MENU

Walking Out (2017) | පිය-පුතු දඩයක්කරුවෝ

ෆිලුම ගැන පොඩ්ඩක් කියනවා නම් මේක Adventure, Drama, Mystery ගණයට වැටෙන IMDBලකුණු 6 කට හිමිකම් කියන Alex Smith සහ Andrew J. Smith දෙන්නගෙ අධ්‍යක්ෂණයක්. Matt Bomer සහ Josh Wiggins විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ දෙන්නගේ රඟපෑම නම් සුපිරියටම තියෙනවා. මේ කතාවේ තියෙන සංවේදී බව හොඳටම කැපිලා පේන විදිහට චරිත නිරූපණය සිද්ධවෙනවා කිව්වොත් මං වැරදි නෑ.

ඉතින් කතාව ගැනත් ටිකක් කිව්වොත් ඩේවිඩ් කියන අවුරුදු දාහතරක් වයස පුතා එයාගෙ තාත්තත් එක්ක දඩයමේ යනවා. ඩේවිඩ්ගෙ සීයත් දඩයක්කාරයෙක්. ඉතින් තාත්තගෙ අදහස පුතත් හොඳ දඩයක්කාරයෙක් වෙනවට. තාත්තා උගන්වනවා ඩේවිඩ්ට දඩයම් කරන හැටි. ඒත් එයා කැමති නෑ ඒ වැඩේට. සතෙක්ව මරලා මස් කරද්දි ඩේවිඩ්ට වමනෙ යනවත් එක්ක. මේ දෙන්නා එකතු වෙලා යන්නෙ ගෝනෙක්ව මරන්න. ඩේවිඩ් කොච්චර අකමැති වුනත් හිත තද දඩයක්කාරයෙක් වෙන්න එයාට එහෙම නොවී ඉන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නේ. සීයයි, තාත්තයි ගිය පාරටම එයත් වැටෙයිද.. මේ දෙන්නට එයාලා දෙන්නා ආපු වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

විශේෂයෙක් කියන්න ඕනි පටන්ගත්ත වෙලාවෙ ඉඳන් ඇක්ෂන් පිරුණු ෆිල්ම් විතරක් බලන්න කැමති අය නම් මේක ගත්තෙ නැතත් කමක් නෑ. මොකද මේක ඒ විදිහෙ සාම්ප්‍රදායික එකක් නෙමෙයි. ගොඩක් සංවේදී වෙනස් කතාවක් තියෙන චිත්‍රපටයක්. ඒ කියන්නෙ කතාව කම්මැළියි කියන එක නම් නෙමෙයි. මං එහෙම කිව්වෙ මොකද මේ කතාව තාත්තා කෙනෙක්ගෙයි, පුතෙක්ගෙයි අතරෙ තියෙන බැඳීම ගැන හිතට වදින විදිහට කියලා දෙනවා. කතාව රසවිඳීමකින් බැලුවොතින් අන්තිම හරියෙදි ඕනි සංවේදි කෙනෙක්ගෙ ඇස්වලට කඳුලක් උනයි.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 834MB |

0b4320ec422b1685a07665c02f6dbab28f643afb

| WEB-DL | x264 | FGT | 1.3GB |

3552d1c26d9e97e67737c32e895a44278a9a8e30

| WEB-DL | x265 | 720p | 615MB |

ebba099e73c57e39ac14e2e461fe677ed721dea1

 Direct Download

| WEB-DL | x264 | 480p | 360MB |

| WEB-DL | x264 | FGT | 834MB |

| WEB-DL | x264 | FGT | 1.3GB |

| WEB-DL | x265 | 720p | 615MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Walking Out (2017) | පිය-පුතු දඩයක්කරුවෝ

  • ashan lankanath

    thanks………………good luck……………………….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *