MENU

Gotham [S04 : E17] | සහෝදර ප්‍රේමය?

අදත් එහෙනම් ඔන්න මේ සතියෙ ගෝතම් එපිසෝඩ් එක අරගෙන ආවා මං කට්ටියව හම්බෙන්න. පොඩ්ඩක් පරක්කු වුණා ඉතිං. එහෙනම් වැඩි කතා නැතුව පොඩ්ඩක් විස්තරේ බලමුකො.

කට්ටියට මතක ඇතිනෙ ගිය සතියෙ වෙච්ච දේවල්. ටෙච් ගිය සතියෙ කට්ටියව මෝහනය කරලා කරපු පිස්සුව මතක ඇතිනෙ. ඒ ඔක්කොම කළේ ජෙරෝම් ගිහිං එයාට ඕන කරන තොරතුරු ගන්නකනුයි, ක්‍රෙන් ගිහිං එයාගෙ ෆියර් ගෑස් එක ගන්නකනුයි. ඉතිං ජෙරෝම් මේ ගිය සතියෙ හොයාගත්ත තොරතුර අපි දැක්කනෙ මොකද්ද කියලා. ඔව් ලිපිනයක්. අද බලමු ඒ ලිපිනයෙ සම්බන්ධය මොකද්ද කියලා.

අද කතාව පටන් ගන්නෙ ජෙරෝම් හොයාගත්ත ලිපිනයට අදාළ තැනට බෲස් යන සිද්ධියත් එක්ක. එයා යන්නෙ ස්කෝලෙකට. ඒත් ඒ වෙනකොටත් ටෙච් එතනට ගිහිං ඉවරයි. ඉතිං මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන්නෙ. බෲස්ට දැනගන්න ලැබෙනවා ටෙච් එතනින් දැනගෙන තියෙන්නෙ සැන්ඩර් වයිල්ඩ් කියලා එතන ඉගෙන ගත්ත ළමයෙක් ගැන විස්තර කියලා. පස්සෙ එතනට එන ජේම්ස් ගෝඩ්න් බෲස්ගෙන් බලෙන් වගේ මේ විස්තරේ දැනගන්නවා. කොහොම හරි ජෙරෝම් දැන් මේ අදාළ නම තියෙන කෙනාව හොයාගෙන යනවා. එතනින් එහාට මං කතාව කියන්න ගියොත් රසය නැති වෙන නිසා මං මෙතනින් විස්තරේ කියන එක නවත්තන්නම්. කොහොම හරි අන්තිමට අපිට ජෝකර්ගෙ සිනහා වායුව හෙවත් ජෝකර් වෙනම් එක බලාගන්න පුළුවන් වෙනවා. හැබැයි පාට, කොළ පාට නෙවෙයි. දම් පාට. ජෝකර් වෙනම් එකමද කියලා කියන්නත් බෑ දැන් සීරියස් එක යන විදිහට. මොකද ජෙරෝම්ව ජෝකර් කරන්නත් යනවා වගේ දැනෙනවා. ( ඒ වුණාට දැන් අන්තර්ජාලය නිකුත් වෙලා තියෙන විස්තරේ පින්තූර එහෙම දැක්කම ජෝකර් වෙන්නෙ අදාළ අනිත් කෙනා කියලත් හිතෙනවා). ලබන සතියෙ එන්න තියෙන එපියෙ ප්‍රමෝ එක දැක්කහම නම් මට හිතෙන්නෙම 1989 Batman ෆිල්ම් එකේ අන්තිමට ජෝකර් බැලූන් වගයක් පාවිච්චි කරලා ගෝතම් නගරය පුරාම ජෝකර් වෙනම් එක මුදාහරිනවා වගේ වැඩක් තමා ජෙරෝම් කරන්න යන්නෙ කියලා. නමුත් හරියටම කියන්න බෑ. හැබැයි ජෙරෝම් සිනහා වායුව නම් ගෝතම් වලට නිදහස් කරන්න හදනවා කියන එක හොඳටම පැහැදිලියි.

ජය වේවා…!!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 260MB |

  2b9c8593bf0265e409105fac57dac4258264abf3

Direct Download    

| HDTV | 480p | x264 |  150MB |      

  

| HDTV | 720p | x265 |  205MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *