MENU

Welcome the Stranger (2018) | අහසින් පැමිණෙන අමුත්තිය… (18+)

ඔන්න මේ සුදානම අද නිකුත් වෙන චිත්‍රපටයක් ඔබ වෙතා අරගෙන එන්නයි. ඊයේ තමයි මේක දෙන්න හිතුවේ නමුත් The Walking Deadකරන්න වුන නිසා සබ් එකට අතක් තියන්න වුනේ නැහැ. කොහොම නමුත් මේකත් අර මම කලින් අරගෙන ආවThe Lodgers (2017) වගේ අමුතු කතාවක්. මේකත් පොඩිහිටියන් නොබලනවා නම් තමයි හොඳ. Drama, Mystery, Horror කාණ්ඩයන් තමයි මේ සිනමා පටය නියෝජනය කරන්නේ.

මිනිත්තු 94 ක් පුරා දිවයන මේ කතාව වෙනුවෙන් ලැබිලා තියන IMDB අගය වෙන්නේ 5.0. තවමත් රෝටන් ටෝමාටෝ අගයක් නම් ලැබිලා නැහැ, මොකද මේක නිකුත් වෙන්න තියෙන්නේ අද නෙව. මේක Justin Kelly අධ්‍යක්ෂණයක්. ඔහු මෙවැනි කතාවක් කරන මුල් වතාව මේක. රංගනයෙන් දායක වෙන්නේ Caleb Landry Jones, Riley Keough, Abbey Lee හා තවත් දෙන්නෙක් කියන්න හැකි හරියටම. කෝකටත් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ ඔබ කැමති වෙන ජාතික එකක්ද කියලා දැනගන්න. ඉන් පස්සේ චිත්‍රපටය බාගන්න පුළුවන් ඔබට.

මේකේ කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි, ඊතන් බොහොම ලොකු හුදකලා නිවසක ජිවත් වෙන චිත්‍ර ශිල්පියෙක් හා කතුවරයෙක්. මොහුගේ නිදහසට එක්වරම බාධාවක් එල්ල වෙන්නේ කාලෙකින් ඔහුව හොයාගෙන ආව සහෝදරිය නිසාවෙන්. ඇලිස් කුඩා කාලයේම ගෙදරින් පැනල ගිය ප්‍රශ්න ටිකක් තියන කෙල්ලෙක්. ඊතන් ඇයට දවසක් තමුන්ගේ වහල යට නවාතැන් දෙනවා. නමුත් සියල්ල කණපිට හැරෙන්නේ රාත්‍රියේ ඇලිස්ට ඇහෙන සද්ධයක් එකක්. ගිහින් බලනකොට නිවසේ ඉන්නවා තෙත බරිත නිරුවත් තරුණියක්. කුතුහලය නිසාවෙන් ඇය පසුපස යන ඇලිස් නතර වෙන්න වත්තේ කොනන ඇය සමඟ. මේ වෙලේ එකපාරම අහසෙන් ආවා ආලෝක කදම්බයක් නිසාවෙන් මේ දෙන්නා නැහැවී යනවා. මේ සියල්ල උඩු මහලේ ඉදලා ඊතන් බලා ඉන්නවා ඔතනින් තමයි කතාව වෙනස් වෙන්න පටන් ගන්නේ….

ඉතින් කවුද මේ නිරුවත් කාන්තාව, ඇයි ඇලිස් සහෝදරයා හොයාගෙන ඇවිත් තියෙන්නේ ? ඊතන් ඇයි මෙහෙම තනියම පාලු නිවසක ජිවත් වෙන්නේ ? ඇයි ඇලිස් ගෙදරින් පැනලා ගිහින් තියෙන්නේ ? මොකද්ද මේ ආලෝක කදම්බය ? ඒකි නොකී සියල්ල දැනගන්න එහෙනම් චිත්‍රපටය බලන්න ඔබට භාරයි. සිසිල් සහෝ ස්තුතියි…. කියන ගමන් මම සමු ගන්නවා, නැවතත් උපසිරසක් එකක් හමුවෙනතුරැ ඔබ සැමට ජය වේවා !!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Webrip | x264 | 720p | 750MB |

92E713189E262C44223A939613D3239F1F746988

Direct Download

| Webrip | x264 | 720p | 750MB | 

         

| Webrip | x265 | 1080p | 700MB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *