MENU

Young Justice : Invasion [S02 : E01] | අතුරුදහන් වූ පැය 16…

ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආවා සබ් එකක් අරන්.ඒවගේම මේත් එක්ක පතනවා බයිස්කෝප්වාසී සහ ලෝකවාසි සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ගොඩ කාලෙකින් ආවේ ඉතින්.ඉල්ලීම් ගොඩකුත් තිබ්බා. තව කම්මැළිකමටත් එක්කයි ඉතින් මේක කරන්න ගත්තේ. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරන්න හිතුණා. සීසන් 1එක කරලා ඉවර වුණාම ගොඩක් අය ඉල්ලලා තිබ්බා සීසන් 2 එකත්. ඔන්න ඉතින් කළා.කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය). ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට ම ඕගොල්ලොන්ට දීලා 3ත් ඉක්මනටම කරනවා කියලා ඔන්න පොරොන්දු වෙනවා.

මේ කතා මාලාවට IMDB අගය 8.7ක් ලැබිලා තියනවා. ඉතින් මෙච්චර ලොකු අගයක් ලැබිලා තියන එකේ බලන්නම එපායෑ..96%ක් කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙනුත් ලැබිලා තියනවා. ඒවගේම ටීවී.කොම් එකෙනුත් 8.9/10 හිමිකරගන්න මේ කතාමාලාව සමත්වෙලා තියනවා. ඒවගේම සුපුරුදු පරිදි මේකට හඩින් Nolan North, Khary Payton, Jesse McCartney,වැනි අය හඩින් දායකවෙලා තියනවා.

කතාවට හැරුණොත් එහෙම මේ කතාව ගෙතෙන්නේ ජස්ටිස් ලීගයේ සාමාජිකයන්ගේ ගෝලයෝ වටා. ඒ සමහර අයව ඕගොල්ලො අහලත් ඇති. ඒත් සීසන් 1එක බලපු අයනම් දන්නවා ඇති. රොබින්, නයිට්වින්ග්, කිඩ් ෆ්ලෑෂ්,ආර්ටිමිස්,රෙඩ් ඇරෝ ,සුපර් බෝයි ඒවගේ අයයි. ඒත් මේ සීසන් 2 නම් තව ගොඩාරියක් අය ඉන්නවා..වැහිවැහැලා..සීසන් 1 එකේ හිටිය රොබින් දැන් නයිට්වින්ග් වෙලා. ඒත් ඒ වෙනුවට තව රොබින් කෙනෙක් ඉන්නවා. බැට් ගර්ල්, රොකට්, බම්බල් බී, බ්ලූ බීට්ල්,ලගාන් බෝයි, බීස්ට් බෝයි ඒවගේ අලුතින් ආපු අයයි. මේ බ්ලූ බීට්ල් කියන චරිතෙ නම් මේ සීසන් එකේ සුවිශේෂී චරිතයක්. මොකද කියලා පස්සට යද්දි ඕගොල්ලොන්ට පෙනෙයි. සුපර් බෝයි කියන්නෙ ක්ලෝනයක් කියලා ඕගොල්ලො දැන් ඉතින් දන්නවනේ. හරි එහෙනම් විස්තර ඇති දැන් අපි කතාවට පොඩ්ඩක් හැරෙමු.

ඔන්න සීසන් 1 අවසානයේ මුලු ජස්ටිස් ලීග් එකම සවේජ් ගෙ පාලනයට නතු වූවා. ඊට පස්සෙ ඒකෙන් බේරුණාට පස්සෙ, පැය 16කට සුපර් මැන්, වොන්ඩර් වුමන් අතුලු වීරයෝ 6 දෙනෙක් අතුරුදහන් වෙලා තියනවා. කාටවත් ඒ පැය 16 ගැන මතක නැහැ. හැමෝම අන්දමන්ද වෙලා ඉන්නෙ මේ පැය 16 මොකක්ද වුණේ කියලා. ඔන්න ඔය අතරෙ, විද්‍යාඥයෙක් වැරදිලා රෑන් කියලා ලෝකයකට යනවා. ඒ අතරේ එක්සත් ජාතීන්ගේ ලේකම්ව මරලා දානාවා. ඒත් ඇත්තටම බලද්දි එයා ඒලියන් කෙනෙක්. මිනිස්සු මේක ගැන බයවෙනවා. අර ගොඩ්ෆ්රේ කරදරකාරයාව ඕගොල්ලො දන්නවනේ.අර ප්‍රවෘත්ති වාර්තාකාරයා. එයා මිනිස්සුන්ගෙ හිතේ සැකේ ඇති කරනවා. එයා කියනවා තමන් අසල ඉන්න පුද්ගලයාත් ඒලියන් කෙනෙක් වෙන්න පුලුවන් කියලා. ඉතුරුටික මම කියන්නෙ නැහැ. ඕගොල්ලොම ඉතින් බලන්නකො. ආ තව මිස් මාර්ශන් කොණ්ඩෙ ඩොන්කි කට් කපලා. බායි එහෙනම් ..!!!!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBx264 | 720p | 4G| Complete S02|

Direct Download

| WEBx264 | AAC | 100M|

| WEBx264 | 720p | 200MB |

| WEBx264 | AAC | 1.9G| Complete S02|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Young Justice : Invasion [S02 : E01] | අතුරුදහන් වූ පැය 16…

  • Bro meke 1 season eke complete torrent file eka ganna puluwan link eka denna

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekatai link ekatai
    Meke complete season 1 ekata direct links denna puluwan da

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *