MENU

Witness for the Prosecution (1957) | යුක්තියේ තුලාව

Internet Movie Database හෙවත් හැමෝම දන්නා IMDb චිත්‍රපට වර්ගීකරණයට අනුව හොඳම චිත්‍රපට 250 යනු සිනමාවට ආදරය කරන සියල්ලෝ අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපට ගොන්න එකතුවකි. එම නිසාම මේ සුවිශේෂී මොහොතේ IMDb TOP 250 චිත්‍රපට ගොන්නෙන් චිත්‍රපට ගණනාවක උපසිරස ඔබට දායාද කරන්නේ එදා මෙදාතුර ඔබ අප කෙරෙහි දැක්වූ සහයෝගයට තුටු පඬුරක් ලෙසිනුයි. එසේනම් මේ සුදානම ඒ දෙසට හැරෙන්නයි.

Witness for the Prosecution…. 1957 වර්ෂයේ නිර්මිත අග්‍රගණ්‍යයේ චිත්‍රපටයකුයි. 1925 වර්ෂයේ දී Agatha Christie විසින් රචනා කරන ලද The Witness for the Prosecution ග්‍රන්ථය පාදක කරගනිමින් Billy Wilderගේ අධ්‍යක්ෂණයෙන් නිර්මිත මෙම සරලුව 1957 දෙසැම්බර් මස 17 වන දින සිමා සහිතව ඇමෙරිකා වේ ද, 1958 ජනවාරි මස 30වන දින ලන්ඩනයේ දී මංගල දර්ශන වාරය ද සිද්ධ කරනු ලැබුවා. පුරා මිනිත්තු 116ක් පුරා දිවයන මේ සරලුව සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දෙන්නේ Arthur Hornblow Jr. විසිනුයි. රංගනයෙන් ලෙනාඩ් වෝල් ලෙස Tyrone Power ද,ක්‍රිස්ටීන් වෝල්/හෙල්ම් ලෙස Marlene Dietrich ද ,ශ්‍රීමත් විල්ෆ්‍රිඩ් රොබට් ලෙස Charles Laughton ඇතුළු නළු නිලියන් 55ක් පමණ දායකත්වය ලබා දෙනවා. Crime, Drama, Mystery ගණයෙහි ලා සැලකෙන මේ සරලුව IMDb ශ්‍රේණිගත කිරීමේ 66 වන ස්ථානය ලබා ගන්නේ 8.4/10 ක අගයක් ලබා ගනිමිනුයි. කුණු තක්කාලි අගය 100% ලබා ගන්න මේ සරලුව ඇකඩමි සම්මාන ඇතුළුව සම්මාන 13ක් සඳහා නිර්දේශ වෙමින් එයින් සම්මාන 03ක් ජයග්‍රහණය කරනුවේ තවත් සම්මාන දෙකක දෙවන හා සිව්වන ස්ථාන දිනා ගනිමිනුයි. එමෙන්ම ඇමෙරිකානු චිත්‍රපට සංස්ථාවේ හොඳම අධිකරණ නාට්‍ය චිත්‍රපට අතර 06 වන ස්ථානය ලබා ගැනීමට ද මෙම සලරුව සමත් වෙනවා.

චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කෙටියෙන් මුත් පහදා දීමට අවශ්‍යයි. මන්දයත් මෙය වර්ණ චිත්‍රපටයක් නොවන නිසා ඇතැමෙක් මෙය වැඩකට නැති චිත්‍රපටයක් යැයි සලකා බැහැර කිරීමේ සම්භාවිත ඉතා වැඩියි. එනමුත් ආරම්භයේ පටන් රසිකයා තම ග්‍රහණයේ තබාගෙන අවසානය තෙක් රසිකයා අන්ද මන්ද කොට අවසානයේ වල් වැදුන රසිකයා නැවත වරක් කරකවා අතාරින වර්ගයේ කතා තේමාවකුයි මෙහි අන්තර්ගත වෙන්නේ. එම නිසා කෙටියෙන් හෝ ඒ ගැන සටහනක් දැමිය යුතුයැයි මා අදහස් කරනවා. ශ්‍රීමත් විල්ෆ්‍රිඩ් රොබර්ට්, අති දක්ෂ අධි නීතිඥයෙක්. රෝගාතුරව සිට පැමිණි ඔහුට ලැබෙන නඩුව වනුයේ අභිරහස් ලෙස මියගිය එමිලි ෆ්‍රෙන්ච්නම් ධනවත් කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති ලෙනාඩ් වෝල් නමැති පුද්ගලයා ගලවා ගැනීමයි. සියලු සාක්ෂි ඔහුට විරුද්ධව තිබිය දී මේ නඩුව විල්ෆ්‍රිඩ් රොබර්ට් විසින් භාරගනු ලබන්නේ ලෙනාඩ් අහිංසකයෙක් යැයි විශ්වාස කරන නිසාවෙනුයි. එනමුත් අධිකරණයේ දී සියලු සාක්ෂි ලෙනාඩ්ට විරුද්ධව ඔප්පු වද්දී විල්ෆ්‍රිඩ් කෙසේ නම් මේ අහිංසකා බේරාගනිවි ද? ලෙනාඩ් අහිංසකයෙක් යයි සැලකෙන විල්ෆ්‍රිඩ්ගේ සිතුවිල්ල නිවැරදි එකක් වේවිද? කවුරුන් ලෙනාඩ්ට විරුද්ධව සාක්ෂි කුඩුවට නගිවිද? ඒ ගැටළු විසඳා ගැනීම ඔබට භාරයි.

පෙර කියූ පරිදිම පුරා වසර 09ක් මුළුල්ලේම ඔබගේ රස වින්දනය වෙනුවෙන් අල්පමාත්‍රයක දෙයක් බලාපොරොත්තු නොවෙමින්, හුදෙක් ආත්ම තෘප්තිය වෙනුවෙන් කැපවුන සුවහසක් උපසිරස්කරුවන්ට හා දිරි දීමෙන්, වැටුන විට අත දිගු කිරීමෙන් නිරතුරුවම අප හා රැඳී සිටි රසිකයන්හට සුබාසිංසන ඉදිරිපත් කරමින් තවත් වසර ගණනාවක් මුළුල්ලේම ඉහෙන් වැජබෙන්නට බයිස්කෝප් වෙබ් අඩවියට ඉතින් ආයුබෝ වේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BRRIP  |  1080p | x264 | 1.8GB  |

02407C4C0B23A32C024997B768007112C51B0A17

 Direct Download

 | BRRIP  | 1080p | x264 | 1.8GB  |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *