MENU

Zoo [S03 : E01] | දෙමුහුම්ලගේ ඇරැඹුම…

කොහොමද කට්ටිය, මේ සූදානම ZOO තෙවන කතාමාලාවේ ආරම්භක කොටසේ ලිපිය ලියන්නයි.ලිපිය කියලා කිව්වේ මෙදාපාර උපසිරසි රැගෙන එන්නේ මා නොවන නිසා. ඒ බාරදූර කර්තව්‍යයට මෙදාපොටේ කරගහන්නේ යසිරු හසරංග සහෝදරයා. ඔහුට මාගේ ස්තුතිය පුද කරනගමන් එහෙමනම් අපි බලමු කතාවේ මෙතෙක් ගමන්මග.

සියවස් ගණනාවක සිට මනුෂ්‍ය වර්ගයා ප්‍රධාන ජීවි කොට්ටාසයක්.අපි සතුන්ව හීලෑ කළා, කූඩු කළා,ක්‍රීඩාව උදෙසා උන්ව ඝාතනය කළා. නමුත් ලොව පුරා සිටින සතුන් තීරණය කළහොත් තවත්නම් බෑ කියා? ඔවුන් පෙරළා සටන් කළහොත්? මතකද ඔන්න ඔය විදිහට තමයි පළමු කතාමාලාව ආරම්භ වුනේ. සතුන්ගේ හැසිරීමේ යම් වෙනස්කම් ඇතිවීමත් සමග ඔවුන් මිනිසා වෙත ප්‍රහාර එල්ල කරන්න වුනා. ඔවුන්ගේ එම හැසිරීමට හේතුව කුමක්දැයි සෙවීමට තමයි ජැක්සන් ඔසී, ජේමි කැම්ප්බෙල්, ඒබ්‍රහම් කෙන්යාටා, මිච් මෝගන් සහ ක්ලෝයි ටුසිඤෝ යන පිරිස කණ්ඩායමක් ලෙස එක්වන්නේ.

ඔවුන් සතුන්ගේ හැසිරීමේ වෙනසට හේතුව සොයමින් කරගෙන යන ගවේෂණයෙදී විටෙක ඔවුන් ප්‍රතිකර්මයක් සොයාගැනීමටද ආසන්න වෙනවා. නමුත් යම් ප්‍රතිවාදී කණ්ඩායමක් විසින් ඔවුන්ගේ ගමනට බාධා කරමින් ප්‍රතිකාරය සොයාගැනීම වලක්වාලනවා. මෙලෙස විකෘතිභාවයට පත්වෙන සත්වයන් සමග ගැටෙමින් ආ කණ්ඩායමට දෙවැනි කතාමාලාවේදී හමුවෙනවා විකෘතිභාවයට පත් වූ මිනිසුන්වද ඒ අනුව ඔවුන් දැනගන්නේ මෙම ව්‍යාධිය තවදුරටත් සත්වයන්ට පමණක් සීමා නොවන බවයි.

කෙලෙසක මුත් ප්‍රතිකර්මයකට ආසන්න වනවාත් සමගම ෂෙපර්ඩ් නම් කණ්ඩායමක් සහ ජැක්සන්ගේ පියා වන රොබට් ඔසී විසින් ප්‍රතිකාරයක් ගැන වූ සිහින බිද දමන්නේ මනුෂ්‍ය වර්ගගේ අවසානයද සනිටුහන් කරමින්. ඔවුන් විසින් නිර්මාණය කළ දෙමුහුම් සත්ව කොට්ටාසයක් ලොව වෙත පියනගද්දී මිනිස් වර්ගයා වදවී යාමකට ලක්වෙනවා. එමෙන්ම මිච් මෝගන්ද දෙවැනි කතාමාලාව අවසන ජිවිතයෙන් සමුගන්නවා.

තෙවන කතාසමයට පාදක වන්නේ වදවී යාමෙන් ගැලවීමට මිනිසා සිදු කරන අරගලයත් දෙමුහුම් සත්වයන්ගේ සිය ජිවිත ගලවා ගැනීමට කරන නොනිමි යුද්ධය යන කරුණු තමයි.මම මෙතකින් නවතිනවා.යසිරු සහෝ සහ රවිඳු සහෝ අද ඉදන් ඔයාලට මේ කතාමාලාව රැගෙන ඒවි.

ලිපිය- නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 265MB |

DBE018435533A310105C096FDEA86AD892F47C58

Direct Download   

| HDTV | LOL | x264 |  265MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *