MENU

Zoo [S03 : E09]| කළු වනාන්තරය…

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මං නවවන කොටහත් අරන් ආවා. අපි කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියන එක ගැන.

කලින් සතියේ දැක්කනේ ඇබිගේල්ගේ අලුත්ම හයිබ්‍රිඩ් ගුවන් යානය ඇතුලේ හෙන කලබැගෑනියක් ඇති කරනවා. යාන්තම් ගේම ගහලා යානය ගොඩ දාගන්න කියලා හදන අල්ලපනල්ලේම මිච් හිටිහැටියේම ඩන්කන් වෙලා තව පිස්සුවක් නැටුවා. ඒත් ජේමි කොහොමහරි ඩන්කන් ගොයියට දෙක තුනක් නෙළලා කාරිය ගුවන් යානය කඩා වැටෙන එකෙන් බේරෙනවා. ඔය අලකලංචි වෙන අතරෙම ජැක්සන්ව හිර කරන් ඉන්න ඇබිගේල් කොහොමහරි ජැක්සන්ව කේන්ති ගස්සවලා සත්තුන්ව පාලනය කරන ක්‍රමය හොයාගන්නවා. ඒවගේම බාධකයේ වැඩ කටයුතුවල නිරත වෙලා ඉන්න ලෝගන් විසින් හොයා ගත්තනේ හයිබ්‍රිඩ් කුඩු දෙක තුනක් එහෙම.

අද කොටස දිහා බැලුවොත් දැකගන්න පුළුවන් මිච් කොහොමහරි යානයෙන් පැනගෙන ඇබිගේල් වෙතට යනවා. ඒ ගිහිල්ලා ක්ලෙම් ගැනයි, හයිබ්‍රිඩ්ලගේ තරල එක්කාසු කරන වැඩේ ගැනයි සේරම දේවල් ඇබිගේල්ගේ කනේ තියනවා. වැඩේ කියන්නේ ක්ලෙම්ගේ බබාගේ තාත්තා, සෑම් පාකර් ඉන්නෙත් ඇබිගේල් එක්ක. පේන විදිහටනම් මිනිහට ජැක්සන් සහ කණ්ඩායම එක්ක නයි වෛරයක් තියෙන පාටයි. කොහොමහරි ෂෙපර්ඩ් කෙනෙක්ගේ සහයත් ඇතුව කණ්ඩායම එනවා ජැක්සන් සහ ඩන්කන්ව ඒ කියන්නේ මිච්ව මුදා ගන්න.

එහෙමනම් මේ කොටසින් මොන මොනවා වෙයිද? තව මොන මොන රහස් එළියට එයිද කියන එක ඔයාලම බලලා දැනගන්න. 10වන කොටසත් කඩිනමින් රැගෙන එන අපේක්ෂා ඇතුව මා සමුගන්නවා. ඔබ සැමට ජය!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | LOL | 207MB |

915B8ADC55975ADBBF9F2F57B6B229EFA606E3D3

Direct Download   

| HDTV | LOL | x264 |  207MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *