MENU

Wastelander (2018) | අනාගත ලොව

ආයුබෝවන් යාළුවනේ….!!! ඔන්න මම මේ පාර මේ අවුරුද්දේ තිරගත වූණු wastelander කියන චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Angelo Lopes මහත්මයා විසින්. ඒ වගේම Carol Cardenas, Angelo Lopes, Jon Proudstar, Brendan Guy Murphy, Lou Pimber, Aaron Stielstra, David Morden, Sian Vilaire කියන නළු නිළියන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටිය USA වලට 2018 ජනවාරි 12 වෙනිදා තමයි නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නෙ. තවම මේ චිත්‍රපටයට 3.1 IMDB rating එකක් තමයි ලැබිලනම් තියෙන්නෙ.

චිත්‍රපටිය ගැන කිවුවොත්නම් මේ චිත්‍රපටිය ටිකක් තේරුම් ගන්න අපහසු චිත්‍රපටියක්. අනාගතරූපී ලොවක හිටපු සොල්දාදුවෙක් තමන්ගෙ නැතිවෙච්ච පවුල ගැන හොයන කතාවක් තමයි තියෙන්නෙ. ඔහුට මෙම ගමනෙදි යාන්ත්‍රික මිනිසුන් වගේ අරුම පුදුම දේවලුත් හම්බ වෙනවා. මොවුන් ජනප්‍රවාදගත වෙච්ච ඒඩන් කියන ක්ෂේමස්ථානයක් හොයනවා. ඒ වගේම Scourgeලා කියල ජාතියක් මේ දූශිත ලෝකේ නොනැසී ජීවත් වෙන්න සටන් කරනවා. මේ චිත්‍රපටිය බැලුවහම එක පාරටම අර්ථය වටහාගන්න පුළුවන් වෙයිද කියන්නනම් අමාරුයි. නමුත් ගොඩක් චිත්‍රපටි වල නැති විදිහේ Graphics නම් යොදා ගෙන තියෙනවා. ඒක නිසා මේ චිත්‍රපටිය හරියට අළුතෙන් හදපු දියුණු Graphic තාක්ෂණයන් යොදාගෙන හදපු game එකක් වගෙයි.

මේ ලිපිය ලියන වෙලාවෙනම් මේ චිත්‍රපටිය ගැන වැඩිපුර විස්තර අන්තර්ජාලයේ තිබුණේ නැහැ. Wikipedia වෙබ් අඩවියෙවත් මේ චිත්‍රපටිය ගැන තිබුණෙ නැහැ. ඒ වගේම මේ චිත්‍රපටියට උපසිරැසි හදන්න මේ චිත්‍රපටිය හොයල දීපු සිසිල ප්‍රසාද් සහෝදරයටත් මේ අවස්ථාවේදී ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසි නිර්මාණයකින් හමුවෙමු….!!!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | 720p | 705MB |

626F558A6CB2E93BAA3530D94AAFEA99EB5261BB

| WEB-DL | MkvCage | 720p | 750MB |

F9EC3BE96AE02914F129B0D9BC3AED454B9BA8ED

 Direct Download

| WEB-DL | x264 | 480p | 338MB |

| WEB-DL | MkvCage | 720p | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Wastelander (2018) | අනාගත ලොව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *