ඔන්න එහෙනම් වෙස්ට්වල්ඩ් දෙවෙනි කතා මාලාවේ අවසන් කොටසටත් අපි ලඟා උනා. අද කොටස බොහොමත්ම රසවත්. වෙනදා වගේ නෙමේ හැමදාම නැහැ හැම තැනම නැහැ. අද කොටස පැය එකහමාරක් දක්වා දිවෙනවා. ඒ පැය එකහමාරට කවදාවත් නැති විදිහේ පොස්ට් ක්‍රෙඩිට් සීන් එකකුත් ඇතුලත්. ඒක නිසා කතාව ඉවර උන ගමන් වහල දාන්න එපා ඔන්න. ඔන්න එහෙනම් පහලින් තියෙන කළිඳු මල්ලි දුන්න ලිපිය…
9වැනි කොටස ගැන පසුගිය ලිපියේදි කෙටියෙන් සදහන් කලානේ. ඒ කතාංගය තුල වැඩිපුරම මතුකරලා තිබුනේ man in blackගේ චරිතයයි.ඒ කොටසේදි අපිට විලියම්ගේ(man in black) බිරිදව එහෙමත් නැතිනම් ජුලියට්ව නැවත දකින්න ලැබුනා.බොහෝමයක් ප්‍රේක්ෂකයන් පලමු ජුලියට්ට(Claire Unabia) වඩා දෙවනි ජුලියට් (Sela Ward) ඇලුම් කල බවක් දකින්න ලැබුනා.වියපත් වු විලියම්ගේ පසුබිම් කතාව තමයි අපට මේ කොටසේ වැඩිපුරම දකින්න ලැබුනේ.ඔහුගේ සැබැ ස්වරූපය දැකපු ජුලියට් සියදිවි නසාගන්නවා. අක්‍රිය තත්ත්වයේ ඉන්න මේව්ට ෆෝඩ් ඇවිත් යම් වෙනස්කම් වගයක් සිදුකරනවා ඇයගේ කේත තුල. බර්නාඩ් සහ එල්සි forge වෙත යන්න උත්සහ කරනවා නමුත් ෆෝඩ් බර්නාඩ්ට හරස් වෙනවා.එල්සි විශ්වාස කල නොහැකිබව ෆෝඩ් ඔහුට අනතුරු අගවනවා.ෆෝඩ් නිසා එල්සිට අනතුරුක් වේවි සිතා බර්නාඩ් ඇයව අතහැර තනිවම forge වෙත ගමන් කරනවා.
9වැනි කතාංගය අවසන් වෙන්නේ උමතු වු man in black තමන්ගේ දියණියව ඝාතනය කිරිමෙන්. අවසන් කොටස සියල්ලටම පිලිතුරු සපයාවි කියා සිතුවත් මේ ලිපිය ලියන මොහොත වනවිටත් අවසන් කොටසේ යම් සිදුවිම් හරියටම ගලපාගන්නට උත්සහකරමින් ඉන්නේ.කොහොම නමුත් ඔබේ රසවින්දනයට බාධා නොකර යම් ඉගි කිහිපයක් පමනක් තබා යන්නම්.
කතාවේ බොහෝමයක් උප ප්‍රධාන නළුවන් මිය යනවා. එක නම් 2018 වර්ෂයේ ආපු රූපවාහිනි කතාමාලා කිහිපයකම උනානේ.එවගේමයි ෆෝඩ් පිලිබද කලිං දකින්න ලැබුනු සියල්ලම මේ කොටසේදි වෙනස් වෙනවා. Man in Black කියන්නේ විලියම් කියලා පසුගිය කතා සමයේදි අපි දැක්කා.මේ කතා සමයේදි අපිට හොයාගන්න උනේ විලියම් කියන්නේ කවුද කියන එකයි. එවගේමයි මේ කතාසමයේ ටයිටල් එක කතාංගයේදි බලාගන්න පුළුවන්. පසුගිය කොටස්වලදි සදහන් කලා Mtrix චිත්‍රපට සහ Westworld අතර යම් සමානකම් පවතින බව.10 කතාංගයේදි ඒ විදියෙම කොටසක් තියෙනවා. සති 10ක අඛන්ඩ කර්තවයක අවසානයත් උදා උනා. ඉතිං මේ මුළු කාලය පුරාවටම අප සමග එකතුවු, අපට අදහස් දැක්වු ඔබ සියළු දෙනාටම බෙහෙවියන්ම ස්තුතියි. හසන්ත වික්‍රමරත්න, සමීර කරුනාරත්න, අචින්ත උදයංග සහ කළිදු වසුක සොහොයුරන්ගේ උපසිරසින් හැඩවි කතාසමය ඔබවෙත ගෙන ආවේ බයිස්කෝප් අඩවියේ තවත් සාමුහික ප්රයත්නයක ප්‍රතිඵලයක් විදිහටයි.
බයිස්කෝප් මංසල හරහා මෙහි පැහැදිලි කිරිම් ඔබ වෙත ගෙන ඒමට දායකවු තිසර නියෝ සොහොයුරවත් දෙපලත් මේ මොහොතේ මතක්කල යුතුමයි. එවගේමයි බයිස්කෝප් අඩවිය තමයි Westworld වෙනුවෙන් නිර්මානය කල ප්‍රථම හා අඛන්ඩ සිංහල උපසිරසි ඔබ වෙත ලබාදුන්නේ (exclusively on baiscopelk). ඉතිං එක එක්තරා විදිහක අභියෝගයක් උනත් හැමදාමත් ගුණාත්මක උපසිරසම පමනක් ලබා දීමට අප ගන්නා උත්සහය නිසා ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා.ඒබව තහවුරු වෙනවා ඔබේ ප්‍රතිචාර දැක්කම.
එවගෙමයි මංසල හරහා Westworld Q & A ලිපියක් නුදුරේදිම ගෙන එන්නට සුදානම්.එ වෙනුවෙන් Westworld සම්බන්දව ඇති ගැටලු සහ අනුමානයන් පහතින් comment කරන්න.
අන්තිම කොටස බලන්න කලින් ඒක කලින් බලපු අය ෆේස්බුක් වෙස්ට්වල්ඩ් පිටුවේ එයාලගේ අත් දැකීම බෙදාගෙන තිබුනේ මෙහෙමයි.
කතාව බලන්න කලින් පොඩ්ඩක් කුතුහලේ ඇවිස්සුවේ නැත්තන් පොඩි අඩු පාඩුවක් වගේ වෙනවා එහෙනම් තවත් දෙවසරකින් නැවත හමුවෙමු. ඔබ සැමට ජය!!!
Torrents Download
| WEBRip | x264 | PBS | 600MB |
2A7CB16DBD85FC3825BAFD52C5F2F5F5044A55EA
Direct Download
| WEBRip | x265 | 720p | 475MB |
| WEBRip | x264 | PBS | 600MB |