මෙය වෙනත් ලෝකයක කතාවකි.
එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි.
මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා,
එය ඩීමන් නමින් හදුන්වනවා.
මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි.
සියවස් ගණනාවක් මෙම ලෝකය
පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්.
නමුත් ඈත උතුරුකරයේ
මායාකරුවන් අනාවැකියක් පළකළා.
ශ්‍රේෂ්ඨ දෛවයක් හිමි
දරුවෙකු ගැන අනාවැකියක්.
මහා ජලගැල්ම ඇති වූ සමයෙ
එම දරුවා ඔක්ස්ෆර්ඩ් වෙත රැගෙන ආවා.
His Dark Materials කතාමාලාව HBO සහ BBC ONE නාළිකාවන්හි නිෂ්පාදනය වන්නෙ සුප්‍රසිද්ධ නව කතා රචකයෙකු වන Philip Pullmanගෙ තුන්ඈදුතු නව කතාවන් වන Northern Lights (1995) (මෙය උතුරු ඇමරිකාවේ Golden Compass යන නමින් ප්‍රකාශයට පත් විය), The Subtle Knife (1997), and The Amber Spyglass (2000) යන පොත් ත්‍රිත්වය ඇසුරින්. එසේම මේ වන විට IMDB දර්ශකයේ 8.6ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයෙ පවා 83%ක් වැනි අගයක් ලබාගන්න මෙම කතාව සමත්ව තිබෙනවා.
2007 වර්ෂයේ NEW LINE CINEMA විසින් The Golden Compass යන නමින් සිනමාපටයක්ද නිකුත් කොට තිබෙනවා.
ඉතින් එයින් පසුව වර්ෂ 2019 HBO සහ BBC නාළිකාවල සම අනුග්‍රහයෙන් නිපද වූ මේ කතාමාලාවේ ප්‍රධාන චරිතයන් සදහා LOGAN සිනමාපටයේ ලෝරාගෙ චරිතය රග පෑ Dafne Keen විසින් මෙහි ප්‍රධාන චරිතය වන ලයිරා බ්ලැකුවාගෙ චරිතයට පණ පොවනවා. එසේම X MEN සිනමාපට මාලාවේම චාල්ස් සේවියර් චරිතය පණ දුන් James McAvoy විසින්ද මෙහි ප්‍රධාන චරිතයක් නිරුපණය කරනවා. සෙසු චරිත සදහාද සිනමාපට මෙන්ම ටීවී කතාමාලාවල ඔබට බොහොම හුරුපුරුදු පිරිසක් විසින් රංගන දායකත්වය සපයා තිබෙනවා. එසේම මෙහි ඇති අනිත් විශේෂත්වය වන්නෙ BBC නාලිකාව විසින් වැඩිම පිරිවැයක් දරා නිපදවූ ටීවී කතාමාලාව මෙය වීමත් පළමු කතාමාලාව තිරගත වීමට මත්තෙන්ම මෙහි දෙවැනි කතාමාලාවක් නිපදවෙන බවට ප්‍රකාශ වීමත් ය.
ඉතින් කතාව මෙන්න මෙහෙමයි, ලයිරා කියලා අනාථ ගෑණු ළමයෙක් ඉන්නවා. ඉතින් මේ ගෑණු ළමයාගෙ මාමා ඒ කියන්නෙ වංශාධිපති ඇස්රියෙල් විසින් ළමයාව කුඩා කාලයෙම ජෝර්ඩන් විද්‍යාලය ගෙනවිත් බාර දෙනවා හදාගන්න කියලා. ඉතින් වසර දොළහක කාලයක් ලයිරා හැදී වැඩෙන්නේ ජෝර්ඩන් විද්‍යාලයීය සෙවණේ සිප්සතර හදාරමින්. නමුත් ඉහතින් සදහන් කළාක් මෙන් ශ්‍රේෂ්ඨ දෛවයකට හිමිකම් කියන ලයිරාට සිද්ධ වෙනවා තමන්ගෙ ඉරණම් කතාව ලියන්න විද්‍යාලයෙන් පිටව යන්න. ඒ වගේම ලයිරාගෙ මාමා ඒ කියන්නෙ වංශාධිපති ඇස්රියෙල් සොයා ගන්නා ලද දෙයක් හේතුවෙන් ලයිරාගෙ ලෝකය පාලනය කරන්නා වූ මහා සභාව විසින් ඇස්රියෙල්ව සහ ලයිරාව හොයන්න යන එකත් එක හේතුවක් වෙනවා.
ඉතින් කියන්න තියෙන්නෙ මෙච්චරයි ඔබ ෆැන්ටසි කතාවලට කැමති අයෙක්නම් ඔබ මේ කතාවට ඇබ්බැහි වනවා නොඅනුමානයි. මා විසින්ම උපසිරසි ගෙනා The Shannara Chronicles නරබා ඇත්නම් ඔබට කියන්නෙ මේක බැලුවා කියලත් ඔබේ කාලය අපතේ ගියා කියලා දුක් නොවේවි. ඒ වගෙම මේ කතාමාලාව උපසිරසි ගැන්වීමේ වගකීම මා ඇතුළු කීපදෙනෙක් බාරගෙන ඉන්නෙ. කොටින්ම මම මේක කරන්න හිටිය එකකුත් නෙවේ. අපේ රවිදු රුක්ෂාන් සහෝදරයාගෙන් බේරෙන්න බැරිම තැන තමා මේ කළේ. ඉතින් මෙහි පූර්න වගකීම රවිදු මළයාගෙ.
ඉතින් ලයිරාගේ ශ්‍රේෂ්ඨ දෛවය සම්පූර්ණ කිරීම උදෙසා ඈ යන සංචාරයේ කොටස්කරුවෙකු වන්නයැයි ඔබට ආරාධනා කරමින් මා සමුගන්නවා.
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| HDTV | x264 | SD | 370MB |
Direct Download
| HDTV | x264 | 480p | 220MB |
| HDTV | x264 | SD | 370MB |
x265
| HDTV | x265 | 720p | 270MB |