MENU

Westworld [S02: E04] (+18) යක්ෂයාගේ ප්‍රේහෙලිකාව

3 වැනි කොටස ගැන අපි මංසලේ පලකල අනුමානයන් ගොන්න අතරින් කිහිපයක්ම අද කතාවෙදි සැබෑ වෙනවා. ඔයා තමත් ඒ ලිපිය කියෙව්වේ නැතිනම් මෙතනින් ඒ ලිපිය කියවන්න. ඒ වගේම 4 වැනි කොටසේ පරිවර්ථ ගැටලු කිහිපයකට උපකාර කල රොයිලි අයියටත් හසන්ත අයියටත් විශේෂ ස්තුතියක් පුදකරන්න ඔනේ.

මුලින්ම සමාව ඉල්ලනවා සිදුවුනු ප්‍ර‍මාදය ගැන. නමුත් දැනට ලැබෙන කාලවේලාවත් එක්ක පැය 24ක් ඇතුලත ඔබවෙත උපසිරස ගෙන එන්න නම් බැරිවෙයි.හරි අපි එහෙනම් 3වැනි කොටස ගැන විස්තරය පටන්ගමු.

කතාව පටන්ගන්නේ ඉන්දියානු උද්‍යානයේ(මේ ගැන විස්තර මංසලේ පලවු ලිපියේ ඇත) අමුත්තන් දෙදෙනෙකු අතර ඇතිවෙන සිදුවිම් කිහිපයක් සමගිනුයි.ඉන්පසුව ඒ එක් අමුත්තෙකු රොබෝවරයෙකුගේ වෙඩි පහරින් මියයනවා. WestWorld හී ගැටලුව ඇතිවු දිනයේම හෝ ඊට පසුදා ඇතිවු සිදුවිමක් විදිහට සලකන්න පුළුවන් මේක. දැක්කනේ බෙංගලි ව්‍යාග්‍ර‍යා උද්‍යාන සිමාව පසුකරන හැටි. ඉන්පසු දර්ෂනයේදි කාල් ඇතුලු ඩෙලොස් ආරක්ෂකයන් දුම්රිය මාර්ගයක ගිහිං චාර්ලට්ව හමුවෙනවා. ඔවුන් සමග බර්නාඩ් සිටිනවා. එවිටම නැවත බර්නාඩ්ගේ අතීත මතකයකට අපව ගෙනයනවා.ඔහු සහ චාර්ලට් විසින් පිටර් ඇබනෙතිව බේරාගැනිමට කල මෙහෙයුම සහ ඉන් පසුව සිදුවන සිදුවිම්.

ඇබනෙතිව බේරගන්න ලැබුනත් ඔහුගේ මෘදුකාංගවල පවතින ගැටලු නිසා ඔහුව සහ බර්නාඩ්ව ඒකාබද්ධ බලකායේ සෙබලුන්ට හසුවෙනවා. ඩොලොරස් ඇතුලු කන්ඩායම හමුදා කදවුරට ගිහිං කර්නල්ව හමුවෙලා ඔහුගේ සෙබලුන්ගේ උදව් ලබාගන්න එකගකරගන්නවා. ඔය අතරේ මේව් අතුලු පිරිස යන ගමන් මගට ස්වදේශිකයන් පිරිසක් හරස් වෙනවා.ඔවුන් සයිස්මෝර්ව ඔවුන්ගේ යටතට ගන්නවට අවශ්‍ය බව කියනවා.නමුත් මේව්ට සයිස්මෝර් අවශ්‍ය නිසා ඇය ඒකට ඉඩ දෙන්නේ නෑ.ඉන්පසුව සයිස්මොර් විසින් උමං මාර්ග ඔස්සේ ගමන් කරන අදහස ඉදිරිපත් කරලා ඔවුන් භූගතව ගමන් කරනවා. එතනදි අමස්ටිස්,ෆිලිකස් සහ සිල්වෙස්ටර්ව ඔවුන්ට හමුවෙනවා. ඒකාබද්ධ බලකායට හසුවුනු බර්නාඩ් සහ ඇබනෙතිව ඩොලොරස්ට කදවුර තුලදි හමුවෙනවා. නමුත් පීටර්ගේ පද්දතිය ඉතාම දරුනු ලෙස දෝෂයට ලක්වෙලා තියෙන්නේ ඒ නිසා බර්නාඩ්ගේ සහය ඩොලොරස් ඉල්ලසිටිනවා. ඩෙලොස් ආරක්ෂකයන් කදවුරට ඉදිරිපසින් පහර දෙනකොට චාර්ලට් ඇතුලු කන්ඩායමක් කදවුරේ පිටුපස දොරටු වලින් ඇතුල් වෙලා පීටර් ඇබනෙතිව පැහැරගන්වා.

ඉතිං පසුගිය සතියේ ගුගල් සමාගම එහෙමත් නැතිනම් සැබෑ ලෝකයේ ඩෙලොස් සමාගම තමන්ගේ කෘතිම බුද්ධි ව්‍යාපෘතියේ තව වැදගත් සංධිස්ථානයක් ලෝකයට හෙලි කලා. ඒ තමයි google duplex. ඔයත් සමහරවිට ඒ අවස්ථාව සජිවිව නරඹන්න ඇති. එමගින් මිනිස් කතා බහ අධ්‍යනය කරලා සැබැ පුද්ගලයෙකු සමග කිසිදු වෙනසක් නොමැතිව දුරකථන සංවාදයේ යෙදන්න තරම් ඔවුන්ගේ කෘතිම බුද්ධිය දියුනු වී ඇති බව ලොවමට පෙන්නුවා. නමුත් ඉන් පසුව බොහෝ දෙනා එය තදින්ම විවේචන කලා. කෘතිම බුද්ධියක් ලවා මිනිසෙකු අනියමින් රවටා තමන්ගේ කාර්ය කරගැනිම වැරදි බව ඔවුන් පෙන්නුවා. ඉතිං google duplex වල අනාගතය තමයි WestWorld තුලින් අපි දකින්නේ. ජංගම දුරකතන යෙදුමක් තුලින් සමාජයට මේ තරම් බලපෑමක් කල හැකිනම් ඊට වඩා බලසම්පන්න කෘතිම බුද්ධියක් සහිත රොබෝවරුන්ට කුමක් නම් කල නොහැකිද?

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | DEFLATE | 430MB |

4E8677D64A41034B7D35BA8023C1A9CA5C2331E7

Direct Download    

| WEBRip | x264 | 480p | 240MB |

   

| WEBRip | x264 | DEFLATE | 430MB |

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Westworld [S02: E04] (+18) යක්ෂයාගේ ප්‍රේහෙලිකාව

  • Vidura Gayantha

    West world episode 4 ekata subtitles thama na ne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *