MENU

Westworld [S02: E01] Sinhala Subtitles | නිශාන්තයේ චාරිකාව..+18

කොහොමද ඉතිං අවුරුදු එකහාමාරකට පස්සේ 10 වැනි උපසිරස අවසානයේ කිව්වා වගේම Westworld දෙවන කතාසමයෙන් අපි ආයෙත් හමුඋනා.හරි ඔයා පලමු කතා සමය බැලුවේ නැත්නම් කෙටි හැදින්විමක් කරන්නම්.මේ කතාවේ පලමු කතාසමය HBO නාලිකාවේ 2016 වසරේදි විකාශය උනා.කතාව ගැන බැලුවොත් මේක අනාගතයේ පවතින විනෝද උද්‍යානයක්.මේ උද්‍යානයට සංචාරකයන්ට(guests/අමුත්තන්ට) පැමින විනෝද වෙන්න පුළුවන්.පලමු කතා සමයේදි අපි දැක්කේ ඇමරිකානු ගොපලු සංස්කෘතියට අයත් උද්‍යානයක සිදුවුනු සිදුවිම් පෙලක්.මේ උද්‍යානයේ චරිත විදිහට අතිශය දියුනු කෘතිම බුද්ධියක් සහිත මානවරූපි රොබෝවරු(hosts) තමයි ඉන්නේ..

ඉතිං සාමානයෙන් කෘතිම බුද්ධිය සම්බන්ධවන බොහෝමයක් චිත්‍ර‍පටවල හා කතාමාලාවල වගේම මේකේ පලමු කතා සමය අවසන් වෙන්නෙත් රොබෝවරුන් මිනිසුන්ට එරෙහිව සටන්වැදිම ආරම්භ කිරිමෙන්.නමුත් මේ එරෙහිවිම වෙන්නේ පරිඝනක වෛරසයක් නිසාවත් වෙන දෝෂයක් නිසාවත් නෙවෙයි.අන්න ඒ හේතුව නිසා තමයි මේ කතාමාලාව සුවිශේෂි වෙන්නේ.ඒ වගේමයි මේ කතාමාලාව පාදක වෙන්නේ 1973 දි මේ නමින්ම තිරගතවු චිත්‍ර‍පටයයි. IMDB දර්ශකයේ 8.9 තමයි හිමිකරගෙන තියෙන්නේ..

හොදම විද්‍යාප්‍රබන්ධ රූපවාහිනි කතා මාලාව (Saturn Award- 2017)
2016 විකාශය වු හොදම විද්‍යාප්‍රබන්ධ 10 (AAFCA Award -2016) හා හොදම නිලිය,හොදම පරිඝනක දෘෂ්‍ය ප්‍රයෝග,නිර්මාණශිලි තේමා සංගිතය(Ramin Djawadi),හොදම සහය නිලිය සහ හොදම සහය නළුවා ඇතුලු සම්මාන කිහිපයක් හිමිකර ගනිමින් තවත් සම්මාන ගනනාවකට නිර්දේශ වී තිබෙනවා.
.හරි දැන් පලවෙනි season එක බලපු අයටයි මේ විස්තරේ.ඔයාට මතක ඇති පසුගිය 10 වැනි කොටස විනාඩි 90ක ධාවන කාලයකින් යුක්ත උනා.ඒ කොටසේදි Man in Black (කළු වත ඇඳි මිනිසා) කව්ද? එවගේම ආර්නොල්ඩ් කියන්නේ කව්ද ? එයාට මොකද උනේ වගේ ප්‍ර‍ශ්න වගයකට පිලිතුරු ලැබුනා.එවගේම අවසානයේදි ආචාර්ය ෆෝඩ් තමන්ගේ අවසන් කතාව ආරම්භ කරලා යන්න ගියා.ඔයාට මතක නම් ඒ කතාවේ නම උනේ Journey Into Night (නිශාන්තයේ චාරිකාව) .අද episode එකේ නමත් ඒකමයි.ඒ අනුව අපට හිතන්න වෙන්නේ ෆෝඩ්ගේ කතාව තමයි ඉදිරියට අපිට දකින්න වෙන්නේ.හැබැයි පලවෙනි season එකේ තිබුනා වගේ පැරණි සිදුවිම් අපිට බලාගන්න පුළුවන් කමක් බොහෝවිට ලැබෙයි.ඉතිං ඒ නිසා මියගිය සමහර චරිත නැවත දැකගන්න පුළුවන්කමක් ලැබෙයි..

පලමු කතා සමයේදි සදහන් කරන්න බැරිවුනු දෙයක් තියෙනවා ඒ තමයි රොබෝවරුන්ගේ තැනුම් අමුද්‍ර‍්‍ය.පෙර කොටස් වලදි රොබෝවරුන්ගේ හමට යටින් යාන්ත්‍රික කොටස් තියෙනවා දකින්න ඇතිනේ.ඒ වගේම අවසාන කොටසෙදි ඩොලෝරස්ව නිර්මානය කරන දර්ශනයේදිත් යාන්ත්‍රික කොටස් තිබෙනවා.නමුත් ඒ පැරණි උද්‍යානයේ රොබෝවරුන් පමනයි යාන්ත්‍රික අලුතෙන් අලුතෙන් නිපදවන අනෙක් සියළුම රොබෝවරුන් වඩා මානවරූපිබවක් ගන්න අපේ වගේම කාබන් හා කැල්සියම් මුසුවු අමුද්‍ර‍ව්‍ය වලින් තමයි නිපදවලා තියෙන්නේ.අස්ථි පද්දතියක්, ආහාර ජිර්නය(ආරංචි වන හැටියට ) හා රුධිර සංසරනය පවා ඔවුන්ගේ සිදුවෙනවා. ඔවුන්ගේ සහ අපි අතර ඇති එකම වෙනස ඔවුන්ට මොලය වෙනුවට තියෙන්නේ සුපිරි පරිඝනකයක් විමයි..

පසුගිය කතාමයයේ සැගවුනු පණිවිඩ,ඉගි උපසිරස සමගින් පලවන ලිපියේ සදහන් කලා .මේ කතාසමයෙත් ඒක තවත් වැඩිදියුණු කරලා ගෙන එන්න සුදානමක් තියෙනවා.එවගේමයි බයිස්කෝප් මංසල තුලින් අපි මෙහි පුර්ව ප්‍ර‍චාරක පටයේ කෙටි පැහැදිිලි කිරිමක් ගෙන ආවා.ඒක බැලුවේ නැතිනම් මෙතනින් බලන්න. ඔන්න අනුමාන කලා වගේම තවත් අලුත් උද්‍යානයක් මේ කතාසමයේදි අපිට බලන්න පුළුවන් වෙනවා.එහි නම තවම නිලවශයෙන් හෙලිකරලා නෑ.කොහොම උනත් සමුරායිවරුන් ඉන්න පැරණි ජපන් උද්‍යානයක් තමයි ඒක.අද කොටස ගැන මුකුත් මේ ලිපියේ සදහන් කරන්නේ නෑ.ඒ පිලිබද සම්පුරන ලිපිය අන්තර්ජාලයේ ඇති විස්තරත් සමග මීලග කොටසින් ගෙන එන්නම්.

පලමුවෙනි කතාමයෙන් පස්සේ අන්තර්ජාලයේ සහ සමාජ ජාලය වල මේ ගැන කෙරෙන සාකච්චාවලදි දැකපු දෙයක් තමයි බොහෝමයක් අයට මේ කතාව තවම හරිහැටි පැහැදිලි විමක් නැතිබව.ඒ අයට කියන්නේ වෙන්නේ කවුරුවත් කිව්වට මේ කතාව සංකීරනයි කියලා ඒ මතය හිතාගෙන මේ කතාව නරඹන්න එපා .අපි ඔබට ගෙන ආ පැහැදිලි කිරිම් වලදිත් කිව්වේ මේක කාල අවධි 3 ගලායන කතාවක් කියලා.විටින් විට ඒ කතා තුනට අදාල දර්ෂන අපිට පෙන්වනවා. නමුත් Reddit forum එකේ තිබුනා මේ කතාව කාල අවධි 5ක ගමන් කරනවා කියලා.ඒ කොහොම උනත් කතාව තේරුම් ගන්න මේක කාල අවධි 3 කියලා ගත්තට ගැටලුවක් ඇතිවෙන්නේ නෑ..

අවසානයට උපසිරස ගැන යමක් කියන්න ඔනේ.පෙර වසරට සාපේක්ෂව ගොඩක් කාර්යබහුල විම් එක්කයි මේ උපසිරස ගෙන එන්න වෙලා තියෙන්නේ.කොහොම උනත් HBO විකාශයට සමගාමිව කතාව ගෙන එන එක කිසිවිටකත් බයිස්කෝප් සිංහලෙන් කන්ඩායම නතර කරන්නේ නම් නෑ.වඩා නිවැරදි හා නිරවුල් උපසිරසක් ගෙන එන්නට උපරිමයෙන් උත්සහකරනවා.ඉතිං උපසිරසේ අඩුපාඩුවක් දැක්කොත් අමතක නොකර පහලින් සදහන් කරන්න !

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | SVA | 500MB |

21A84540AF0AD847B1268BA2C4BED4356D377431

Direct Download    

| WEB-DL | x265 | 720p | 370MB |

   

| WEB-DL | x264 | SVA | 500MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *