MENU

Woody Woodpecker (2017)| කොට්ටෝරුවො කිවුවට මෙහෙමත් කොට්ටෝරුවො ඉන්නවද?

ඔන්න මේ අරන් එන්නෙ මගේ දහවෙනි උපසිරසිය. මම කලින් උපසිරසිය කළේ Chasing the Dragon (2017) කියන ෆිල්ම් එකට. ඉතින් ඒක බලපු නැති අයට බලන්න කියල කියනව.මේ පාර අරන් ආපු ෆිල්ම් එකේ නම තමයි Woody Woodpecker (2017). Woody Woodpecker කිවුවහම ඉතින් හැමෝම එයාව අදුරනවනෙ. අපි පොඩිකාලෙ ඉතාමත් ජනප්‍රිය කාටූන් චරිතයක් තමයි මෙයා. ඉතින් මට මතක හැටියට මේ තමයි 1958න් පස්සෙ ආපු මුල්ම Woody Woodpecker ෆිල්ම් එක. ඉතින් කියන්න දෙයක් නැහැනෙ ෆිල්ම් එක පටන් ගන්න තැන ඉදලම තියෙන්නෙ හිනා යන ඒව තමයි.

මේ ෆිල්ම් එක Animation, Comedy, Family කියන වර්ගීකරණයන් යටතට තමයි අයිති වෙන්නෙ. Animation කිවුවට මේකෙ වුඩීව විතරයි Animation කරල තියෙන්නෙ. අනිත් දේවල් සේරම Live Action විදිහට තමයි තියෙන්නෙ. මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2018 පෙබරවාරි 6 වෙනිද. පැයයි විනාඩි තිස් එකක් පුරා දිවෙන මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB 4.8 ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනව. Alex Zamm තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Jingle All the Way 2 (2014), The Little Rascals Save the Day(2014), Tooth Fairy 2 (2012) , A Christmas Prince (2017) කියන ෆිල්ම්ද අද්‍යක්ෂණය කරල තියෙන්නෙ මෙයා තමයි.

මේ අය තමයි ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ……..

Timothy Omundson – Lance Walters
Thaila Ayala – Vanessa
Eric Bauza – Woody Woodpecker
Graham Verchere – Tommy Walters
Jordana Largy – Samantha Bartlet

මම දැන් ෆිලුම ගැන ටිකක් කියන්නම්. මේකෙ වෙන්නෙ ලාන්ස් වෝල්ටර් කියන කෙනා වුඩීගෙ කැළෑවට ඇවිත් ව්‍යාපෘතියක් සදහා ගෙයක් හදන්න හදනව. වුඩී මේ වැඩේට කැමති නැහැ. වුඩීව දඩයම් කරන්න හොයන දඩයක්කාරයො දෙන්නෙකුත් ඉන්නව. දඩයක්කාරයො දෙන්න එක්කයි ලාන්ස් වෝල්ටර් එක්කයි ලාන්ස්ගෙ පෙම්වතිය වැනේස එක්කයි වුඩී දාගන්න ලෙඩ තමයි ෆිල්ම් එකේ විස්තර වෙන්නෙ. මම ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කරන්නෙ නැත්තෙ විස්තරේ කියවල ෆිල්ම් එක බලද්දි කිසිම කුතුහලයක් නැති නිසා. මොකද ෆිල්ම් එකේ භාගයක් බලද්දි දන්නවනෙ මොකක්ද ඊළගට වෙන්නෙ කියල. එතකොට කිසි කොලිටියක් නැති නිසා තමයි මම වැඩිය විස්තරයක් කරන්නෙ නැත්තෙ.

ඉතින් අපිව පොඩි කාලෙ හිනස්සපු ඒ කාටූන් චරිතය අපිට ආයිත් මතක්වෙන්න මේ ෆිල්ම් එකත් බලන්න කියල කියන ගමන් මම සමුගන්නව. තවත් සබකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

♪♪♪ Everybody thinks I’m crazy
Yessiree, that’s me, that’s me
That’s what I’m cracked up to be
I chop a hole in every tree
Knock on wood Knock on wood!
So I’m crazy what, what, what can I do?
So are you ♪♪♪
– Woody Woodpecker –

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 870MB |

E6DCBC0511B65B645A3EF83CC0A5303AA4E65267

| WEB-DL | 720p | MkvCage | 700MB |

7B7E005538C115F551A05039E8DC36C9A6F01CD5

 Direct Download

| WEB-DL | x264 | 480p | 366MB |

| WEB-DL | x264 | 720p | 870MB |

| WEB-DL | 720p | MkvCage | 702MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *