන්නෙ. මේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ඕන නම් මේක බලන්නම වෙනව. බැලුව කියල පාඩුවක් නම් වෙන්නෙ නෑ එකෙන්ම.

මේ චිත්‍රපටයි 2016 වර්ෂයේ තමයි මුලින්ම තිරගත වෙන්නෙ. Animation, Comedy, Family ගණයට තමයි මේක අයිති වෙන්නෙ. පැය 1 විනාඩි 25 ක කාලයක් ධාවනය වෙනව. IMDb අගය 5.8/10 ක් විදියට සටහන් වෙනව. මේකත් අනිවාරෙන් බලන්න කියල ඔන්න මං නිර්දේශ කරනව. මොකද හැම විනාඩියක්ම ආසවෙන් බලන්න හිතෙන විදියට කතාව සජීවීකරණය කරල තියෙනව. එ වගේම කතාවත් හරිම ලස්සනයි. ආයෙත් සබ් එකකින් හමු වෙනකල්, මේක ඔයාලට බාරයි. එහෙනම් බයිස්කෝප්වාසීන්ට ජය වේවා..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 630MB |

6A582507F77072C4D1F37AD5C57ED939B3439BAE

Direct Download

| Bluray | x264 | 480p | 270MB | 

         

 | Bluray | x264 | 720p | 630MB | 

     

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Volki i ovtsy. Beeezumnoe prevrashchenie (2016) AKA Sheep & Wolves | වෘක බැටළුවා..!

  • chathumadura

    mchn meke sub download karaganna bha ne

    Reply
    • Imesh lakshan

      register wenna baiscopelk.com eke

      Reply
  • Mage sub eka penne nahne bn

    Reply
    • Dilan Ranga

      Sub eka baiscopelk.ckm eken ganna

      Reply
  • me cartoon eka download karanna bane

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *